JAT පින්තාරු අභිමන් තෙවැනි අදියරත් සාර්ථකව නිමාව දකියි
JAT Holdings PLC ආයතනය මඟින් ශ්‍රී ලංකාවේ දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමේ දිගුකාලීන අරමුණින් ක්‍රියාත්මක වන 'JAT පින්තාරු අභිමන්' වැඩසටහනේ තෙවැනි අදියරෙහි අටවන හෙවත් අවසාන වැඩමුළුව කොළඹ දී සාර්ථකව නිමාවට පත් විය. මෙය දැව පින්තාරු ක්ෂේත්රයේ වෘත්තීයභාවය සහ සවිබලගැන්වීම ඉහළ නැංවීම සඳහා JAT ආයතනයෙහි කැපවීම පිළිබිඹු කරයි.
දැව පින්තාරු ශිල්පීන් වෙනුවෙන්ම JAT Holdingsආයතනය පවත්වන මෙම වැඩසටහනට පින්තාරු ශිල්පීන්ට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික පුහුණුව සහ නව නිෂ්පාදන හා නවීන ආලේපන ක්‍රමවේද පිළිබඳ දැනුම බෙදාගැනීමේ සැසි මෙන්ම, සහභාගිවන්නන්ගේ කුසලතා, ආකල්ප සහ කර්මාන්ත සූදානම ඉහළ නැංවීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද වෘත්තීය දැව පින්තාරු ශිල්පී සංවර්ධන සැසියක් ද ඇතුළත් වෙයි. මෙම වසරේදී, මාතර, කෑගල්ල, දඹුල්ල, බදුල්ල, පුත්තලම, අම්පාර, යාපනය සහ කොළඹ යන ප්‍රධාන ප්‍රදේශ අටක දැව පින්තාරු ශිල්පීන් 3,400කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටියහ. ඊට අමතරව මෙහිදී දැව පින්තාරු ශිල්පීන්ගේ විශිෂ්ට ශිල්පීය හැකියාවන් සහ තාක්ෂණික ක්‍රම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට දිරිමත් කරන Best Wood Finisher තරඟයද නැවත වරක් මෙම වැඩසටහනට ඇතුළත් විය. JAT පින්තාරු අභිමන් වැඩසටහන, දැව පින්තාරු ශිල්පීන්ගේ හැකියාවන් ශක්තිමත් කිරීමට, ක්ෂේත්රයට අදාල දැනුම වැඩිදියුණු කිරීමට සහ ඔවුන්ගේ ශිල්පීය හැකියාවන් මෙන්ම වෘත්තීයන් ඉහළ තලයකට ගෙන ඒමට නව මංපෙත් විවර කරනු ලබයි. එසේම, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) සහයෝගය ඇතිව, MTV/MBC මාධ්‍ය ජාලය හරහා ප්‍රචාරණය කරනු ලබයි.
මෙම වැඩමුළුවලින් ලබා දෙන තාක්ෂණික වටිනාකම පිළිබඳව අදහස් දක්වමින්, JAT Holdings PLC හි අධ්යක්ෂ - විකුණුම් හා තාක්ෂණික (දකුණු ආසියාව) වසන්ත ගුණරත්න මහතා මෙසේ පැවසීය.
"අද වන විට වැඩමුළු 24ක් සම්පූර්ණ කර ඇති JAT පින්තාරු අභිමන්, ශ්‍රී ලංකාවේ වඩාත් ක්‍රමවත් හා ඉහළ තාක්ෂණික දැනුම ඇතුළත් දැව පින්තාරු ශිල්පී සංවර්ධන වැඩසටහන්වලින් එකක් බවට පත්ව තිබෙනවා. එක් එක් අදියර සැලසුම් කර ඇත්තේ තාක්ෂණික ප්‍රවීණත්වය සහ නව ආලේපන තාක්ෂණයන්ට අනුවර්තනය වීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා යි. අපගේ මූලික අරමුණ වන්නේ පින්තාරු ශිල්පීන් අවසානයේදී ඔවුන්ගේම ව්‍යාපාර ගොඩනගා ගැනීමට විශ්වාසය හා හැකියාව ඇති සැබෑ වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් බවට පත් කිරීමට මඟ පෙන්වීමයි. නිෂ්පාදන සහ පාරිභෝගික අපේක්ෂාවන් වෙනස් වන විට, පින්තාරු ශිල්පී ප්‍රජාව ඒ පිළිබඳව අවබෝධය සහිතව සිටිය යුතු අතර, මෙම වැඩසටහන ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙන බවට අප සහතික වෙනවා."
මෙම වැඩසටහනේ ප්රතිලාභයන් පිළිබඳව අදහස් දක්වමින්, JAT Holdings හි අලෙවිකරණ අධ්යක්ෂ - දිල්ෂාන් රොඩ්රිගෝ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
"JAT පින්තාරු අභිමන් සංවිධානය කර ඇත්තේ, පින්තාරු ශිල්පීන්ට ලෝකයමපිළිගත් වෘත්තිකයන් බවට පත් වීමට, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම සඳහා යි. අපි පින්තාරු ශිල්පීන් සවිබල ගන්වන විට, මෙම කර්මාන්තය මත යැපෙන සියලුදෙනාද සවිබල ගන්වන අතර මෙම වැඩසටහන දීර්ඝකාලීන තිරසාර අරමුණු වලට සමගාමීව රටෙහි ප්‍රගතිය සහආර්ථිකසංවර්ධනයඉදිරියට ගෙන යාම සඳහා අපගේ කැපවීම පිළිබිඹු වෙනවා. එමෙන්ම නව තාක්ෂණය, ශිල්පීය ක්‍රම සහ ක්ෂේත්රය පිළිබඳ අවබෝධය ඔවුන්ට ලබා දීමෙන්, අපි ඔවුන්ගේ ශිල්පයට ගෞරව කරන අතර ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්රයෙහි පදනම ශක්තිමත් කරමින් සිටිනවා."
ආරම්භයේ සිටම, JAT පින්තාරු අභිමන් වැඩසටහන ක්‍රමවත් පුහුණුව, සහතික කිරීමේ අවස්ථා සහ විශේෂඥ තාක්ෂණික මඟ පෙන්වීම් සඳහා අවස්ථාව ලබා දෙමින් දිවයින පුරා පින්තාරු ශිල්පීන් දහස් ගණනක් සමඟ එක්ව කටයුතු කර ඇත. මෙම වැඩසටහන ප්‍රජාවන් නගා සිටුවීම, කර්මාන්ත ප්රමිතීන් ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් වල ගුණාත්මකභාවයට හා සුන්දරත්වයට සෘජුවම බලපාන වෘත්තිකයන්ට සහාය වීම සඳහා JAT හි පුළුල් කැපවීම පෙන්නුම් කරයි.
JAT පින්තාරු අභිමන් හි තෙවන අදියර සාර්ථකව නිම කිරීමත් සමඟ, JAT Holdings ආයතනය ඉදිරි වසරවලදී මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට, එහි ප්රතිලාභයන් තව තවත් වැඩි කිරීමට සහ රටෙහි පින්තාරු ශිල්පීන් සවි බල ගැන්වීම අඛණ්ඩව සිදු කිරීමට බලාපොරොත්තු වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

