HIP අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ නියෝජිතයන් පිළිගනී
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) පහසුකම් සහ සේවාවන් පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමයේ (ASEAN) ප්‍රභූ නියෝජිත පිරිසක් පසුගිය දා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් ඩටෝ ටැන් යැන්ග් තායි මහතා, ඉන්දුනීසියාවේ තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මිය, වියට්නාම් තානාපති හෝ ති තාන් ටෘක් මිය සහ ඔවුන්ගේ දූත පිරිවර රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත මණ්ඩලයට ඇතුළත් වූහ.
ASEAN නියෝජිතයන් පිළිගත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මූල්‍ය නිලධාරී රේමන්ඩ් මූ සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (HIPS) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවික්‍රම යන මහත්වරුන් වරායේ Sky Lounge පරිශ්‍රයේදී HIPහි වත්මන් ව්‍යාපාර සහ අනාගත සංවර්ධන සැලසුම් පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන ලදී.
පසුව HIPGහි වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බින්දු රණසිංහ මහතා විසින් ඒ පිළිබඳ වඩාත් සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් කරන ලදී. වරාය නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, විදේශ දූත මඬුල්ල, වරාය සහ වරාය කර්මාන්ත උද්‍යානයේ සංචාරයකද නිරත විය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

