Voyage Sri Lanka 2025 සමුළුව සාර්ථකව අවසන්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කළ Voyage Sri Lanka 2025 ජාත්‍යන්තර සාමුද්‍රීය සමුළුව, අති සාර්ථකව 2025 ඔක්තෝබර් 16 වැනි දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අවසන් විය. “ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවයන් අනාවරණය කිරීම” යන තේමාව යටතේ පැවැති මෙම සමුළුව, රටවල් 06 ක නියෝජිතයින් ඇතුළුව 250 කට අධික දෙස් විදෙස් නියෝජිතයින්ගෙන් සමන්විත විය.
ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය හා එහි විභව ආයෝජන අවස්ථාවන් තේමා කොටගත් එලදායි දේශනයන්, සාකච්ඡා වටයන් , දේශීය වශයෙන් නිෂ්පාදිත බෝට්ටු ප්‍රදර්ශනයක් ,B2B හමුවීම් හා ජාලකරණ සැසි වලින් පරිපූර්ණ විය.
මෙම සමුළුව, රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයෙහිම ව්‍යවසායකයින්, ආයෝජකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කර්මාන්ත විශේෂඥයින් ඇතුළුව සහභාගී වූ පාර්ශවකරුවන් ට, නීල ආර්ථිකයේ අවස්ථාවන් විවර කර ගැනීම උදෙසා වැදගත් වේදිකාවක් ලෙස කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා විසින් ආරම්භක දේශනය සිදු කරන ලද අතර ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම, නැව් නිෂ්පාදන හා නැව් අලුත්වැඩියා කර්මාන්තය, අක්වෙරළ සේවා,බෝට්ටු තැනීම, ධීවර හා ජලජීවී වගාවන්, සහ නාවුක සංචාරක ක්ෂේත්රය තිරසාරව දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී.
සමුළුව සදහා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ,අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු අමුත්තන් සහභාගී වූ අතර, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා ඒ අතර විය.
සෙලාන් බැංකුව, Lanka Maine Services, Lanka IOC, Hayleys Advantis, ශ්‍රී ලංකා සමුද්‍ර කර්මාන්ත මණ්ඩලය (CMISL) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, Voyage Sri Lanka 2025 සමුළුව සාර්ථක කර ගැනීම උදෙසා සමාදර අනුග්‍රාහකත්වයන් සපයන ලදී.
සමුළුව සහ එහි සාර්ථකත්වය සම්බන්ධයෙන් වැඩි විස්තර, www.voyagesrilanka.lk නිල වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට හැකියාව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

