HUTCH, සංචාරකයන් වෙනුවෙන් රෝමිං පැකේජ සමඟ රක්ෂණයක්
ශ්‍රී ලංකාවේ ප්‍රථමවතාවට HUTCH සමාගම විසින් සියලුම රෝමිං (Roaming) පාරිභෝගිකයන් සඳහා නොමිලේ සංචාරක රක්ෂණයක් හඳුන්වා දී ඇත. රෝමිං සේවාව සහ පුළුල් සංචාරක ආරක්ෂණය සුවිශේෂී ලෙස ඒකාබද්ධ කරන මෙම වැඩපිළිවෙළ මගින්, මෙරට HUTCH පාරිභෝගිකයන් විදේශගතව සිටින විටදී ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතා මෙන්ම රැකවරණයද එකවර තහවුරු කරයි.
රටවල් 150කට අධික සංඛ්‍යාවක් ආවරණය වන ගෝලීය රෝමිං ජාලයක් සහිත HUTCH රෝමිං පැකේජ, වෙළඳපොළේ පවතින අනෙකුත් පැකේජයන් හා සැසඳීමේදී 50%ක් දක්වා ඉතිරියක් ලබා දෙමින්, සිය පාරිභෝගිකයන්ට සුවිශේෂී වටිනාකමක් හිමිකර දෙයි. මෙම වැඩපිළිවෙල හරහා එම වටිනාකම තවදුරටත් වර්ධනය කරන අතර, ගමන් මලු අස්ථානගත වීම, රෝහල්ගත වීමේ වියදම්, හදිසි අනතුරු වැනි අනපේක්ෂිත අවස්ථාවන් රැසක් සඳහා ආවරණය සපයයි. ඩේවිඩ් පීරිස් සමූහයට අනුබද්ධ රක්ෂණ ආයතනයක්වන ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම රක්ෂණ තැරැව්කාර සමාගම වන Assetline Insurance Brokers (Private) Limited (AIBL) සහ Allianz Insurance හි හවුල්කාරීත්වයෙන් මෙම රක්ෂණය ලබා දෙනු ලැබේ.
පිටරට සංචාරයේ යෙදෙන්නන්ගේ විවිධ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි, සංචාරයේ යෙදෙන කාලසීමාව අනුව විවිධ රෝමිං පැකේජ රැසක් HUTCH පාරිභෝගිකයින් වෙනුවෙන් හඳුන්වා දී ඇත. ඒ අතර වන 10GB දින 07ක් සඳහා වලංගු පැකේජය, දැන් ඇ.ඩො. 5,000ක නොමිලේ සංචාරක රක්ෂණ ආවරණයක් සමඟින් පිරිනැමීම තුළින් සංචාරකයින්ට ඉහළම වටිනාකමක් ලබා දෙයි. HUTCH Self-Care App යෙදවුම හරහා මෙම පැකේජයන් කිසිදු අපහසුවකින් තොරව සක්‍රිය කිරීමටත්, ඒවායේ භාවිතය නිරීක්ෂණය කිරීමටත් අවස්ථාව සලසා දී ඇති අතර නව පාරිභෝගිකයන්ට www.hutch.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව SIM පතක් ඇණවුම් කිරීමෙන් පහසුවෙන් ජාලයට සම්බන්ධ විය හැකිය. එහිදී eSIM ක්ෂණිකව බාගත කර ගැනීමට හෝ භෞතික SIM පතක් නිවසටම ගෙන්වා ගැනීමට හැකිවනු ඇත. මීට අමතරව, දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිත ජාලය හරහාද සම්බන්දතා සක්‍රීය කර ගත හැකිය.
මෙවැනි සුවිශේෂී රෝමිං සේවාවක් පිරිනැමීමට HUTCH සමාගම සතු හැකියාව, එහි මව් සමාගම වන CK Hutchison Holdings (CKHH) හි ශක්තිමත් පසුබිම මත රඳා පවතී. Fortune 500 ලැයිස්තුවට ඇතුළත්, යුරෝපය සහ ආසියාව පුරා විදුලි සංදේශ ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ සන්නාමයක් වන CKHH, සිය දැවැන්ත ගෝලීය ව්‍යාප්තියේ ශක්තිය HUTCH සමාගම වෙත ලබා දීම තුළින් ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ක්‍රියාකරුවෙකුට ලබා දිය නොහැකි රෝමිං ගාස්තු සහ විශේෂ දීමනා විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ට පිරිනැමීමට HUTCH සමාගමට හැකියාව ලැබී ඇත.
HUTCH සමාගමෙහි ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රධානී, මුෂ්ටාක් මන්සූර්දීන් ප්‍රකාශ කළේ, "මෙම සුවිශේෂී පියවර තුළින්, HUTCH සිය පාරිභෝගිකයන්ට නැවුම් අත්දැකීමක් ලබාදීමට බලාපොරොත්තු වෙන බවයි. අපි ඔවුන්ට සහනදායී මිලකට සබඳතා පවත්වා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලබනවා. CKHH Global හි අතිවිශාල ශක්තිය සහ හවුල්කාරීත්වය ඇතිව, පාරිභෝගික ජීවිතයට සැබෑ වටිනාකමක් එක් කරන ගෝලීය මට්ටමේ නව්‍යකරණයන් සහ ප්රතිලාභ ලබා දීමට අපි අඛණ්ඩව කැපවී සිටිනවා." යනුවෙනි.
සහනදායී මිල සහ ඉහළ රැකවරණය සමඟින් ගෝලීය ශක්තිය දේශීය අවශ්‍යතා සමඟ ඒකාබද්ධ කරමින්, HUTCH සමාගම මෙරට විදුලි සංදේශ කර්මාන්තයේ නව ප්‍රමිතියක් ස්ථාපිත කර ඇත. HUTCH සමඟින් සෑම සංචාරයක්ම, අඛණ්ඩ සබඳතාවය සහ ඉහළ රැකවරණය සමඟ අමතක නොවන අත්දැකීමක් බවට පත් කිරීම සිය බලාපොරොත්තුව බව ඔවුන් කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

