IFC මූල්‍ය සහාය සමග කොමර්ෂල් බැංකු කාන්තා හා කෘෂි ව්‍යාපාර මූල්‍ය පහසුකම්
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සඳහා විශාලතම ණය දෙන්නා ලෙස තම ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව, රට පුරා විහිදී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ණයදීමේ ධාරිතාව කොමර්ෂල් බැංකුව විසින් දැන් තවත් සැලකිය යුතු ලෙස පුළුල් කරගෙන ඇත.
මෙම හවුල්කාරීත්වය යටතේ කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන නව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය සඳහා IFC වෙතින් ඇ.ඩො. මිලියන 60 ක (රු. බිලියන 18.5 කට සමාන) අවදානම් ආවරණයක් සපයනු ලබයි. ණය අවදානමෙන් 50%ක් උපකල්පනය කිරීම මගින් බැංකුවට තම ණය දීමේ ධාරිතාව තිරසාර ලෙස පරිමාණනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුඩා හා මධ්‍ය පරිමාණ ණය දෙන්නා ලෙස තම ස්ථාවරය ශක්තිමත් කර ගැනීමට අවකාශය ලබා දෙයි. මෙම ගිවිසුම ඇතිකර ගන්නේ ශ්‍රී ලංකාව ප්‍රධාන අංශ හරහා ගොඩනැගෙන වර්ධන අවස්ථාවන් ප්‍රාග්ධනීකරණය කරන අවධියක ය.
මෙම අවදානම බෙදාගැනීමේ පහසුකම (Risk Sharing Facility) හරහා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර හා කෘෂි ව්‍යාපාර සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත. මෙම ඉලක්කගත ප්‍රවේශය මූල්‍ය අන්තර්ගතකරණය සෘජුවම දිරිමත් කරන අතර ශ්‍රී ලංකාවේ දිගුකාලීන ඔරොත්තුදීමේ හැකියාව සඳහා මෙන් ම ආර්ථික ව්‍යාප්තිය සඳහා ද අත්‍යවශ්‍ය වන නිෂ්පාදන අංශ ශක්තිමත් කරන බව බැංකුව පැවසීය.
මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය. "IFC සමඟ දියත් කළ මෙම මූල්‍ය පහසුකම හරහා, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ දිගුකාලීන කැපවීම මත ඇති විශ්වාසය තවත් බලවත් කරනවා. මෙරට අර්බුදකාරී තත්ත්වයන්ගෙන් පසු යථා තත්ත්වයට පත් වෙමින් පවතින අවස්ථාවක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැවත ගොඩනැංවීමට, ඔවුන්ට අනුවර්තනය වීමට සහ වර්ධනය වීමට, ණය ලබා ගැනීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. මෙම හවුල්කාරීත්වය මගින් අපගේ ණය දීමේ ධාරිතාව වගකීමෙන් යුතුව පුළුල් කිරීමේ හැකියාව ලබා දෙන අතර සියලු දෙනා අන්තර්ගත කරගත හැකි, නොසැලෙන ආර්ථික වර්ධනයකට මග සාදන කාන්තාවන් ප්රමුඛ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා කෘෂි ව්‍යාපාරික අංශය වැනි අංශවලට ප්‍රමුඛතාවය ලබා දෙනවා."
ඔහු තවදුරටත් පැවසූයේ මෙම මුලපිරීම බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අරමුණු කරගත් උපායමාර්ගයට හොඳින් ගැලපෙන බවයි. "අඛණ්ඩව වසර පහක් පුරාවට කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශාලතම ණය දෙන්නා බවට පත් වූයේ මෙම ව්‍යාපාර අංශය ආර්ථිකයේ කොඳු නාරටිය බව අප හඳුනාගත් බැවිනුයි. අවදානම් බෙදාගැනීමට සහ නව මූල්‍යකරණ අවස්ථා විවෘත කිරීමට IFC සමඟ කටයුතු කිරීමෙන් රැකියා නිර්මාණය කරන, ප්‍රජාව තිරසාර ලෙස පවත්වාගෙන යාමට ඉවහල් වන, එමෙන් ම ජාතික සංවර්ධනය ද මෙහෙයවන, ව්‍යාවසායකයින් සමඟ සිටීමට අපට ලැබෙන අවස්ථාව අපි නිරතුරුවම ශක්තිමත් කරනවා."
IFC හි මූල්‍ය ආයතන සමූහයේ ආසියා - පැසිෆික් කලාප කර්මාන්ත සදහා අධ්යක්ෂ ඇලන් ෆෝලෙමු මහතා පැවසුවේ මෙම හවුල්කාරීත්වය මූල්‍ය පහසුකම් ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අංශ වලට සහය වීමට IFC හි කැපවීම අවධාරණය කරන බවයි. "සැබෑ ආර්ථික ප්‍රගතියක් ඇති වන්නේ ව්‍යවසායකයින්ට තමන් සතු සම්පත්, සමෘද්ධිමත් ව්‍යාපාර බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිය ඔවුන් සතුව ඇති විටයි. කොමර්ෂල් බැංකුව සමඟ ඇතිකරගත් මෙම සහයෝගීතාවය හරහා, ශ්‍රී ලංකාව පුරා ඇති කුඩා ව්‍යාපාරවලට ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාව හා මූල්‍ය හැකියාව අතර ඇති පරතරය පියවා ගැනීමට මෙන් ම ඔවුන්ගේ මූල්‍ය ධාරිතාව පුළුල් කරගැනීමට ඉලක්කගත විසඳුම් ලබා දීම අපගේ අරමුණයි. අපගේ ඉලක්කය වන්නේ රැළිති බලපෑමක්, නැතහොත් ප්‍රතිඵල රැල්ලක් ඇති කිරීමයි. තනි ව්‍යාපාර සාර්ථක වූ විට රැකියා සම්පාදනය කරමින්, ඒ හරහා පවුල් බොහෝමයකට මූල්‍ය සහයෝගය ලැබෙනවා. එවිට වඩාත් අන්තර්ගතකරණය වූ, සියලු දෙනාටම යහපත් අනාගතයක් ගොඩනැගෙයි. IFC සහ කොමර්ෂල් බැංකුව අතර පැවති දශක දෙකකටත් වැඩි හවුල්කාරීත්වය මෙම නවතම මුලපිරීම හරහා තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇති. එමගින් ලෝක බැංකු සමූහයේ මෙහෙවර සහ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලට සහය වීමේ වැඩපිළිවෙලට අනුකූල වෙමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සංවර්ධනය සහ ඔවුන්ගේ ආර්ථිකව නොසැලී සිටීමේ හැකියාව, තවදුරටත් ඉහළ නංවනු ඇති."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

