ශ්රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 37 වැනි ජාතික සමුළුව එළැඹෙන ඔක්තෝබර් 19 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. විශේෂයෙන්ම සමාගම් සහ ව්යාපාරික ක්ෂේත්රයේ නායකයන්ට සිය උපරිම සාර්ථකත්වය ළගා කරගැනීම සඳහා සිය දක්ෂතා උපරිමව පෙන්නුම් කිරීම සඳහා සහාය දැක්වීමක් ලෙස මෙවර සමුළුව සංවිධානය කෙරන බව එම ආයතනය පවසයි.
ඒ අනුව මෙවර සමුළුව %සිතුවිලි මුදාහරින්න^ යන තේමාව යටතේ පැවැත්වෙන බවත් මේ හරහා ව්යවසාකයන්ගේ සහ වෘත්තිකයන්ගේ හැකියාවන් සම්බන්ධව වැඩි අවධානය යොමු කරන බවත් පැවසෙයි. එසේම එම හැකියාවන් රටට ලබා ගැනීම සහ ශ්රී ලංකාව ගෝලීය මට්ටමේ තරගකාරී රටක් බවට පත් කිරීම මින් බලාපොරොත්තුවයි.
මෙවර සමුළුව සඳහා වරලත් ගණකාධිකාරීවරුන් සහ ව්යාපාරික නායකයන් ඇතුළු 1500 කට ආසන්න පිරිසක් පැමිණීම අපේක්ෂාවයි. එසේම සුපුරුදු පරිදිම මෙවර සම්මේලනය සඳහා දේශීය සහ විදේශීය දේශකයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක්ද සහභාගිවීමට නියමිතව සිටියි.