WealthTrust Securities මූලික කොටස් නිකුතුව අවසන් වෙයි
ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරත්වය සනාථ කරමින්, WealthTrust Securities Limited (WTS) සමාගම විසින් පසුගියදා නිකුත් කළ මූලික කොටස් නිකුතුව (IPO) සඳහා ආයෝජකයින්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් හිමිව තිබේ.
2025 දෙසැම්බර් 17 වැනි දින උදෑසන විවෘත කෙරුණු මෙම කොටස් නිකුතුව, ලැබුණු විශාල ඉල්ලුම හේතුවෙන් එදිනම පස්වරු 4.30 ට වසා දැමීමට සමාගම තීරණය කළේය.
මෙම කොටස් නිකුතුව සඳහා රු.බිලියන 7.5ක වටිනාකමකින් යුත් අයදුම්පත් ලැබී ඇති අතර, එය බලාපොරොත්තු වූ ප්‍රමාණය මෙන් 14.9 වාරයකින් (Oversubscribed) ඉහළ යාම විශේෂත්වයකි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ 'දිරි සවි' පුවරුවේ ලැයිස්තුගත වීමේ අරමුණින්, එක් කොටසක් රුපියල් 7.00 බැගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 71,548,244 ක් මෙහිදී නිකුත් කෙරිණි. එමඟින් රුපියල් 500,837,708 ක ප්‍රාග්ධනයක් රැස් කිරීමට සමාගම අපේක්ෂා කළේය.
මෙම සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් WealthTrust Securities Limited හි කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රොමේෂ් ගෝමස් මහතා මෙසේ පවසා සිටියේය.
"මෙය WealthTrust Securities සමාගම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. අප කෙරෙහි විශ්වාසය තබා කොටස්කරුවන් බවට පත් වූ සියලුම ආයෝජකයින්ට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා. මෙයට ලැබුණු අතිමහත් ප්‍රතිචාරය පිළිබඳව අප නිහතමානීව සතුටු වන අතරම, සෑම අයදුම්කරුවෙකුගේම සම්පූර්ණ ඉල්ලුම සපුරාලීමට නොහැකි වීම පිළිබඳව අපි කණගාටු වෙනවා. මෙම ප්රාග්ධනය සමාගමේ අනාගත වර්ධනය උදෙසාත්, සියලුම කොටස්කරුවන් වෙනුවෙන් උපරිම වටිනාකමක් නිර්මාණය කිරීම වෙනුවෙනුත් කැප කිරීමට බලාපොරොත්තු වෙනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

