CSE ගනුදෙනු ආරම්භය මැලේසියානු අමාත්‍යවරයා අතින්
මැලේසියානු අග්‍රාමාත්‍ය දෙපාර්තමේන්තුවෙහි, ඉදිකිරීම් කටයුතු පිළිබඳ ඉන්දියා හා දකුණු ආසියානු විශේෂ නියෝජිත සේරි උටාමා එස්. සාමිවෙල්ලු මහතා විසින් උත්සවාකාරයෙන් සීනුව නාද කිරීමෙන් පසුගිය 26 වැනිදා කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කටයුතු ආරම්භය සනිටුහන් කළේය
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්ප්රදායක් වන සීනුව නාද කර ගනුදෙනු ආරම්භ කිරීමේ සම්ප්රදාය අනුගමනය කරමින් ශ්‍රී ලංකාවද නව ලැයිස්තු ගතවීම්වල පළමු වැනි ගනුදෙනු දිනයේදී හා ගෞරවනීය පුද්ගලයින්ගේ කොටස් වෙළෙඳ පොළ සංචාර සමරමින් සීනුව නාද කර වෙළෙඳ පොළ ආරම්භ කරයි.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපති තිලක් කරුණාරත්න මහතා, කොළඹ කොටස් වෙළෙඳ පොළේ සභාපති වජිර කුලතිලක මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ධම්මික පෙරේරා, තැරව්කාර ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

