Fairway Holdings 7වැනි නිවාස ව්‍යාපෘතිය Fairway Latitude
Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ‘Fairway Latitude’ පසුගියදා නිල වශයෙන් දියත් කළේය. මෙහි සමාරම්භක උත්සවය 2026 ජනවාරි 20 දින Cinnamon Life හිදී පැවැත්විණි. අංක 07, හයිලෙවල් පාර, කිරුළපන යන ස්ථානයේ Fairway Latitude සුඛෝපභෝගී නිවාස සංකීර්ණය ඉදිකෙරේ.
Fairway Holdings යනු මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ සුඛෝපභෝගී බව සහ උසස් ප්‍රමිතිය සම්බන්ධයෙන් විශාල කීර්තියක් දිනා සිටිනදේපළ ඉදිකිරීම් සමාගමකි (Condominium Developer). Fairway Latitude ව්‍යාපෘතිය එම සමාගමේ ඉදිරි ගමනේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරයි.
කොළඹ 05 ප්‍රදේශයේ පිහිටා ඇති Fairway Latitude ව්යාපෘතියවෙත හයිලෙවල් පාර ඔස්සේ මෙන්ම බේස්ලයින් පාර ඔස්සේදපහසුවෙන් ළඟා විය හැක. එමෙන්ම ඒ අවට ප්‍රධාන පෙළේ පාසල්, ව්‍යාපාරික වශයෙන් වැදගත් ස්ථාන, ප්‍රධාන පෙළේ රෝහල්, ජනප්‍රිය සාප්පු සංකීර්ණ සහ ඉහළ පෙළේ අවන්හල් ඇතුළු පහසුකම් රාශියක් පිහිටා තිබේ. විශේෂයෙන්ම කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ මාර්ගවලට ආසන්නව Fairway Latitude ව්‍යාපෘතිය පිහිටා තිබීම එහි නිවැසියන්ගේ ජීවන රටාවන්ට ඉමහත් පහසුවක් වනු නිසැකය.
Fairway Latitude හි පිහිටා ඇති Rooftop Infinity Pool වර්ගයේ පිහිනුම් තටාකය පිහිටි ස්ථානයට කොළඹ නගරයේඅසිරිය මැනැවින් දිස් වේ. එමෙන්ම මෙම නිවාස සංකීර්ණයට පූර්ණ පහසුකම් සහිත ව්‍යායාම මධ්‍යස්ථානයක්, මනාව සකස් කරන ලද Rooftop Terrace පරිශ්‍රයක් සහ 250 කට අධික පිරිසකට රැඳී සිටිය හැකි උත්සව ශාලාවක්ද ඇතුළත්ය. මීට අමතරව නිවැසියන්ට එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගත හැකි අලෙවිසැලක්ඩFairway Latitude පරිශ්‍රයේ පිහිටා ඇති අතර, නිවැසියන් වෙනුවෙන් Concierge සේවාවක්ද පිරිනැමේ. එපමණක් නොව, නිවැසියන්ගෙන් පහසුව වෙනුවෙන් සේවා ජංගම යෙදුමක් (Resident Service App) ද හඳුන්වා දීමට නියමිතය.
ව්‍යාපෘතිය එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දක්වමින් Fairway Holdings සමාගමේ සභාපති විරාත් ද අල්විස් මහතා මෙසේ පැවසීය: "Fairway Latitude අපේ ගමන් මගේ නව ආරම්භයන් රැසක් සනිටුහන් කරන ව්‍යාපෘතියක්. එය අපගේ සත්වන සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය වගේම, කොළඹ වාණිජ දිස්ත්‍රික්කය තුළ අප දියත් කළ පළමු නිවස ව්‍යාපෘතියද වනවා. මෙහි ඉදිකිරීම් දැනටමත් ආරම්භ කර ඇති අතර, අපගේ පෙර සංවර්ධන ව්‍යාපෘතිවල අනිවාර්ය අංගයක් වූ,Fairway සමාගමට අනන්‍ය උසස් ප්රමිතීන් මෙහිදීද අනුගමනය කිරීමට අප බලාපොරොත්තු වනවා. පසුගිය වසර කිහිපය තුළ අප වෙත ලබා දුන් සහයෝගය වෙනුවෙන් විශේෂයෙන්ම සෙලාන් බැංකුව ඇතුළුසියලුම හවුල්කරුවන්ටඅපගේ ස්තූතිය හිමි විය යුතුයි."
වර්තමාන ලෝකයේ උසස් ජීවන රටාවන්ට ගැළපෙන තවත් පහසුකම් රැසක් Fairway Latitude නිවාසවලට ඇතුළත්ය. මෙහි සෑම නිවසක්ම පදිංචිකරුවන්ගේ යහපතට මුල් තැන හිමිවන නවීන ගෘහ නිර්මාණ ශිල්පීය අනුව, ස්වාභාවික ආලෝකය මැනැවින් ලැබෙන ආකාරයට, උසස් තත්වයෙන් යුතුව ඉදිකරනු ලබන අතර, යුරෝපීය සම්මතයන්ට අනුකූල මුළුතැන්ගෙවල් ඇතුළුව Fairway නිවාසවලට අනන්‍ය වන සුවිශේෂී ලක්ෂණ රැසකින්ද සමන්විතය.
Fairway Latitude නිවාස නිදන කාමර දෙකක්, තුනක් හෝ හතරක් සහිතව ඉදිකෙරෙන අතර ඒවා වර්ග අඩි 902 සිට 2,881 දක්වා පරාසයක විහිදී පවතී. සෑම නිවසකටම මානව සැලසුම් කර තනන ලද පරිසර හිතකාමි ලී දොරවල් සහ ගෙබිම්, Double-glazed uPVC ජනෙල්,Smart Home තාක්ෂණික අංග මෙන්ම,Fairwayසමාගමේ තිරසාර වටිනාකම්වලට අනුකූලබලශක්තිය පිරිමසින තාක්ෂණික පද්ධති සහ LED ආලෝකකරණ උපාංගද ඇතුළත් වේ.
Fairway සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අශේන් කර්තේලිස් මහතා Fairway Latitude ව්‍යාපෘතියේ වත්මන් තත්වය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය. "මෙය කොළඹ නගරයේ සුඛෝපභෝගී මහල් නිවාස වෙළඳපොළට පිවිසෙනඉතාමත් සුවිශේෂී ව්‍යාපෘතියක්. දැනටමත් මෙහි මහල් හයක ඉදිකිරීම්සම්පූර්ණ කර ඇති අතර, 2028වසරේදී සමස්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කිරීමට අප බලාපොරොත්තු වනවා. මෙහි ඉදිකිරීම් කටයුතු මේ ආකාරයට සැලසුම් කළ පරිදිම සිදුවන නිසා මෙහි ගැනුම්කරුවන්ට ඔවුන් සිතුවාටත් වඩා කලින් තම නිවාසවල පදිංචියට පැමිණ මෙහි ඇති සුවිශේෂී පහසුකම් අත්විඳීමට හැකියාව ලැබේවි. එමෙන්ම මීට සමාන අනෙකුත් ව්‍යාපෘතිවලට සාපේක්ෂව ඔවුන්ට මෙයින් තම ආයෝජනයට වඩාත් ඉහළ ප්රතිලාභ හිමි වීමටඉඩ තිබෙනවා. ඒ නිසා Fairway Latitude නිවාස පදිංචියට ඉතාමත් සුදුසු තෝරාගැනීමක් වගේම ඉතාම නැණවත් මූල්‍යමය අවස්ථාවක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.”
Fairway Latitude යනු කොළඹ නගරයේ සුඛෝපභෝගී මහල් නිවාස ගැනුම්කරුවන්ට ලැබෙන සුවිශේෂී තෝරාගැනීමකි. වසර 20 කට අධික ඉතිහාසයක් සහිත Fairway Holdings සමාගම මේ වන විට මෙම නවතම ව්‍යාපෘතියට අමතරව Fairway on the Waterfront, Fairmount Urban Oasis, Fairway SkyGardens, Fairway Galle, Fairway Elements සහ Fairway Urban Homesයන ව්‍යාපෘති 6 සම්පූර්ණ කර තිබේ. මෙම ව්‍යාපෘති 6 ට ඇතුළත් සමස්ත සුඛෝපභෝගී නිවාස සංඛ්‍යාව 1,000 කට අධිකය. මෙහි තවත් ඉදිරි පියවරක් වන Fairway Latitude ව්‍යාපෘතිය සුඛෝපභෝගී බව සහ ප්‍රායෝගිකත්වය එක්තැන් කරන සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකි වේ. වැඩිදුර තොරතුරු සඳහා www.latitude.lk වෙත පිවිසෙන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

