Hela Clothing කර්මාන්තශාලා කිහිපයක් Emerald Clothing වෙත
Hela Clothing සමාගම විසින් මින් පෙර සිදුකරන ලද ප්‍රධානතම මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා Emerald Clothing සමාගම පෙරට පැමිණ තිබේ. Hela Clothing සමාගමේ නිෂ්පාදන කටයුතු ස්ථාවර කිරීම, රැකියා සුරක්ෂිත කිරීම සහ ශ්‍රී ලාංකේය ඇඟලුම් අපනයන ක්ෂේත්රය ආරක්ෂාකර ගැනීම එම පියවරේ මූලික අරමුණයි.
ද්‍රවශීලතා අභියෝග ක්‍රියාවලි මත Hela Clothing සමාගමේ යම් ව්‍යාපාරික අංශ ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට හේතු වීම මෙම මැදිහත්වීමට පදනමයි. ඒ අනුව, බාධාවකින් තොරව නිෂ්පාදන කටයුතු සිදු කිරීමත්, පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමත් අරමුණුකර ගනිමින් තමන් මෙහෙයුම් කටයුතුවල වෙනසක් ඇති කිරීමට කටයුතු කළ බව Emerald Clothing සමාගම පවසයි.
එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස, කර්මාන්තශාලා තුළ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයින් දහස් ගණනකගේ රැකියා සුරක්ෂිත කිරීමටත්, ජාත්‍යන්තර ඇඟලුම් ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා අඛණ්ඩව ඉටු කිරීමටත් කටයුතු කෙරේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නිෂ්පාදන කර්මාන්තශාලා (තිහාරිය සහ පලාපත්වල) මෙන්ම එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ සැකසුම් සහ සංවර්ධන කටයුතු ද Emerald Clothing කළමනාකාරිත්වය යටතේ අඛණ්ඩව මෙහෙවනු ලැබේ.
"කර්මාන්තශාලා අඛණ්ඩව පවත්වාගෙන යාමත්, ජීවනෝපාය ආරක්ෂා කිරීමත්, පාරිභෝගිකයින්ට බාධාවකින් තොරව සැපයුම් ලබා දීමත් හරහා අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීම අපගේ ප්‍රධානතම අරමුණයි. මෙය, විශ්වසදායක මූලාශ්‍ර ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය පවත්වා ගැනීම වෙනුවෙන් අප ගත් පියවරක්" යනුවෙන් ආයෝජන සමූහය නියෝජනය කරමින් මොහොමඩ් සලීම් සුහුර්ඩීන් මහතා සඳහන් කළේය.
මෙරට සැලකිය යුතු අපනයන ඉපයීම් සහ රැකිරක්ෂා ප්‍රමාණයකට දායකවන ඇඟලුම් කර්මාන්තය, ගෝලීය වෙනස්වීම් සහ දේශීය මුල්‍ය අභියෝග හමුවේ දැඩි පීඩනයකට ලක්ව තිබේ. මහාපරිමාණ නිෂ්පාදකයින් හට ඇතිවන බාධක හේතුවෙන් සැපයුම් දාමවලට වඩාත් පුළුල් බලපෑමක් ඇතිවිය හැකි බව ඇඟලුම් කර්මාන්ත විශේෂඥයින්ගේ මතයයි.
මෙය, අවිනිශ්චිතතා මධ්‍යයේ වුව ද මෙහෙයුම් කටයුතු සහ ගැනුම්කරුවන්ගේ විශ්වාසය ආරක්ෂා කිරීම වෙනුවෙන් Emerald Clothing සමාගම ගත් සුවිශේෂී පියවරකි.
Emerald Clothing යනු, නිෂ්පාදන, පාරිභෝගික භාණ්ඩ සහ සන්නාම සංවර්ධන යන ක්ෂේත්‍ර තුළ මෙහෙයුම් කටයුතු සිදුකරන සමාගමකි. මෙම මෙහෙයුම් හුවමාරු කාලය තුළ මෙහෙයුම් විනය, විශ්වසනීයත්වය සහ පාරිභෝගිකයින් රඳවා තබා ගැනීම කෙරෙහි ප්‍රමුඛතාව ලබාදෙන බව Emerald සමූහය පවසයි.
Emerald Clothing සමාගම පිළිබඳ,
Emerald Clothing යනු, සැකසුම් නිර්මාණයේ සිට ඇඟලුම් පිරිනැමීම දක්වා පරිපූර්ණ විසඳුම් පිරිනමන නූතන නිෂ්පාදන සමාගමකි. එම සමාගම ගුණාත්මක බව, නවෝත්පාදනය සහ ආචාර-ධාර්මික ක්‍රමවේද හරහා ගෝලීය විලාසිතා සන්නාමවලට තිරසර සහ විශ්වසනීය නිෂ්පාදන පිරිනමයි. කාර්යක්ෂමතාව සහ දිගුකාලීන හවුල්කාරිත්ව කෙරෙහි විශේෂ අවදානයක් යොමුකරන Emerald Clothing සමාගම, ජාත්‍යන්තර ඇඟළුම් කර්මාන්තයේ විශ්වසනීය පාර්ශ්වයක් ලෙස අඛණ්ඩව සිය කීර්තිනාමය තහවුරුකර ගනිමින් සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
