වර්ල්ඩ් එක්ස් ඉන්දියා සමාගම විසින් සංවිධානය කරනු ලබන, රටවල් 12කට අධික ප්‍රමාණයකින් ව්‍යාපාරිකයන් 200කට අධික ප්‍රමාණයක් සහභාගී වන 'Intex South Asia 2019' වෙළෙඳ ප්‍රදර්ශනය නොවැම්බර් මස 13 සිට 15 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්මීට කටයුතු යොදා තිබේ.
ඇඟළුම් තාක්ෂණයේ නව තාක්ෂණික අදහස්, නව පර්යේෂණ, විලාසිතා හා ක්‍රමවේද ඇතුළු තවත් බෝහෝ දැනුම් ලබාදීමේ අරමුණින් මෙවර ප්‍රදර්ශනය සඳහා Cotton USA හෙවත් ඇමෙරිකානු කපු කවුන්සිලය එක්වීමට නියමිත අතර, මෙවර ප්‍රදර්ශනයේ පළමු වැනි වරට 'යහපත වෙනුවෙන් විලාසිතා' යන තේමාව යටතේ ඇඟළුම් තාක්ෂණයේ නවෝත්පාදන හා නව්‍යකරණ පිළිබඳ තොරුතුරු මෙන්ම, දකුණු ආසියානු කලාපය තුළ ඇඟළුම් කර්මාන්තයේ සහයෝගීතාව තිරසාර මඟකට රැගෙන යනු ඇති බව මෙහි සංවිධායකයෝ වැඩිදුරටත් පවසති.