අනුරාධපුරය නගරය අලංකරණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රථම පියවර ලෙස අනුරාධපුර පොලිසිය අසල ඩී.එස්. සේනානායක වටරවුම සංවර්ධනය කිරීමේ කටයුතු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා අතින් ආරම්භ කෙරිණි.
මෙම වැඩසටහන ලබන පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට අපේක්ෂිත අතර, අනුරාධපුර නගරයේ සියලුම වටරවුම් එකම ආකාරයකට සකස් කිරීම මෙහි අරමුණ වී තිබේ.
නගර අලංකරණය සඳහා මධ්‍යම රජය, උතුරු මැද පළාත් සභාව, අනුරාධපුර මහ නගර සභාව හා ව්‍යාපාරික ප්රජාවද එක්ව සිටින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.