අපනයන නිෂ්පාදනයන්හි අගය වැඩිකිරීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය පසුගිය 12 වැනිදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
ඒ අනුව, මෙරට අපනයනකරුවන්ට තම අපනයන නිෂ්පාදන නූතන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ගෝලීය ඉල්ලුමට සරිලන ලෙස දියුණු මට්ටමකට රැගෙන යාමට අවශ්‍ය තාක්ෂණික හා පර්යේෂණික සහාය ලබාදීමට පහසුකම් සැලසෙනු ඇත.
අවබෝධතාව ගිවිස ගැනීම, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපතිනී සහ ප්‍රධාන විධායිකා ඉන්දිරා මල්වත්ත මහත්මියද, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය මහේෂ් අමලීන් මහතාද ඒ සඳහා අත්සන් තැබීය.
මෙම අවබෝධතාවය අනුව ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ ශාඛාවක් කොළඹ 02, නවම් මාවතේ, අංක 42 දරණ ස්ථානයේ NDB-EDB ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ස්ථාපිත වන අතර, මෙරට අපනයනකරුවන්ට ස්ලින්ටෙක් හි උපාය මාර්ගික හා ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන්ගේ සේවය එම ස්ථානයේදී පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
අවබෝධතා ගිවිසුම් ප්‍රකාරව, නවෝත්පාදන වෙළෙඳ පොළ උදෙසා වන හඳුන්වාදීම් වෙනුවෙන් අපනයනකරුවන් දැනුවත් කිරීමේ ‘විද්‍යා සායන‘ සතිපතා පැවැත්වීමටද නැනෝ තාක්ෂණ ආයතනය බලාපොරොත්තු වන අතර, ඒ යටතේ හිමිවන තාක්ෂණික පහසුකම් හා නිපුණතාව සිය නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා යොදාගන්නා ලෙසද අපනයන සංවර්ධන මණ්ඩලය මෙහිදී අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
තවද, අපනයන පරිමාව ඉහළ නැංවීමේ ශක්‍යතාවකින් යුතු නිෂ්පාදනවල පර්යේෂණ හෝ සංවර්ධන කටයුතු සිදුකිරීම වෙනුවෙන් අපනයනකරුවන්ට මූල්‍ය පහසුකම් සැලසීම කෙරෙහිද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අවධානය යොමුව ඇති බැව මෙහිදී සඳහන් කෙරිණි.