SDB බැංකුවට නව නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරීවරයෙක්
SDB බැංකුවේ දීර්ඝකාලීන වර්ධනය, වඩාත් තියුණු මෙහෙයුම් ක්‍රියාවලියක් සහ ශක්තිමත් ආයතනික ඔරොත්තු දීමේ හැකියාවතවදුරටත් තහවුරු කිරීම සඳහා සිය විධායක නායකත්වය ශක්තිමත් කරමින්, බැංකුවේ නව නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස මනෝජ් අක්මීමන මහතාව SDB බැංකුව ඉතා උණුසුම් ලෙස පිළිගනී.
මූල්‍ය සේවා ක්ෂේත්රයේ වසර 35 කට වැඩි පළපුරුද්දක් ඇති ප්‍රවීණ බැංකුකරුවෙකු වන අක්මීමන මහතා, ආයතනික ණය ලබාදීම, ණය පරිපාලනය, ණය අයකර ගැනීම්, නීතිමය සම්බන්ධීකරණය සහ අවදානම් කළමනාකරණය යන අංශ පිළිබඳව ගැඹුරු ප්‍රවීණතාවයක් හිමි කරගෙන ඇත. උපායමාර්ගික මුලපිරීම් හරහා ව්‍යාපාරික පරිවර්තනයන් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුක්ෂේත්රයේ ප්රවීණයෙකි. වසර ගණනාවක් පුරා ව්‍යුහගත ණය අධීක්ෂණය හරහා බැංකු කළඹේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ඔහු සක්‍රීයව දායක වී ඇති අතර, එහිදී අර්බුදකාරී ණය කළඹවල් ප්‍රතිව්‍යුහගත කිරීම සහ විසඳීම වැනි බැංකු ස්ථාවරත්වයට ඉතා වැදගත් වන අංශ කෙරෙහි ඔහු විශේෂ අවධානයක් යොමු කර ඇත.
SDB බැංකුවට සම්බන්ධ වීමට පෙර අක්මීමන මහතා සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු කිහිපයක් හෙබවූ අතර, ණය, අවදානම් සහ මෙහෙයුම් අධීක්ෂණය වැනි ක්ෂේත්රයන්හි විශිෂ්ට ප්‍රතිඵල පෙන්නුම් කළ නිලධාරියෙකු ලෙස ගෞරවයට පාත්‍ර විය. ඔහු අවසන් වරට එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ණය පාලන, ණය පරිපාලන, අයකර ගැනීම් සහ නීති) ලෙස කටයුතු කරමින්, ණය විනය ශක්තිමත් කිරීම සහ නියාමන ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කිරීම සහතික කරන කණ්ඩායම් සඳහා නායකත්වය ලබා දුන්නේය. ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාම උපායමාර්ගික චින්තනය සහ ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමේ හැකියාව යන ද්විත්වයම මැනවින් ප්‍රදර්ශනය කර ඇත.
ලාභදායීතාවය වැඩි කිරීමටත්, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් සහ අනුකූලතා ප්රමිතීන් ශක්තිමත් කිරීමටත් අවශ්‍ය මූල්‍ය උපාය මාර්ග සකස් කිරීම සම්බන්ධයෙන් අක්මීමන මහතා බෙහෙවින් ප්‍රචලිතය. විවිධ ක්ෂේත්රවලට අයත් කණ්ඩායම් මෙහෙයවීමටත්, සංකීර්ණ මෙහෙයුම් තත්ත්වයන් යටතේ වුවද ශක්තිමත් ණය සහ අවදානම් මූලධර්ම මත පදනම් වූ වර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමටත් ඔහුට සුවිශේෂී හැකියාවක් ඇත.
තම නව තනතුර යටතේ, අක්මීමන මහතා SDB බැංකුවේ උපායමාර්ගික ප්රමුඛතාවයන් මෙහෙයවීමටත්, ආයතනික කාර්ය සාධනය ශක්තිමත් කිරීමටත් සහ අනාගතයට සූදානම් වඩාත් කාර්යක්ෂම සංවිධානයක් ගොඩනැගීමටත් නායකත්ව කණ්ඩායමට සහාය වනු ඇත. SDB බැංකුවේ පරිවර්තනීය වැඩපිළිවෙළ වේගවත් කරන අතරතුර, ශක්තිමත් පාලනයක් සහ අවදානම් කළමනාකරණ රාමුවක් පවත්වා ගැනීමට ඔහුගේ පළපුරුද්ද විශාල වටිනාකමක් එක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තිරසාර වර්ධනයක් සහ දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කළ හැකි පළපුරුදු නායකයින් සම්බන්ධ කර ගැනීමට ඇති කැපවීම මෙම පත්වීමෙන් පිළිබිඹු වන බව SDB බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. බැංකුවේ ආයතනික හැකියාවන් ශක්තිමත් කරමින් ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට ඉහළ ප්රතිලාභ ලබා දීමට අක්මීමන මහතා සමඟ සමීපව කටයුතු කිරීමට බැංකුව බලාපොරොත්තු වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

