Kia නවතම ප්‍රදර්ශනාගාරය Altair හිදී විවෘත කෙරෙයි
ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ සුප්‍රසිද්ධ Altair ගොඩනැගිල්ලෙහි හි නව ප්රදර්ශනාගාරයක් විවෘත කරමින් Kia සන්නාමය එහි අඛණ්ඩ ව්‍යාප්තිය සහ පාරිභෝගික සම්බන්ධතාවයන් හි සැලකිය යුතු පියවරක් ඉදිරියට තබා ඇත.
2026 අප්‍රේල් 07 වැනි දින මාධ්‍ය වෙත එළිදක්වන ලද මෙම නව ප්‍රදර්ශනාගාරය Altair ගොඩනැගිල්ලෙහි Retail 3 කොටස තුළ වර්ග අඩි 2,700ක පමණ අවකාශයක් පුරා ව්‍යාප්තව ඇත. උපරිම දෘශ්‍යතාව සහ ප්රවේශවීමේ පහසුව සඳහා Altair සංකීර්ණයට පිවිසෙන ස්ථානයේම ස්ථානගත කර ඇති මෙම Kia ප්‍රදර්ශනාගාරය කොළඹ නගරයේ වඩාත් කැපී පෙනෙන සුඛෝපභෝගී ජීවන රටා සඳහා Kia සන්නාමය සමීප කරවයි.
Kia හි ගෝලීය සන්නාම මාර්ගෝපදේශයන්ට අනුකූලව නිර්මාණය කර ඇති මෙම ප්‍රදර්ශනාගාරය, සමාගමේ නවෝත්පාදන, ගුණාත්මකභාවය සහ සේවා විශිෂ්ටත්වය කෙරෙහි අවධානය යොමු කරන අතර නවීන පාරිභෝගික කේන්ද්‍රීය පරිසරයක් ඉදිරිපත් කරයි. පූර්ණ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා නිර්මාණය කරන ලද මෙම අවකාශය ජාත්‍යන්තර ප්රමිතීන් අනුව වර්ධනය වන Kia සන්නාමයේ නිෂ්පාදන කලඹ ගවේෂණය කිරීමට ද පාරිභෝගිකයින්ට අවස්ථාව ලබා දෙයි.
“නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම මගින් කොළඹ නගරය කෙරෙහි Kia හි කැපවීම පෙන්නුම් කරන අතර මෙය පාරිභෝගික සමීපත්වය ශක්තිමත් කරමින් සන්නාමය සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තුවන්නන් හට පහසුව සහ ප්‍රවේශය ඉහළ නංවනවා” යැයි Kia මෝටර්ස් ලංකා සභාපති මහේන් තම්බයියා මහතා පැවසීය. “මෙය පාරිභෝගික සබඳතා වර්ධනයට සහ ප්‍රධාන නාගරික ස්ථාන හරහා Kia නාමය පුළුල් කිරීමට වන අපගේ උපාය මාර්ගයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සටහන් කරනවා.”
නවතම Kia Tasman රථය නව ප්‍රදර්ශනාගාරයේ සුවිශේෂී ලෙස ප්‍රදර්ශනය වන අතර එය Kia සන්නාමයේ පළමු ද්විත්ව කැබ් පිකප් රථය වේ. Tasman හඳුන්වාදීම මගින් Kia හි රථවාහන විවිධාංගීකරණය කිරීම සහ බහුවිධ අංශ හරහා වන පාරිභෝගික ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සන්නාමයට ඇති හැකියාව අවධාරණය කරයි.
Tasman රථයට අමතරව, Altair ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්නන් හට Kiaහි වාහන වර්ග කීපයක් දැකබලා ගැනීමට හැකි අතර එය මෝටර් රථ ලෝලීන් සඳහා වෙළඳ නාමයේ පුළුල් ආකර්ෂණය තවදුරටත් ඉහළ නංවයි. Kia Motors Lanka සමාගම 1996 සිට ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ගෝලීය නිර්මාණ, තාක්ෂණය සහ ගුණාත්මක නායකත්වය සමඟින් බැඳී සිටින අතර Sorento, Sportage, Carnival, Sonet, Seltos, Picanto සහ වර්තමානයේ Tasman වැනි සන්නාමයේ වඩාත් ජනප්‍රිය වෙළඳ නාමවල තෝරාගත් පරාසයක් මෙන්ම Kia හි නවතම විදුලි වාහන වන EV3, EV5, EV6 සහ EV9 ද පාරිභෝගිකයින්ට පිරිනමනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
