ලොව පුරා කාලයෙන් කාලයට මෙවැනි සිදුවීම් ඇතිවිය හැකි බවත්, නමුත් එවැන්නක් අපේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති නොකරනු ඇති බවත් කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතා පවසයි.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් බවත්වීමට Brexit ජනමතවිචාරණයේදී ලබාදුන් තීන්දුව අපේ ආර්ථිකය සම්බන්ධයෙන් කෙසේ බලපානු ඇතිද යන්න පිළිබඳ අදහස් දක්වමින් ඔහු මෙසේ පවසා සිටියේය.
එහිදී, කංකානම්ගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ජාත්‍යන්තරයේ සිදුවීම් මත වෙනස්වන ආර්ථිකයකට වඩා දේශීය ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම වඩා වැදගත් බවයි. ඒ සඳහා මෙරට ව්‍යාපාරික ප්‍රජාව බලගැන්වීම හැර අන් විකල්පයක් නොමැති බවත්, එවැනි තත්ත්වයකට මුහුණදීම සඳහා දෙවැනි විසඳුමකට අනිවාර්යයෙන් යෑමේ අවශ්‍යතාවත් ඔහු මෙහිදී මතු කළේය.