Suzuki Grand Vitara සහ Yamaha FZ-S FI එළිදක්වයි
Al-Futtaim සමූහයේ සාඩම්බර සාමාජිකයෙකු වන Associated Motorways (Private) Limited (AMW) විසින්, සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025 දී නව Suzuki Grand Vitara සහ නව Yamaha FZ-S FI නිල වශයෙන් එළි දක්වන ලදී.
BMICHහි AMW ප්‍රදර්ශන කුටියේ පැවති මෙම අවස්ථාව වෙනුවෙන් ජපානය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන් සහභාගී වූ අතර, මෙය ගෝලීය වශයෙන් වැදගත් සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් විය.
නවෝත්පාදනය, පාරිභෝගික කේන්ද්‍රීයතාව සහ ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාව කෙරෙහි සමාගමේ ඇති කැපවීම යළිත් තහවුරු කරමින් AMW හි කළමනාකාර අධ්යක්ෂ ජවහර් ගනේෂ් මහතා විසින් එළිදැක්වීමේ උත්සවය සඳහා සියලුදෙනා සාදරයෙන් පිළිගන්නා ලදී. මෝටර් රථ කර්මාන්තය වෙනුවෙන් ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ජපාන තානාපති කාර්යාලයේ අමාත්‍ය කමොෂිඩා නඕකි මහතා, පළමු ලේකම් සචෙයි ටනාකා මහත්මිය සමඟ එළිදැක්වීමේ උත්සවයට සහභාගී විය.
මෙම විශේෂ අවස්ථාව සඳහා Al-Futtaim සමූහයේ ජාත්‍යන්තර ආරාධිතයන් ද සහභාගී වූ අතර, ඔවුන් අතර පෝලි විලීස් මහතා - Al-Futtaim සමූහයේ සභාපති - මෝටර් රථ, දිමිත්‍රි බෝගත්රයෙව් මහතා - මූල්‍ය අධ්යක්ෂ - මෝටර් රථ, රොබට් මැක්ඇලිස්ටර් මහතා - කළමනාකාර අධ්යක්ෂ - සංවර්ධනය වෙමින් පවතින වෙළෙඳපොළවල්, අමර් ඩියාබ් මහතා - මානව සම්පත් අධ්යක්ෂ - මෝටර් රථ, පෝල් වැග්ස්ටාෆ් මහතා - සාමාන්‍යාධිකාරී - මූල්‍ය සහ ජෙට්සන් ඩැනියෙල් මහතා - සාමාන්‍යාධිකාරී - මානව සම්පත් ඇතුළත් විය.
මෙහිදී, AMW හි කළමනාකාර අධ්යක්ෂ ජවහර් ගනේෂ් මහතා අදහස් දක්වමින්, "මෙම එළිදැක්වීම ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මෝටර් රථ කර්මාන්තය අතර සම්බන්ධීකාරකයෙකු ලෙස AMW හි කාර්යභාරය සනිටුහන් කරනවා. Al-Futtaim සමූහය යටතේ Nissan, Suzuki, Renault සහ Yamaha සමඟ අපගේ දිගුකාලීන හවුල්කාරිත්වයන් හරහා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ අති නවීන තාක්ෂණය අඛණ්ඩව සැපයීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. AMW, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට සැලකිය යුතු වටිනාකමක් ලබා දීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමුඛයින් සමඟ දිගුකාලීන සහයෝගීතාවයන් ගොඩනැගීමට අඛණ්ඩව සහාය දී තිබෙනවා. මෙම අවස්ථාව විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ පාරිභෝගික සම්බන්ධතාව කෙරෙහි අපගේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරනවා" යැයි පැවසීය.
වර්තමාන පාරිභෝගිකයින්ට ගැලපෙන අති නවීන තාක්ෂණය, අලංකාර නිර්මාණය සහ දියුණු ආරක්ෂණ ක්‍රමවේදයන් නියෝජනය කරන Suzuki Grand Vitara SUV සහ Yamaha FZ-S FI යන දෙකම මෙහි දී නිල වශයෙන් එළිදක්වන ලදී. ඊට අමතරව, AMW විසින් Suzuki Jimny, Suzuki Fronx, Suzuki Celerio, Nissan Magnite සහ Yamaha යතුරුපැදි වැනි මෝටර් රථ ප්‍රදර්ශනය කළ අතර, සමාගමේ පුළුල් නිෂ්පාදන පෙළ පිළිබඳ නරඹන්නන්ට සවිස්තරාත්මක අවබෝධයක් සපයන ලදී.
Suzuki Grand Vitara උසස් තාක්ෂණය, කැපී පෙනෙන නිර්මාණය සහ සුවිශේෂී කාර්ය සාධනය ඒකාබද්ධ කරමින් SUV රථවල නව යුගයක් සනිටුහන් කරයි. විවිධ රිය පැදවීමේ විලාසයන්ට ගැලපෙන පරිදි Suzuki Grand Vitara හයිබ්‍රිඩ් සහ පෙට්‍රල් ප්‍රභේදවලින් ලබා ගත හැකිය. Grand Vitara Alpha+ (O) e-CVT එහි උසස් හයිබ්‍රිඩ් පද්ධතිය සමඟ විශිෂ්ට ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහ සුමට, පරිසර හිතකාමී ධාවනයක් ලබා දෙයි. පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන Grand Vitara Alpha (O) 4WD AT Suzuki ත්‍රාසජනක ක්‍රියාකාරකම් සඳහා නිර්මාණය කර ඇත. ඕනෑම භූමි ප්‍රදේශයක විශ්වාසදායක පාලනය සඳහා Suzuki හි AllGrip 4WD පද්ධතිය - Auto, Sport, Snow, සහ Lock. - හතරකින් සමන්විත වේ. එහි ඇතුළත, panoramic sunroof, ventilated seats, digital instrument cluster, cruise control, paddle shifters, සහ පිරිසිදු වාතය සඳහා PM 2.5 cabin air filter සමඟ සුවපහසුව ලබා දෙයි. අනාගතයට ගැලපෙන සේ නිර්මාණය කරන ලද Grand Vitara හි ප්‍රිමියම් chrome grille, sharp 3-point LED DRLs, signature tail lamps, and R17 precision-cut alloy wheels අන්තර්ගත වන අතර ඉන් එහි ජවය හා අලංකාරත්වය පෙන්නුම් කරයි.
Grand Vitara රථය, Head-Up Display, 360° View කැමරාව, Wireless Charging Dock සහ SmartPlay Pro+ infotainment system වැනි ස්මාර්ට් විශේෂාංග සමඟින් සෑම ධාවන අත්දැකීමක්ම වැඩිදියුණු කරයි. එයාර් බෑග් හයක්, Tyre Pressure Monitoring System (TPMS), Hill Descent Control, Hill Hold Assist සහ Suzuki හි TECT සමඟින් සර්ව සම්පූර්ණ ආරක්ෂාව සපයයි. නවෝත්පාදනය සහ කාර්ය සාධනය ඒකාබද්ධ කරමින්, Grand Vitara රථය නිර්මාණය කර ඇත්තේ සෑම මාර්ගයක්ම පාලනය කිරීමට ඉඩ සලසන පරිදිය. විලාසිතාව, නවෝත්පාදනය සහ හැකියාව යන මේ සියල්ලේ පරිපූර්ණ මිශ්‍රණයක් සමඟින්, Suzuki Grand Vitara ඔබගේ ආකාරයට සෑම මාර්ගයක්ම පාලනය කිරීමට බලය ලබා දීම සඳහා නිර්මාණය කර ඇත.
Yamaha FZ-S FI යනු ක්‍රියාකාරිත්වය, කාර්යක්ෂමතාව සහ දෛනික ප්‍රායෝගිකත්වය අතර පරිපූර්ණ සමතුලිතතාවයක් ඇති කරන ඊළඟ පරම්පරාවේ යතුරුපැදියකි. Yamaha හි දියුණු Blue Core එන්ජින් තාක්ෂණයෙන් සමන්විත මෙය සුමට වේගවත් කිරීමක්, විශිෂ්ට ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහ පරිසර හිතකාමී ගමනක් සඳහා අඩු විමෝචනයක් ලබා දෙයි. එහි නිර්භීත පෙනුම, සුවිශේෂී ඉදිරිපස කවරය, LED හෙඩ් ලාම්පුව සහ aerodynamic body lines සමඟින්, FZ-S FI හි නවීන විලාසය ඉස්මතු කරයි. ආරක්ෂාව සහ මනා පාලනය සඳහා Single Channel ABS මගින් සහාය දක්වන disc brakes, tubeless tires සහ නාගරික ගමන් බිමන් සහ දිගු ගමන් යන දෙකටම ගොඩනගා ඇති ශක්තිමත් suspension system මගින් සමන්විත වේ. Ergonomically නිර්මාණය කරන ලද ආසනයක් සහ digital instrument cluster හරහා සුවපහසුව වැඩි දියුණු කර ඇත. Yamaha හි ඉංජිනේරු විශිෂ්ටත්වය මඟින් අඩු නඩත්තුව සහ කල්පවත්නා විශ්වසනීයත්වයක් සහතික කරයි. Yamaha FZ-S FI, විශ්වාසය සමඟ සුමට ක්‍රියාකාරිත්වයක් ඉල්ලා සිටින පාරිභෝගිකයන් සඳහා නිර්මාණය කරන ලද බහුකාර්යතාවයෙන් සහ තාක්ෂණිකව දියුණු කළ යතුරුපැදියකි.
සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025 තුළ AMWහි මෙම දියත් කිරීම් මගින් AMW හි දිගුකාලීන විශ්වාසය, නවෝත්පාදනය සහ පාරිභෝගික සත්කාරය සමරන අතරම එහි වෙළඳපොළ නායකත්වය නැවත තහවුරු කරයි. මෙම උත්සවයේ ගෝලීය ප්‍රවේශය ශ්‍රී ලංකාවේ සංචලන කර්මාන්තයේ AMW හි නායකත්වය සහ රටේ ආර්ථික අනාගතය පිළිබඳ විශ්වාසය තවදුරටත් ඉස්මතු කරයි. Al-Futtaim සමූහය සමඟ එක්ව ස්ථාවර ප්‍රතිපත්ති, ශක්තිමත් ව්‍යාපාරික වාතාවරණයක් සහ කුසලතා පූර්ණ වෘත්තිකයන් පිරිසක් මගින් ශ්‍රී ලංකාවට දිගුකාලීන සමෘද්ධියක් සාක්ෂාත් කර ගැනීමට සහාය වීමට AMW කැප වී සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

