නියාමන අනුමැතියට යටත්ව බන්ධනීය ගිවිසුමකට එළඹෙමින් සිය පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාරය, නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී වෙත විකිණීමට තීරණය කළ බව මෑතක දී HSBC ශ්‍රී ලංකා ප්‍රකාශයට පත් කළේය.
ඉන් අනතුරුවද, HSBC ශ්‍රී ලංකා, සිය ආයතනික සහ සංස්ථා සේවාදායකයන් (Corporate and Institutional) වෙත අඛණ්ඩව සේවය සැපයීමට දැඩි කැපවීමකින් යුතුව තවදුරටත් කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකාව වෙත HSBC සමූහයේ කැපවීම කෙරෙහි මෙම තීරණය කිසිදු අයුරකින් බල නොපාන බවද දැනුම් දෙයි.
වසර 130කට වැඩි දීර්ඝ ඉතිහාසයක් සහිත ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර බැංකුවක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ තම නාමයේ පැවැත්ම පිළිබඳ වැදගත්කම මැනවින් හඳුනා ගෙන ඇති HSBC විසින් ආයතනික සහ සංස්ථා බැංකුකරණ පහසුකම් සැපයීමට තවදුරටත් කැපවෙනු ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ගෝලීය සබඳතාවන්ට සහාය ලබාදෙන අතරවාරයේ වෙළෙඳ හා ආයෝජන ප්රවාහයන් යන දෙයාකාරයෙන්ම එකී සේවාදායකයන් වෙත ප්රතිලාභ ලබාගැනීමට ඒ හරහා අවස්ථාව සලසයි. ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු වල යෙදෙන දැවැන්ත සේව්‍යයන් අතරින් එක් ප්රමුඛ පෙළේ සේව්යයකු වශයෙන් කීර්තිය හිමි කරගෙන ඇති HSBC බැංකුවේ සහ කොළඹ පිහිටි එහි ගෝලීය සේවා මධ්‍යස්ථානයේ (Global Service Centre - GSC) 3,000 අධික පිරිසක් සේවයේ නියුතු වේ.
වෙළඳ, ගෙවීම් සහ මුදල් කළමනාකරණ කටයුතු, සුරැකුම්පත් සහ සේවාවන් සම්බන්ධයෙන් HSBC සිය ආයතනික සහ සංස්ථා සේවාදායකයන් ඇතුළු වෙනත් දැවැන්ත ආයතන හා මූල්‍ය සමාගම්වලට පෙර පරිදිම ඉදිරියටද ජාත්‍යන්තර ප්‍රමිතීන්වල ගුණාත්මක භාවය, ප්‍රවීණතාව සහ විශ්වාසය සහිතව, මනා සේවයක් අඛණ්ඩව ලබාගැනීමේ හැකියාව සහතික කෙරෙයි.