S & P ශ්රී ලංකා 20 දර්ශකයේ අන්තර්ගත සමාගම් වෙනස් වේ
S & P ඩව් ජෝන්ස් දර්ශකය විසින් 2025 වසර අවසානය සඳහා කරනු ලබන දර්ශක සැකසීමට අනුව S & P ශ්රී ලංකා 20 දර්ශකයට අදාළව පහත දැක්වෙන වෙනස්කම් සිදුවූ බව කොළඹ කොටස් හුවමාරුව (CSE) නිවේදනය කරයි.
2025 දෙසැම්බර් 22 වැනි දින සිට (2025 දෙසැම්බර් 19 වැනි දින වෙළෙඳපොළ වසා දැමීමෙන් පසු) බලපැවැත්වෙන පරිදි S & P ඩව් ජෝන්ස් දර්ශක විසින් ප්රකාශයට පත් කරන ලද S & P ශ්රී ලංකා 20 දර්ශකයෙන් බැහැර වන සහ ඇතුළත් වන සමාගම් පහත දැක්වේ.
බැහැර වන සමාගම්
1. Ceylon Cold Stores PL (CCS.N)
2. Chevron Lubricants Lanka PLC (LLUB.N)
3. Commercial Bank of Ceylon PLC-Non-Voting (COMB.X)
4. LOLC Finance PLC (LOFC.N)
5. Royal Ceramics Lanka PLC (RCL.N)
ඇතුලත් වන සමාගම්
1. Access Engineering PLC (AEL.N)
2. People's Leasing & Finance PLC (PLC.N)
3. Singer Sri Lanka PLC (SINS.N)
4. Sunshine Holdings PLC (SUN.N)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

