ශ්‍රී ලංකා ව්‍යපාර ක්ෂේත්රයේ උන්නතිය සදහා නිරන්තරයෙන් දායකත්වය ලබාදෙන ආයතනයක් ලෙස ප්‍රචලිත කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව (CIMA Sri Lanka) සහ Lanka Monthly Digest (LMD) එක්ව පසුගිය දෙසැම්බර් 01 වැනිදා ශ්‍රී ලංකාවේ බලගතු ආයතන ලබාදෙන දායකත්වය සැමරීම සඳහා, අති උත්කර්ෂවත් සම්මාන උලෙළක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
ලොව ප්‍රධාන පෙළේ ආයතන සුපතල %ෆෝචූන් 500^ (Fortune 500) මගින් ශ්‍රේණිගත කරන්නාක් මෙන් Lanka Monthly Digest (LMD) මගින් කරන්නා වූ ශ්‍රී ලංකාවේ ආයතන ශ්‍රේණිගත කිරීම් සැමගේ විශ්වාසයට සහ පිළිගැනීමට පාත්‍ර වී තිබේ. LMD 100 මගින් ශ්‍රේණිගත කිරීමේදී පාදක කරගන්නේ ආයතනයක් සිය ආයතනික රටාව කෙසේ සකසා ගන්නේද යන්න වුවද, ප්‍රධානතම තේරීම් නිර්ණායකය වන්නේ එක් එක් ආයතනයන්හි තනි පිරිවැටුමකි. මුල්‍ය වර්ෂ 2014/ 2015 ඉතාමත් බලගතු ආයතන තෝරාගැනීමේ ක්‍රියාවලියේදී විවිධ ක්ෂේත්රයන්හි නියැලි ආයතන පිළිබඳව සවිස්තරාත්මකව කරුණු සොයා බැලීමක් සේම, කොළඹ කොටස් වෙළෙඳ පොළ මගින් වර්ගීකරණය කර ඇති අංශය අනුව ආයතන තෝරා බේරාගනිමින් එක් එක් අංශයෙන් විශිෂ්ට ප්‍රගතියක් අත්කරගත් ආයතනද තෝරා ගැනීමට කටයුතු කරනලද බව පෙන්වා දෙයි.
එදින රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත් වූ අවස්ථාවේදී ආයතන 20 ක් පිළිගැනීමට ලක්කරන ලද අතර ආයතනයන්හි සම්පූර්ණ ලයිස්තුවක් වසර අගදී ප්‍රකාශයට පත්කරන බවද පෙන්වා දෙයි.
මෙවර උත්සවයේ ප්ලැටිනම් අනුග්‍රාහකත්වය Millenium IT ආයතනය මගින්ද, රන් අනුග්‍රාහකත්වය Guardian Aquity Asset Management Ltd , Oracle, Sri Lanka Telecom සහ Commercial Credit යන ආයතන මගින්ද, රිදී අනුග්‍රාහකත්වය හොන්ඩා ආයනය මගින්ද දක්වන ලද බවත්, නිල බැංකුකරු ලෙස මහජන බැංකුව ක්‍රියා කළ බවත් පවසා සිටියි.
ඒ අනුව, මුල්‍ය වර්ෂ 2014/ 2015 හිදී පිළිගැනීමට ලක් වූ LMD 100 Hall of Fame තත්ත්වය අත්කර ගත් ආයතන වන්නේ,
1. Hayleys PLC
2. John Keells Holdings PLC
3. Bukit Darah PLC
4. Lanka IOC
5. Commercial Bank of Ceylon PLC
6. Dialog Axiata PLC
7. Sri Lanka Telecom PLC
8. Hatton National Bank PLC
9. CT Holdings PLC
10. Cargills (Ceylon) PLC
11. Expolanka Holdings PLC
12. Sampath Bank PLC
13. Lanka Orix Leasing Company Ltd
14. Vallibel One PLC
15. Softlogic Holdings
16. Richard Pieris & Company PLC
17. Colombo Fort Land and Building Company
18. Aitken Spence PLC
19. Nestle Lanka PLC
20. Hemas Holdings
මේ අතර, කොළඹ කොටස් වෙළෙඳ පොළ නියමිත කර ඇති අංශ අනුව එක් එක් අංශයෙන් මුල් තැන හිමි වූ ආයතන වන්නේ,
මෝටර් රථ අංශය – Diesel & Motor Engineering PLC
බැංකු මූල්‍ය සහ රක්ෂණ අංශය – Commercial Bank of Ceylon PLC
රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ අංශය - CIC Holdings PLC
ගබඩා සහ සැපයුම් අංශය - E.B. Creasy & Company PLC
සන්නිවේදන අංශය - Dialog Axiata PLC
වෙළෙද අංශය - Singer (Sri Lanka) PLC
තෙල් සහ පාම් අංශය - Bukit Darah PLC
ආයෝජන භාර අංශය - Lanka Century Investments PLC
ආහාර පාන සහ දුම්කොළ අංශය - Cargills (Ceylon) PLC
ඉඩම් සහ ඉඩකඩම් අංශය - Overseas Realty (Ceylon) PLC
ඉදිකිරීම් සහ ඉංජිනේරු අංශය - Access Engineering PLC
සෞඛ්‍ය සත්කාරක සේවය අංශය - Asiri Hospital Holdings PLC
හෝටල් සහ සංචාරක අංශය - Aitken Spence Hotel Holdings PLC
පාවහන් සහ රෙදිපිළි අංශය - Hayleys Fabric PLC
නිෂ්පාදන අංශය - Tokyo Cement Company (Lanka) PLC
වැවිලි කර්මාන්ත අංශය - Kotagala Plantations PLC
විවිධාංගීකරණ අංශය - Hayleys PLC
විදුලිබල සහ බල ශක්ති අංශය - Lanka IOC PLC