මෙරට ප්‍රථම ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය වන One Galle Face හි ඉදිකිරීම් අවසන් බවත්, එය අද (08දා) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත වන බව ෂැංග්‍රි-ලා සමූහ ව්‍යාපාරය නිවේදනය කරයි.
ඒ අනුව, 2017 වසරේදී විවෘත වූ ෂැංග්‍රි-ලා හෝටලය සහ 2018 වසරේදී විවෘත වූ The Residences at One Galle Face සමග දැන් One Galle Face Mall සහ One Galle Face Tower ද එක්වීමට නියමිතය.
විශාලත්වයෙන් වර්ග අඩි 480,000ක් වන One Galle Face Mall මෙරට විශාලතම සාප්පු සංකීර්ණය ලෙස සැලකෙයි. මහල් 7කින් යුතු මෙහි අලෙවිකරුවන් 200කට අධික පිරිසකට ඉඩ සැලසෙන අතර, ආහාරපාන, විනෝදාස්වාද සේවා, රූපලාවණ්‍ය සේවා, තාක්ෂණය සහ වෙනත් භාණ්ඩ හා සේවා ලබාගැනීමට හැකිවනු ඇත.
Food Studio, Keels, Odel සහ PVR Cinemas යන ප්‍රධාන සේවාදායකයන් දැනටමත් මෙම සාප්පු සංකීරණය සමග එක්ව ඇති අතර, නව සන්නාම හා සංකල්පද ඊට එක්වීමට නියමිතය. එහිදී, කුඩා දරුවන් වෙනුවෙන් වෙන්වූ ක්‍රීඩා අවකාශයක් වන Adventure Zone, නව නිර්මාණශීලී ව්‍යායාම මධ්‍යස්ථානයක් වන Trainyard මෙන්ම, සියලු පහසුකම් සහිත ප්‍රථම Omega අලෙවි සැලක්ද විවෘත වීමට නියමිතය.
මීට අමතරව, One Galle Face Tower මෙරට ව්‍යපාරික ප්‍රජාවට අනර්ඝ අවස්ථා රැසක් සපයමින්, කොළඹ නගර මධ්‍යයේ සුවිශේෂී ස්ථානයක පිහිටි, 32කින් යුතු, වර්ග අඩි 530,000ක ඉඩකඩක් සහිත ඉහළම තලයේ කාර්යාල අවකාශයක් ලබාදෙයි. මෙය ව්‍යාපාර වලට උපරිම පහසුවක් සමග කාර්යක්ෂම ලෙස තම මෙහෙයුම් කටයුතු සිදුකිරීමට බෙහෙවින් උපකාරී වනු ඇති බව ඔවුහු පවසති.