කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය (CIMA) යාවත්කාලීන කරන ලද CIMA ව්‍යාපාර ගිණුම්කරණ සහතිකපත් පාඨමාලාව CIMA Certificate in Business Accounting (Cert BA) මෙරට සිසු සිසුවියන් වෙනුවෙන් දියත් කර තිබුණි. මෙම අවස්ථාව පසුගියදා සිය අධ්‍යාපන පහසුකම් සපයන්නන් සහ සේවායෝජකයන් සහභාගී කරගනිමින් පවත්වන ලද උත්සවයකදී සිදුකළ බව CIMA ආයතනය පවසයි.
2017 වසරේ ජනවාරි මස සිට පරීක්ෂණ සඳහා වලංගු වන මෙම පාඨමාලාවේ කාලෝචිත බව සහ අනුකූලතාව සහතික කිරීම සඳහා ගෝලීය කර්මාන්ත අළලා කරනලද අධ්‍යාපනික පර්යේෂණ ඉතා දැඩි ලෙස අනුගමනය කරමින් පාඨමාලාවේ අන්තර්ගත කරුණු පූර්ණ සමාලෝචනයකට සහ නව්‍යකරණයට ලක්කර ඇති බව ඔවුන් පවසයි. එහිදී, ගෝලීය පර්යේෂණ සඳහා යොදාගත් ආයතන අතරට ශ්‍රී ලංකාවේ රාජ්‍ය, පෞද්ගලික සහ ලාභ නොලබන සුළු සහ මධ්‍යම පරිමාණයේ මෙන්ම විශාල පරිමාණයේ ගෝලීය ආයතනද අයත් වී තිබේ. යාවත්කාලීන කරනලද පාඨමාලාව මූල්‍ය ක්‍රියාවලියේ වෙනස් වන කාර්යය භාරය සඳහා අතිශයින් වැදගත් වන ගුණාත්මක විශ්ලේෂණ කුසලතා, අන්තර්දෘෂ්ටිය සහ බලපෑම යනාදී කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් සකසා ඇති බවද පෙන්වා දෙයි.
CIMA ව්‍යාපාර ගිණුම්කරණ සහතිකපත් පාඨමාලාව ඕනෑම පුද්ගලයෙකුට ව්‍යාපාර ගිණුම්කරණ පිළිබඳ මූලික සිද්ධාන්ත පහසුවෙන් ග්‍රහණය කිරීමට හැකි අයුරින් සකසා ඇති බවද පවසයි. ඒ අනුව, මෙම පාඨමාලාව තනි පාඨමාලාවක් ලෙස හදාරා සහතික පත ලබාගැනීමේ අවකාශ තිබුණද, වෘත්තිය සුදුසුකම ලබා ගැනීමේදී තිබිය යුතු මූලික සුදුසුකමක් ලෙස තවදුරටත් සලකනු ලබන බවද පෙන්වා දෙයි. වාස්තවිකතාව, අවංක බව සහ සදාචාරාත්මක බව තහවුරු වන අයුරින් සකසා ඇති CGMA ප්‍රවීණතා රාමුවට අයත් ඉගෙනුම් සහ දැනුම් පරාස හතරක් වන තාක්ෂණික, ව්‍යාපාර, මානව සම්පත් සහ නායකත්ව කුසලතා යන අංගද, 'Three Learning Pillars’ ව්‍යුහයද අන්තර්ගතව සකසා ඇති යාවත්කාලීන කරනලද CIMA ව්‍යාපාර ගිණුම්කරණ සහතිකපත් පාඨමාලාව (Cert BA), CIMA වෘත්තීමය සුදුසුකම ලබාගැනීමේදී ඒ හා වඩාත් හොදින් ගැලපෙනු ඇති බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.