ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයේ (CA Sri Lanka) 22 වැනි නව සභාපති ලෙස අර්ජුන හේරත් මහතා පත්කර ගැනීමේ උත්සවය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ජාත්‍යන්තර ගණකාධිකාරී සම්මේලනයේ (IFAC) සභාපති වොරන් ඇලන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පසුගියදා පැවැත්විණි.
එහිදී අර්ජුන හේරත් මහතා විසින් චාරිත්‍රානුකූලව වැඩභාර ගන්නා ලදී.
කීර්තිමත් වර්ලත් ගණකාධිකාරීවරයෙකු වන හේරත් මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ වසර 20 ක අත්දැකීම් සහිත සාමාජිකයෙකු වේ. ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගිණුම්කරන සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය ඇතුළු නියාමන ආයතනවලටද තම සේවය ලබාදී ඇති අතර, මෙරට ගිණුම්කරන, ප්‍රමිතිකරණ කමිටුවේ සහ විගණන ප්‍රමිති කමිටුවේ සාමාජිකත්වයද දරයි.
මීට අමතරව ජාත්‍යන්තර ගිණුම්කරන ක්ෂේත්‍ර‘යේ විවිධ කටයුතුවල නිරත ඔහු සාක් රටවල ප්රධානතාම ගණකාධිකරණ ව්‍යුහය ලෙස සැලකෙන දකුණ ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. එසේම ලොව පුරා රටවල් 130 ක ගණකාධිකාරීවරු මිලියන 2.5 කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරන ගණකාධිකාරී වෘත්තියේ ජාත්‍යන්තර ව්‍යුහය ලෙස සැලකෙන ජාත්‍යන්තර ගණකාධිකාරී සම්මේලනයේ (IFAC) හි වෘත්තීය ගණකාධිකාරී සංවර්ධන කමිටු සාමාජිකයෙකු ලෙසද ක්‍රියා කරනු ලබයි.
වසර 1990 දී වරලත් ගණකාධිකාරීවරයෙකු ලෙස සුදුසුකම් ලත් හේරත් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව සඳහා BSc හා MA උපාධි හිමිකර ගැනීමට සමත්ව තිබෙන අතර, ඔහු එක්සත් රාජධානියේ ස්ට්රැඑහක්ලයිඩ් විශ්වවිද්‍යාලයේ MBA උපාධියක්ද ලබාගෙන තිබේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපති සුජීව රාජපක්ෂ, දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ (SAFA) සභාපති සුබෝද් කුමාර අග්ර්වාල් සහ ආසියානු හා පැසිෆික් ගණකාධිකාරී සමූහ සම්මේලනයේ (CAPA) ප්‍රධාන විධායක බ්‍රයන් බ්ලඩ් යන පිරිසද එක් වී සිටියහ.
මෙම අවස්ථාවේදී බී.ආර්.ද සිල්වා විගණන සමාගමේ හවුල්කරුවෙකු වන ලසන්ත වික්‍රමසිංහ මහතාද ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව උප සභාපති ලෙස තම ධුරයේ වැඩ භාරගත්තේය.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු