තිරසාර මානව සංවර්ධනය සඳහා අනාගත දැක්ම හා නවෝත්පාදනය පිළිබඳ ප්‍රථම ශ්‍රී ලංකා ජාතික සමුළුව මැයි 24 වැනිදා ආරම්භ වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන මෙම සමුළුව ආරම්භ වන්නේ විකල්ප අනාගතයක් නම් සැසියකිනි.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, සර්වෝදය, LIRNEasia, එක්සත් ජාතීන්ගේ ගෝලීය එකඟතාව (UNGC) සහ ශ්‍රීලංකා වාණිජ මණ්ඩලය ප්‍රධාන හවුල්කරුවන් ලෙසද, සිලෝන් බිස්කට්ස් සමාගම සමුළු හවුල්කරුවෙකු ලෙසද, සමුළුවට දායක වේ.
මෙම සමුළුවේදී තිරසාර මානව සංවර්ධනය හා 2030 සංවර්ධන න්‍යාය පත්‍රය මුදුන් පමුණුවා ගැනීමේදී අනුගමනය කෙරෙන සාම්ප්‍රදායික සංවර්ධන සැලසුම්කරණ ක්‍රියාවලීන්ට දූරදර්ශී භාවය හා නාවෝත්පාදනය මගින් අගයක් එකතු කිරීමේ වැදගත්කම පිළිබඳව ජාතික සංවාදයක් ආරම්භ කරන බවද පැවසෙයි.