SLIM DIGIS 2.6 නිල වශයෙන් ඇරඹේ
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට ප්‍රධානතම ඩිජිටල් අලෙවිකරණ සම්මාන උළෙල වන 'SLIM DIGIS 2.6', මෙවර ‘The Mission to Extraordinary’ (අසාමාන්‍ය ජයග්‍රහණ කරා යන මෙහෙයුම) යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
මෙවර තේමාව නිර්මාණය කර ඇත්තේ නව අදහස් සොයා යාම, සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කර ගැනීම සහ බලාපොරොත්තු වන සීමාවන්ගෙන් ඔබ්බට යාමේ අරමුණ ඇතිවය. SLIM DIGIS 2.6 තුළින් නිර්මාණශීලිත්වය, නිවැරදි උපාය මාර්ග, දත්ත සහ තාක්ෂණය භාවිත කරමින් ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්රය තුළ ඉහළම ප්‍රතිඵල පෙන්වූ සන්නාම, වෙළඳ ප්‍රචාරණ ආයතන (agencies), අලෙවිකරුවන් මෙන්ම ඩිජිටල් ක්ෂේත්රයේ නව නිපැයුම්කරුවන් ඇගයීමට ලක් කරයි.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් SLIM හි සභාපති ඉනෝක් පෙරේරා මහතා,
“ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්රය අදවන විට නව අදහස්, දත්ත මත පදනම් වූ උපායමාර්ග සහ තාක්ෂණික නවෝත්පාදන හරහා වේගයෙන් ඉදිරියට යමින් සිටිනවා. එවැනි පසුබිමකව්යාපාරවලට සැබෑ ප්‍රතිඵල ලබාදුන් දක්ෂයින් සහ කණ්ඩායම් ඇගයීමට SLIM DIGIS 2.6 සුවිශේෂී වේදිකාවක් සපයයි. මෙවර ජාත්‍යන්තර තරඟකරුවන්ටත් අයදුම් කිරීමට අවස්ථාව ලබාදීම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් දක්ෂතා ගෝලීය මට්ටමේ ඇගයීමකට යොමු කරන වැදගත් පියවරක්. නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වූ, තරඟකාරී සහ අනාගතයට සූදානම් ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට SLIM නිරන්තරයෙන් කැපවී සිටිනවා” යැයි පවසා සිටියේය.
SLIM හි ව්‍යාපෘති සහ තිරසාර සංවර්ධන උප සභාපති රාජිව් ඩේවිඩ් මහතා අදහස් දක්වමින්,
“ඩිජිටල් තාක්ෂණය අද තවදුරටත් සාමාන්‍ය සන්නිවේදන නාලිකාවක් පමණක් නොව, ව්‍යාපාරික වර්ධනය, ප්‍රසිද්ධිය සහ පාරිභෝගික සම්බන්ධතාවය ඉදිරියට ගෙන යන ප්‍රධානතම සාධකයක් බවට පත්ව තිබෙනවා. SLIM DIGIS 2.6 හරහා අප ඇගයීමට ලක් කරන්නේ ඩිජිටල් ක්‍රමවේද භාවිත කරමින් සැබෑ ව්‍යාපාරික ප්‍රතිඵල සහ බලපෑමක් ඇති කළ වෙළෙඳ ප්‍රචාරණ වැඩසටහන් (campaigns), සන්නාම සහ ක්ෂේත්රයේ වෘත්තීයවේදීන්වයි. ශ්‍රී ලංකාවේ එකම ඩිජිටල් අලෙවිකරණ සම්මාන වේදිකාව ලෙස, එවැනි විශිෂ්ටත්වය හඳුනාගෙන කර්මාන්තයේ ප්රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමට දායක වීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්” යැයි පැවසීය.
මෙහිදී, අදහස් දැක්වූ යනුවෙන් SLIM හි අධ්‍යාපන සහ පර්යේෂණ උප සභාපති මන්තික රණසිංහ මහතා,
“SLIM ආයතනය තුළ ඩිජිටල් අලෙවිකරණ අධ්‍යාපනයේ සිදුවන ශීඝ්‍ර වර්ධනයමගින් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්රය තුළ ඩිජිටල් කුසලතා සඳහා ඇති අවශ්‍යතාව තවදුරටත් ඉහළ යමින් පවතින බවයි. මෙම අවශ්‍යතාව හඳුනාගනිමින්, ශ්‍රී ලංකාවේ පිළිගත් එකම ඩිජිටල් අලෙවිකරණ සම්මාන වේදිකාව ලෙස SLIM DIGIS ක්ෂේත්රයේ විශිෂ්ටත්වය ඇගයීමට ප්‍රබල දායකත්වයක් ලබා දෙනවා. විනිවිදභාවයෙන් යුත් ඇගයීම් ක්‍රියාවලියක් සහ ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් මත මෙම සම්මාන උළෙල ගොඩනැගී තිබීම, එහි ප්‍රමිතිය සහ විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු කරනවා” යැයි සඳහන් කළේය.
SLIM DIGIS 2.6 හි ව්‍යාපෘති සභාපති සිරිමෙවන් සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින්,
“DIGIS 2.6 හි ව්‍යාපෘති සභාපතිවරයා ලෙස, මෙවර තේමාව වන ‘The Mission to Extraordinary’ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ලැබීම පිළිබඳව මා බෙහෙවින් සතුටු වෙනවා. අලුත් දේ සොයා යාම සහ සුවිශේෂී ජයග්‍රහණ අත්කර ගැනීම යන අදහස් මත ගොඩනැගුණු මෙම තේමාව, සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගොස් වඩාත් පුළුල් ලෙස සිතීමට, නිර්භීතව නවෝත්පාදනය කිරීමට සහ ඩිජිටල් අලෙවිකරණය හරහා කළ හැකි දේ නැවත අර්ථගන්වීමට ක්ෂේත්රයට කරන ආරාධනයක් ලෙස සැලකීමට පුළුවන්. DIGIS 2.6 හරහා අපගේ දැක්ම වන්නේ විශිෂ්ටත්වය ඇගයීම පමණක් නොව, ඩිජිටල් පරිවර්තනය සහ නිර්මාණශීලී නායකත්වය සඳහා මීළඟ පරම්පරාව දිරිමත් කරන වේදිකාවක් නිර්මාණය කිරීමයි. ශ්‍රී ලංකාව පුරා සිටින සන්නාම, ප්‍රචාරණ ආයතන, අලෙවිකරුවන්, තාක්ෂණික හවුල්කරුවන් සහ ඩිජිටල් නවෝත්පාදකයින්ට තම ජයග්‍රහණ ඉදිරිපත් කරමින්, මෙම සාර්ථකත්වය කරා යන ගමනට අප සමඟ එක්වන ලෙස මා ආරාධනා කරනවා” යැයි පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ SLIM DIGIS 2.6 හි ප්‍රධාන විනිශ්චයකරු ශලේන්ද්ර මෙන්ඩිස් මහතා,
“ඩිජිටල් ක්ෂේත්රය නිරන්තරයෙන් වෙනස් වන මේ යුගයේ, SLIM DIGIS 2.6 තුළින් අපගේ අරමුණ වන්නේ නව අදහස්, නිර්මාණශීලී ක්‍රියාත්මක කිරීම් සහ ඩිජිටල් නවෝත්පාදනයන් හරහා අනාගතය හැඩගස්වන දක්ෂයින් ඇගයීමයි. සාම්ප්‍රදායික සීමාවන් අභිබවා යන චින්තකයින්, නිර්මාණකරුවන් සහ නවෝත්පාදකයින්ට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඩිජිටල් සම්මාන වේදිකාව මත තම හැකියාවන් පෙන්වීමට මෙය සුවිශේෂී අවස්ථාවක්” යැයි පවසා සිටියේය.
SLIM හි ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින්,
“SLIM DIGIS 2.6 ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්රය තවදුරටත් ඉදිරියට ගෙන යන සුවිශේෂී වේදිකාවක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. අද ඩිජිටල් අලෙවිකරණය ව්‍යාපාරික පරිවර්තනය, වර්ධනය සහ ගෝලීය තරඟකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වී තිබෙනවා. මෙවර තරඟය ඉහළ ප්‍රමිතියක් මත ක්‍රියාත්මක වන අතර, දත්ත මත පදනම් වූ උපායමාර්ග, තාක්ෂණික හැකියාවන් සහ මැනිය හැකි ප්‍රතිඵල ඇති කරන ප්‍රචාරණ ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට ක්ෂේත්රයට නව අභියෝගයක් ලබා දෙනවා. දේශීය දක්ෂතා ශක්තිමත් කරමින්, ඒවා ජාත්‍යන්තර ප්රමිතීන් සමඟ සම්බන්ධ කිරීමට SLIM නිරන්තරයෙන් කැපවී සිටිනවා. එබැවින් අනාගතය හැඩගස්වන නිර්මාණ සහ ජයග්‍රහණ ඉදිරිපත් කරන ලෙස සියලුම වෙළඳ දැන්වීම් ආයතනයන්ට සහ සන්නාමවලට මම ආරාධනා කරනවා” යැයි සඳහන් කළේය.
SLIM DIGIS 2.6, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්රයේ විශිෂ්ටතම නිර්මාණ සහ ජයග්‍රහණ ඇගයීමට ලක්කරනජාතික සම්මාන වේදිකාවක් ලෙස, මෙරට සියලුම සන්නාම, වෙළඳ දැන්වීම් ආයතන, අලෙවිකරුවන්, තාක්ෂණික හවුල්කරුවන් සහ ඩිජිටල් නවෝත්පාදකයින්ට තම ව්‍යාපෘති ඉදිරිපත් කරන ලෙස ආරාධනා කරයි. අයදුම් කිරීමේ ක්‍රමවේදය, තරඟ කාණ්ඩ, අවසන් දිනයසහ නීති රීති පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී SLIM හි නිල මාධ්‍ය නාලිකා ඔස්සේ දැනුම් දෙනු ඇත.
වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා [email protected] ඔස්සේ ගංගානි ලියනගේ මහත්මිය හෝ [email protected] ඔස්සේ සිද්ධාර්ත් රාමදාස් මහතා සම්බන්ධ කර ගන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

