ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් සංවිධානය කරනු ලබන 35 වැනි ජාතික සමුළුව 'ප්‍රකෘතිමත් වීම සඳහා යළි සිතන්න' (Rethink to Revive) යන තේමාව යටතේ මෙවර පැවැත්වෙන බව එම ආයතනය පවසයි.
ඒ සඳහා ව්‍යාපාරික නායකයන් ඇතුළු වරලත් ගණකාධිකාරීවරු, ශ්‍රී ලංකාව සහ එහි සංවර්ධනය උපරිම ලෙස විදහා දැක්වීමට හේතු වන සාර්ථකත්වය ඉහළ නැංවීම වෙත ආයතන යොමු කරවීමට අදාළ තේමාව යටතේ සිත් යොමු කිරීම සඳහා එක්රැස්වෙනු ඇති බවද පැවසෙයි.
පසුගිය දශක තුනහමාරක කාලය තුළ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) මගින් සංවිධානය කරනු ලබන මෙම සමුළුව සිතිවිලි පුබුදුවන සහ පුළුල් ආර්ථික සහ ව්‍යාපාරික ගැටලු කෙරෙහි දැනුම ව්‍යාප්ත කෙරෙන ව්‍යාපාරික සමුළුවක් ලෙස ප්රකටය.
2014 ඔක්තෝබර් මස 23 සිට 25 වැනිදා දක්වා බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්වෙන මෙම සමුළුව දින දෙකක තාක්ෂණික සැසියන්ගෙන් යුක්ත වන අතර, එහිදී විශිෂ්ට ගණයේ දෙස් හා විදෙස් ප්‍රවීණයන් රැසක් නිසි මූල්‍ය පාලනයක් මගින් අභියෝග, අවස්ථා බවට පරිවර්තනය කරන්නේ කෙසේද? යන්න පිළිබඳවද අවධානය යොමු කරමින් වර්ධනය වන අභියෝගයක් ජය ගැනීමට පවතින ව්‍යාපාරික ආදර්ශයක් හා ගතානුගතික ඥානයන් නැවත ප්‍රකෘතිමත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව තම දැනුම බෙදාගනු ඇති බව පෙන්වා දෙයි.