Nihon Kohden වෙතින් JICA වෙත ජීවිතාරක්ෂක පුහුණු සැසියක්
Nihon Kohden ජපන් සමාගම විසින් මෑතකදී ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ [Japan International Cooperation Agency (JICA)] කාර්ය මණ්ඩලය වෙනුවෙන් Automated External Defibrillator (AED) භාවිතා කරමින් Cardiopulmonary Resuscitation (CPR) ක්‍රමවේදය සිදුකරන ආකාරය පිළිබඳව ජීවිතාරක්ෂක කුසලතා පුහුණු සැසියක් පවත්වා තිබේ.
College of Anaesthesiologists & Intensivists of Sri Lanka (ශ්‍රී ලංකා නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය) හි Resuscitation Council සහ Nihon Kohden සමාගමේ දේශීය හවුල්කරු වන Hemas Surgicals & Diagnostics සමඟ එක්ව පවත්වන ලද මෙම සැසියෙහි අරමුණ වූයේ, හදිසි හෘදයාබාධයක් ඇති වූ අයෙකුට ක්ෂණිකව ප්‍රථමාධාර ලබාදීමට අවශ්‍ය දැනුම හා පුහුණුව JICA කාර්ය මණ්ඩලය වෙත ලබාදීමය.
හෘද රෝග යනු ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට බලපාන බරපතළ සෞඛ්‍ය අභියෝගයකි. මෙම අභියෝගය ජයගැනීමට සහය වීමේ අරමුණින් Nihon Kohden විසින් සංවිධානය කරන ලද මෙම සැසිය, හදිසි හෘදයාබාධ හේතුවෙන් සිදු වන ජීවිත අනතුරු අවම කිරීමේ ක්‍රමවේදයන් දැන සිටීමේ වැදගත්කම මැනැවින් පෙන්වා දුන් සැසියක් විය. උපදේශක නිර්වින්දන වෛද්‍යවරුන් වන වෛද්‍ය නිල්මිණි විජේසූරිය, වෛද්‍ය නිල්මිණි මානවඩු, වෛද්‍ය අනෝමා පෙරේරා සහ වෛද්‍ය ලක්මාලි සමරවීර සමඟ Resuscitation Council හි අනෙකුත් වෛද්‍යවරුන්ගේ මෙහෙයවීමෙන් යුතුව පැවැත්වුණු මෙම සැසිය තුළදී, වෛද්‍ය දැනුමක් නොමැති පුද්ගලයෙකුට පවා සරල Automated External Defibrillator (AED) උපකරණයක් භාවිතා කරමින් ජීවිත බේරාගත හැකි ආකාරය පැහැදිලිව පෙන්වා දෙන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම වැඩසටහන සඳහා Nihon Kohden සහ Hemas Surgicals & Diagnostics සමාගම් සමඟ අත්වැල් බැඳගත් එහි වැදගත්කම තවදුරටත් තීව්ර කරමින් ශ්‍රී ලංකා නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛදයවරුන්ගේ විද්‍යායතනය සමඟ එක්ව පුළුල් මට්ටමේ CPR සහ AED පුහුණුවක් ලබාදීමට කටයුතු කළේය.
Hemas Pharmaceuticals සහ Hemas Surgicals & Diagnostics හි කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මහේෂ රණසෝම මහතා මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, "Nihon Kohden සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම අපට මහත් සතුටක්. අපගේ මෙන්ම Nihon Kohden සමාගමේත් අරමුණ වන්නේ ජීවිත ආරක්ෂා කිරීමට උපකාරී වන තාක්ෂණයන් පිළිබඳව සමාජය වැඩි වැඩියෙන් දැනුවත් කිරීමයි. මෙය ඒ සඳහා අපට ලැබුණු තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස අප දකිනවා.” යැයි පවසා සිටියේය.
Nihon Kohden හි දේශීය නියෝජිත සම්පත් කුලරත්න මහතා අදහස් දක්වමින්, “අපගේ බෙදාහැරීම් නියෝජිතයන් වන Hemas සමඟ එක් වී ශ්‍රී ලංකාවට මෙවැනි ජීවිත සුරකින නවීන තාක්ෂණයන් හඳුන්වා දීමට ලැබීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. මෙම සැසිය සාර්ථක කරගැනීමට නන් අයුරින් දායක වූ සියලුම දෙනාට අපගේ ස්තූතිය හිමි විය යුතුයි.” යනුවෙන් පැවසීය.
මෙම සැසිය මගින් හදිසි හෘදයාබාධයකට ගොදුරු වූවන් හඳුනාගැනීම, ඔවුන්ට ප්‍රතිකර්මයක් ලෙස පපුව මත පීඩනය යෙදීම (Chest compressions) සහ AED යන්ත්‍ර නිවැරදිව භාවිතා කිරීම පිළිබඳව පුළුල් මට්ටමේ පුහුණුවක් JICA කාර්ය මණ්ඩලය වෙත ලබා දෙන ලදී. රෝග ලක්ෂණ පහළ වන අවස්ථාවේදීම නොපමාව CPR සහ Defibrillation සිදුකිරීම මගින් හෘදයාබාධයකට ලක් වන පුද්ගලයෙකුගේ ජීවිතය ආරක්ෂා වීමේ සම්භාවිතාව පැහැදිලි ලෙසම ඉහළ යන බව මෙම සැසියේදී පෙන්වා දෙන ලදී. නිසි දැනුම සහ ජීවිතාරක්ෂක කුසලතා තිබීම මඟින් ජීවිත ආරක්ෂා කරගත හැකි ආකාරය ප්‍රායෝගිකව පෙන්වා දෙන ක්‍රියාකාරකම් රැසක්ද මෙම සැසියට ඇතුළත් විය.
සැසිය අවසානයේදී එයට සහභාගී වූවන්ට ශ්‍රී ලංකා නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය වෙතින් සහතිකයක්ද පිරිනමන ලදි. යුරෝපීය ප්‍රමිතියෙන් යුත් Resuscitation පාඨමාලා පැවැත්වීම සඳහා බලයලත් ආයතනයක් ලෙස European Resuscitation Council හි පිළිගැනීම හිමි Resuscitation Council of Sri Lanka දකුණු ආසියාවේ එම වර්ගයේ එකම අනුබද්ධිත ආයතනය වන අතර, එමඟින් ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල පුහුණුවක් ලබා දේ.
මේ සම්බන්ධයෙන් JICA Sri Lanka හි ජ්‍යෙෂ්ඨ නිල නියෝජිත මිනෝරු මට්සුනෝෂියා අදහස් දක්වමින්, “JICA ආයතනය දීර්ඝකාලයක පටන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සහ ජීවිත ආරක්ෂා කිරීම සඳහා සහයෝගය ලබාදෙමින් සිටිනවා. මෙම වැඩසටහන එහි තවත් පියවරක්. මේ සඳහා අත්වැල් බැඳගැනීම වෙනුවෙන් මා Nihon Kohden සමාගමට සහ Hemas සමාගමට බෙහෙවින් ස්තූතිවන්ත වනවා” යැයි පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
