GREE AirTech Sri Lanka ගෝලීය සම්මානයක් ලබයි
ශ්‍රී ලංකාවේ විශාලතම ගෘහ උපකරණ සන්නාමයක් වන EverBright Holdings හි අනුබද්ධිත GREE AirTech (Pvt) Ltd, චීනයේ Chengdu හි පැවති 5 වන GREE Global Strategic සම්මන්ත්‍රණයේදී “මතු බලාපොරොත්තු තිබිය හැකිසන්නාමය” ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පිළිගැනීමක් අත්කර දී තිබේ.
රටවල් 100කට අධික සංඛ්‍යාවක් සමග ඉතා තියුණු තරඟයකට අනතුරුව GREE AirTech Sri Lanka ලබාගත් මෙම පිළිගැනීම ගෝලීය ව්‍යාපාරික වේදිකාවේ අපගේ දිවයිනට සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සනිටුහන් වනු ඇත.
මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් GREE AirTech (Pvt) Ltd හි ශ්‍රී ලංකාවේ කළමනාකාර අධ්යක්ෂ අධිල් අනීස් මහතා ප්‍රකාශ කළේ, “ගෝලීය තලයක ශ්‍රී ලංකා ධජය ලෙළදෙමින් මෙම ජාත්‍යන්තර සම්මානය දිවයිනට ගෙන ඒම පිළිබඳව අපට ඇත්තෙ නිහතමානී ආඩම්බරයක්. මෙම සම්මානය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත අසමසම සේවාවක් ලබාදෙමින් දීප ව්‍යාප්තව GREE සන්නාමය වර්ධනය කිරීමට අප කණ්ඩායම දක්වන කැපවීම සනාථ කරන සාක්ෂියක්. ජාත්‍යාන්තර මට්ටමේ වායු සමීකරණ විසඳුම් වලින් ඔබ්බට ගිය සාර්ථකත්වයක් ලබා ගැනීමට අපගේ කණ්ඩායම දිරිගැන්වීමක්.” යනුවෙනි.
"මතු බලාපොරොත්තු තිබිය හැකි සන්නාමය" යන සම්මානය මගින් GREE AirTech හි කැපී පෙනෙන පාරිභෝගික තෘප්තිය සහ සේවා විශිෂ්ටත්වය පවත්වා ගනිමින් වෙළෙඳපොළ තුළ අලෙවිය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීමද ඇගයීමට ලක්විය. පස්වන GREE ගෝලීය සමුළුව ගෝලීය ඉදිරි සැලසුම් සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සියලු දෙනාම එක් රැස් කළ අවස්ථාවක් විය.
GREE Global හි දකුණු ආසියාතික ප්‍රධානී ෆින් ෂී මහතා පවසා සිටියේ, “මෙම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ GREE AirTech කණ්ඩායමට සුබපැතුම්. අපි පාරිභෝගිකයින්ට පරිපූර්ණ අත්දැකීමක් ලබා දීමේ දැවැන්ත වර්ධනයක් සහ කැපවීමක් කණ්ඩායම තුළින් ඇති වී තිබෙනවා. අපි මේ සමරන්නෙ ඔවුන්ගේ වේගවත් ව්‍යාප්තිය සහ හවුල්කාරිත්වයේ විශිෂ්ටත්වයයි.” යනුවෙනි.
GREE යනු ලොව විශාලතම වායු සමීකරණ සණ්නාමය වන අතර, Euromonitor International විසින් අඛණ්ඩව වසර හතරක් වායු සමීකරණ බෙදා හැරීම සඳහා ගෝලීය වශයෙන් අංක 1 ශ්‍රේණිගත කර ඇත. ශ්‍රී ලංකාවේ GREE නිෂ්පාදනවල ‘බලය ලත් බෙදාහරින්නා’ ලෙස, GREE AirTech නේවාසික සහ වාණිජ වෙළෙඳපොළ හරහා පුළුල් විකුණුම්, බෙදාහැරීම් සහ නඩත්තු සේවා සපයයි.
සමාගමේ දීප ව්‍යාප්ත ජාලයට වෘත්තීය ස්ථාපනය, නඩත්තුව සහ අලෙවියෙන් පසු සහාය ලබා දෙන ඉහළ පුහුණු කළමනාකාරීත්වය, පරිපාලන කාර්ය මණ්ඩලය, පිළිගත් අලෙවි නියෝජිතයන් සහ ක්ෂේත්‍ර කාර්මික ශිල්පීන්ගෙන් සහය ලැබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

