AIIB (Asian Infrastructure Investment Bank)හෙවත් ආසියානු යටිතල පහසුකම් හා ආයෝජන බැංකුවේ පාලක මණ්ඩල රැස්වීම පසුගිය 16 වැනිදා චීනයේ බීජිං නුවරදී ආරම්භ වූ අතර, මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා එම අවස්ථාවට සහභාගී වී තිබේ.
ජනවාරි 16 වැනිදා ආරම්භ වී 18 වැනිදා දක්වා තෙදින පුරා පැවති මෙම රැස්වීම සඳහා එම බැංකුවේ සාමාජික රටවල් 57ක් නියෝජනය කරමින් මුදල් අමාත්‍යවරු ඇතුළු මූල්‍ය ක්ෂේත්රයේ විශේෂඥයෝ ඊට සහභාගී වී සිටියහ.
චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් AIIB බැංකුවේ විධායක මණ්ඩල සාකච්ඡාව ආරම්භ වී තිබුණි.
චීන රජය කේන්ද්‍ර කර ගනිමින් ඉකුත් 2015 වසරේ ආරම්භ කරන ලද ආසියානු යටිතල පහසුකම් හා ආයෝජන බැංකුව මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා මුල්‍යාධාර ලබාදීම සිදුකරනු ලබයි.