ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙදි (IMF) විධායක කමිටුව විසින් දීර්ඝ කරන ලද විස්තීරණ ණය පහසුකමට අදාළව ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ 6 වැනි සමලෝචනය නොවැ. 01 වැනි දින සම්පූර්ණ කළ බව IMF නිවේදනය කරයි.
ඒ අනුව, දළ වශයෙන් ඇ.ඩො.මිලියන 164ක පමණ වාරිකයක් මුදාහැරීමට අවකාශය හිමිව ඇති බවද පවසන ඔවුන්. මේ දක්වා සිදුකළ සමස්ත මුදාහැරීම දළ වශයෙන් ඇ.ඩො.බිලියන 1.3ක් දක්වා ඉහළ යන බවද කියයි.
2016 ජුනි මස 03 වැනි දින අනුමත කරන ලද ඇඩො.බිලියන 1.5ක් වන ණය පහසුකම, 2019 මැයි මස 13 වැනි දින විධායක කමිටුව විසින් 2020 ජුනි මස 02දා දක්වා තවත් වසරකින් දීර්ඝ කළ අතර, ඉතිරි වාරික මුදාගැහරීම ඊට අනුකූලව සිදුවනු ඇත.
මෙහි සමලෝචනය පිළිබඳ විධායක කමිටුවෙහි සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ සහ විධායක කමිටුවෙහි වැඩබලන ප්‍රධානී මිට්සුහිරෝ ෆුරුසුවා මහතා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරයට ලක්ව බිඳ වැටුණු ආර්ථිකය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් තිබුණත්, දේශීය හා විදේශීය අවිනිශ්චිතතා වර්ධනයවීම මධ්‍යයේ සැලකිය යුතු අවදානම් පැවතීම හේතුවෙන්, අවදානම්වලට මුහුණදීමේ හැකියාව වර්ධනය කිරීමට සහ ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්රතිපත්තියෙහි විනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බවයි.