ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඩ්, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ලිමිටඩ් යන සමාගම්හි සභාපති ධුරය සඳහා 2016 අප්‍රේල් මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ශාමල් මෙන්ඩිස් මහතා අභිනවයෙන් පත් කර ඇති බව එම සමාගම් නිවේදනය කරයි. ඔහු එම ආයතනයන්හි විධායක අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කරනු ඇති අතර, හිටපු සභාපති සුමිත් කුමාරණතුංග මහතා විශ්‍රාම යාමත් සමග ඔහු එම තනතුරට පත්ව තිබේ.
ශාමල් මෙන්ඩිස් මහතා 1994 වසරේ සිට 1998 වසර දක්වා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඩ් හි (DPMC) සේවය කළ අතර, 2015 අගෝස්තු මස DPMC සහ ඩී.පී. ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි විධායක නොවන අධ්යක්ෂ ධුරයද හොබවා ඇත.
ඔහු වරලත් මූල්‍ය විශ්ලේෂකයෙකු (CFA) වන අතර, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ (ICASL) සහ එක්සත් රාජාධානියේ වරලත් ගණකාධිකාරී කළමනාකරණ ආයතනයේ (CIMA) සාමාජිකත්වයද හොබවයි. එමෙන්ම මූල්‍ය සේවා ක්ෂේත්රයට ස්වාධීන මෘදුකාංග සේවා සපයන Sasia-Net පෞද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්යක්ෂ ධුරයද ඔහු විසින් දරනු ලබයි.