First Capital සම්මාන 3ක් සමගින් ආයෝජන බැංකුකරණයේ පෙරමුණට
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධිත ආයතනයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන First Capital Holdings PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද 60 වන සංවත්සර TAGS ((Transparency, Accountability, Governance and Sustainability) සම්මාන උළෙලේදී ආයෝජන බැංකුකරණ කාණ්ඩයේ රන් සම්මානය ඇතුළු සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට සමත් විය.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් කොළඹ කොටස් වෙළඳපොළ සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම “Diamond Chapter”TAGS සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. මූල්‍ය සහ මූල්‍ය නොවන ආයතනික වාර්තාකරණයේ විශිෂ්ටත්වය ඇගයීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ විය.
2025 සම්මාන උළෙලේදී First Capital Holdings PLC සමාගම ආයෝජන බැංකුකරණ කාණ්ඩයේ රන් සම්මානය හිමිකර ගැනීමට සමත් විය. First Capital Treasuries PLC සමාගමSustainability කාණ්ඩයේ රිදී සම්මානය හිමි කරගත් අතර,First Capital Money Market Fund විසින් Unit Trusts කාණ්ඩයේ රන් සම්මානය හිමිකරගන්නා ලදි. First Capital Holdings PLC වෙත Integrated Reporting සහ Reportingයන කාණ්ඩ දෙකෙහිම සහතිකපත් හිමි වූ අතර,First Capital Treasuries PLC සමාගමට Integrated Reporting කාණ්ඩයේ සහතිකපතක් හිමි විය.
JXG සමූහයේ තිරසාරත්ව වාර්තාකරණ ක්‍රියාවලිය නියාමන අවශ්‍යතා සපුරාලන බවත්,වාර්තාකරණයේ විශිෂ්ටතම ක්‍රමවේදයන්ට අනුකූල බවත් මෙමඟින් තහවුරු වේ. සමාගමේ පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන (ESG) වැඩසටහන් විධිමත්ව ලේඛනගත කර ඇති අතර,ව්‍යුහගත හාසමාලෝචන-පාදක ක්‍රමවේද ඔස්සේ වාර්තාකරණය සිදුකර ඇත. මීට අමතරව සමාගම සියඅවදානම්, අවස්ථා සහ දීර්ඝකාලීන ක්‍රමෝපායික ප්‍රමුඛතා පැහැදිලි විනිවිදභාවයකින් යුක්තව සන්නිවේදනය කර තිබේ. තවද ඉහළම තලයේ වාර්තාකරණ ප්රමිතීන් අනුගමනය කිරීමට දක්වන උනන්දුව හා කැපවීම පිළිබිඹු කරමින් First Capital සමාගමදිගින් දිගටම TAGS Compliance ලාංඡනය ප්‍රදර්ශනය කරයි (මෙම ලාංඡනය 2023 වසරේදී හඳුන්වා දෙන ලද්දකි).
First Capital Holdings PLCහි කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් වීරසේකරමහතා මෙසේ පැවසීය: “2025 TAGS සම්මාන උළෙලේදී ආයෝජන බැංකුකරණ කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීම අපගේ කණ්ඩායම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. First Capitalහි විශිෂ්ටත්වය අර්ථ දැක්වෙන්නේ මූල්‍ය කාර්යසාධනයෙන් පමණක් නොව, අපගේ වාර්තාකරණයෙන් පිළිබිඹු වන පැහැදිලි බව, අඛණ්ඩතාව සහ වගවීම මඟිනුයි. මෙයඅපගේ ආයතනික පාලනය ක්‍රමවේදයන්හි ශක්තිය සහ අපගේ කොටස්කරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය යළි තහවුරු කරන ජයග්‍රහණයක් ලෙස අප දකිනවා.”
සමූහයේ වාර්තාකරණ ප්‍රවේශය මූල්‍ය සීමාවන්ගෙන් ඔබ්බට විහිදෙන බවත්, දැනුවත් තීරණ ගැනීම සහ දිගුකාලීන වටිනාකම් නිර්මාණය සඳහා සහාය වන අර්ථවත්, ඒකාබද්ධ වාර්තාකරණයක් සඳහා ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල වෙමින්,තිරසාරත්වය තම ප්‍රධාන ක්‍රමෝපායෙහි අනිවාර්ය අංගයක් බවට පත්කර ගැනීමට සමාගම පියවර ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත්පැවසීය.
First Capital Holdings PLCහි ප්‍රධාන මූල්‍ය නිලධාරී මංගල ජයශාන්ත මහතා මෙසේ අදහස් දැක්වීය: “මෙම ඇගයුම අපගේ කණ්ඩායමේ කැපවීම සහ වෘත්තීයභාවය මැනැවින් පිළිබිඹු කරන ජයග්‍රහණයක්. ගෝලීය වශයෙන් පිළිගත් තිරසාර නිර්ණායකවලට අනුකූල ඒකාබද්ධ වාර්තාකරණය හරහා, මූල්‍ය කාර්යසාධනය මෙන්ම තිරසාරත්වය උදෙසා අපගේ කැපවීම පැහැදිලිව සන්නිවේදනය කිරීම අපගේ අරමුණයි. අපි මෙම ජයග්‍රහණය සමරන අතරම, අපගේ වාර්තාකරණ භාවිතයන් අඛණ්ඩව වැඩිදියුණු කිරීමට අප බලාපොරොත්තු වනවා. ”
First Capitalහි තිරසාර ගමන පදනම් වී ඇත්තේ මූල්‍ය සාක්ෂරතාව තුළින් ජනතාව සවිබල ගැන්වීම, වගකීම්සහගත ලෙසසමාජයේ යහපත වෙනුවෙන් මැදිහත් වීම සහ පාරිසරික භාරකාරත්වය මත බවදමංගල ජයශාන්ත මහතා පැවසීය. SLFRS S2 සහ ගෝලීය විශිෂ්ටතම ක්‍රමවේදයන් අනුව කටයුතු කරන අතරම, මූල්‍යමය ඔරොත්තු දීමේ හැකියාව, දේශගුණික ක්‍රියාකාරකම්, ප්‍රජා සහභාගීත්වය සහ පාරිසරික වගකීම එහි සමස්ත ව්‍යාපාරික ක්රමෝපායසමඟ ඒකාබද්ධ කරමින්, කොටස්කරුවන් සඳහා සැමට විවෘත වර්ධන අවස්ථා සහ දීර්ඝකාලීන වටිනාකම් පිරිනැමීම සමූහයේ අරමුණ වී ඇත.
මෙම ජයග්‍රාහී ප්‍රවණතාව ඔස්සේ ඉදිරියට යන අතරම, විනිවිදභාවය, විශ්වාසනීයත්වය සහ ප්‍රවේශ්‍යතාව වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල් මෙවලම් උපයෝගී කරගනිමින් එහි ආයතනික වාර්තාකරණ ක්‍රියාවලීන් තවදුරටත් ශක්තිමත් කිරීමටද First Capital පියවර ගෙන තිබේ. ක්‍රමයෙන් දියුණු වන වාර්තාකරණ ප්රමිතීන් සහ නියාමන අපේක්ෂාවන්ට අනුකූලව තිරසාරත්ව මෙහෙවර පුළුල් කිරීම, මෙහෙයුම් පාලනය සහ වගවීම ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශය තුළ නව ආදර්ශ සනිටුහන් කිරීම සමාගමේ අරමුණ වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
