MEPA ජාතික තෙල් කාන්දුවීම් හදිසි ප්‍රතිචාර සැලසුම් වැඩමුළුව HIP හිදී
මුහුදේ තෙල් කාන්දුවක් ඇතිවුවහොත් ඊට කඩිනමින් හා නිසි සමායෝජනයෙන් මුහුණදීමට හම්බන්තොට දිස්ත්‍රික්කය සතු හැකියාව වඩාත් ශක්තිමත් කිර්‍රම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මෙහෙය වූ වැඩමුළුවක් පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේදී පවත්වා තිබේ.
වරායේ සත්කාරකත්වයෙන් පැවැති මෙම වැඩමුළුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක් නියෝජනය කරමින් සියයකට ආසන්න පිරිසක් සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ ජාතික තෙල් කාන්දුවීම් හදිසි ප්‍රතිචාර සැලැස්මට අනුව MEPA වැඩසටහන සංවිධානය කර තිබිණි. තෙල් කාන්දුවක් සිදුවූ විට අදාළ ආයතන එක්ව ක්‍රියා කළ යුතු ආකාරය, ඒ ඒ ආයතනවල වගකීම් සහ තිබෙන උපකරණ හා සම්පත් කඩිනමින් යොදාගන්නා ආකාරය පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සිනොපෙක්, නාවික හමුදාව, යුද හමුදාව, ගුවන් හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිසිය මෙම වැඩමුළුවට සහභාගි වූහ. හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් සභාව ද නියෝජනය විය.
ධීවර දෙපාර්තමේන්තුව, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA), ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය, ධීවර වරායන්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ නියෝජිතයෝ ද ඊට එක්ව සිටියහ. හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සහ MEPA නිලධාරීන් ද වැඩමුළුවට සහභාගි වූහ.
තෙල් කාන්දුවක් වැනි හදිසි අවස්ථාවකට සාර්ථකව මුහුණදීමට උපකරණ පමණක් ප්‍රමාණවත් නොවන බව HIPS ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ෂූ මහතා පැවසීය.
“මෙවැනි අවස්ථාවක ඉක්මනින් හා නිවැරදිව ක්‍රියා කිරීමට පුහුණු පිරිසක්, පැහැදිලි වගකීම් සහ සියලු ආයතන අතර හොඳ සමායෝජනයක් අවශ්‍යයි. තාක්ෂණික දැනුම සහ ප්‍රායෝගික පුහුණුව එකට එක්කිරීමෙන් අපට වඩාත් සාර්ථක ප්‍රතිචාරයක් ලබාදිය හැකියි. හම්බන්තොට සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරමින්, ජාතික හදිසි ප්‍රතිචාර වැඩපිළිවෙළට සහාය දීමට HIP අඛණ්ඩව කටයුතු කරනවා” යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.
වැඩමුළුවේ පෙරවරු සැසියේ දේශන MEPA දිස්ත්‍රික් සමුද්‍රීය පරිසර නිලධාරී මධුර දෙල්පචිත්ර, MEPA මෙහෙයුම් කළමනාකරු නිලන්ත පියදාස සහ සහකාර මෙහෙයුම් කළමනාකරු ප්‍රභාත් අමරණායක යන මහත්වරුන් විසින් පවත්වන ලදී. වරාය වෙනුවෙන් HIPS ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී කපිතාන් මියුරු ගුණසේකර මහතා සහභාගි වූවන් ඇමතීය.
හම්බන්තොට දිස්ත්‍රික් තෙල් කාන්දුවීම් හදිසි ප්‍රතිචාර සැලැස්ම, අනතුරකදී අනුගමනය කළ යුතු පියවර සහ එක් එක් ආයතනයට පැවරෙන කාර්යභාරය පිළිබඳව එහිදී විස්තර කෙරිණි. තොරතුරු කඩිනමින් හුවමාරු කරගැනීම සහ ආයතන අතර නිසි සමායෝජනය තෙල් කාන්දුව පාලනය කිරීමටත්, වෙරළබඩ ජනතාවට හා සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානිය අවම කිරීමටත් අත්‍යවශ්‍ය බව ද පෙන්වා දෙන ලදී.
පස්වරු සැසියේදී තෙල් කාන්දුවකට මුහුණදීම සඳහා වරාය සතු උපකරණ පිළිබඳ ප්‍රායෝගික නිරූපණයක් පැවැත්විණි. එම උපකරණ භාවිත කරන ආකාරය සහ හදිසි අවස්ථාවකදී වරායට ක්‍රියාත්මක කළ හැකි පහසුකම් පිළිබඳවද සහභාගි වූවන්ට පැහැදිලි කෙරිණි.
හදිසි තත්ත්වයකදී රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ, පරිසර ආයතන, සේවා සපයන ආයතන සහ පෞද්ගලික අංශය එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාදීමට මෙම වැඩසටහන ඉවහල් විය.
විවිධ වර්ගයේ නාවික මෙහෙයුම් සිදුකරන බහුකාර්ය වරායක් වන HIP, පරිසර ආරක්ෂාව, මෙහෙයුම් ආරක්ෂාව සහ හදිසි අවස්ථාවලට සූදානම්වීම සිය ප්‍රධාන වගකීමක් ලෙස සලකයි. සමුද්‍රීය පරිසර දූෂණ සිද්ධීන්ට මුහුණදීමේ ශ්‍රී ලංකාවේ හැකියාව වැඩි කිරීම සඳහා MEPA ගෙනයන පුළුල් වැඩපිළිවෙලේ කොටසක් ලෙස මෙම වැඩමුළුව පැවැත්විණි.
ඡායාරූප විස්තරය -
හම්බන්තොට ජාත්‍යන්තර වරායේදී පැවැති තෙල් කාන්දුවීම් හදිසි ප්‍රතිචාර උපකරණ පිළිබඳ ප්‍රායෝගික නිරූපණය නිරීක්ෂණය කරන සහභාගි වූවන්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

