FACETS ශ්‍රී ලංකා 2026ට ජෝන් කීල්ස් සමූහයේ අනුග්‍රාහකත්වය
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (JKP), ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS ශ්‍රී ලංකා 2026 හි නිල නිශ්චල දේපළ හවුල්කරු ලෙස සිය හවුල්කාරීත්වය නිවේදනය කරයි.
මෙම වසරෙහි තේමාව වන “කාලානුරූපී උරුමයන්” (Timeless Legacies) යන්න, ශිල්පීය හැකියාව, විශ්වාසය සහ ස්ථීරසාර උරුමයන් මත ගොඩනැඟුණු ක්ෂේත්‍ර දෙකක ස්ථිරසාර වටිනාකම යන්න පිළිඹිබු කරයි.
මෙම හවුල්කාරීත්වය, ශිල්පීය හැකියාව, විශ්වාසය සහ ස්ථීරසාර වටිනාකම අපේක්ෂා කරන ක්ෂේත්‍ර දෙකක් එකට එක් කරමින් “කාලානුරූපී උරුමයන්” සමරයි.
මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයෙහි උප සභාපති සහ විකුණුම් හා අලෙවිකරණ ප්‍රධානී නදීම් ශුම්ස් මහතා මෙසේ පැවසීය:
“ස්වර්ණාභරණ සහ නිශ්චල දේපළ සැමවිටම සුඛෝපභෝගීත්වයට වඩා වැඩි යමක් නියෝජනය කරයි; ඒවා ස්ථිරභාවය නියෝජනය කරයි. එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය වන කතා, වටිනාකම් සහ හැඟීම්මැණිකක් සහ නිවසක්මත රඳවා ගනී. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයෙ හි දී, අපි FACETS හි ප්‍රදර්ශනය කරන විශිෂ්ටතම නිර්මාණ මෙන්ම කල් පවතින අවකාශයන් නිර්මාණය කරමු.”
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (SLGJA) සභාපති අක්රම් කාසිම් මහතා මෙයට අදහස් එක් කරමින්, “විශිෂ්ටත්වය, ශිල්පීය හැකියාව සහ ස්ථීරසාර වටිනාකම යනාදී FACETS හි පදනම නිර්වචනය කරන එම මූලධර්ම ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විසින් පිළිබිඹු කරනවා. නිල නිශ්චල දේපළ හවුල්කරු ලෙස ඔවුන්ගේ සහභාගීත්වය, පරම්පරා ඉක්මවා යන ස්වර්ණාභරණ සමඟ ආශ්වාදජනක අවකාශයන්හි ඇති සම්බන්ධය ශක්තිමත් කරන අතර, අපගේ සියලුම නරඹන්නන් සඳහා අත්දැකීම් ඉහළ නංවනු ඇති.” යනුවෙන් පවසා සිටියේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ලෙස ගෝලීය වශයෙන් පිළිගෙන ඇති FACETS ශ්‍රී ලංකා ජාත්‍යන්තර ගැනුම්කරුවන්, එකතුකරන්නන් සහ රසඥයින් ආකර්ෂණය කර ගනී. මේ වසරේ, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයෙහි සහභාගීත්වය, කලාත්මක බව සහ ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම අලංකාරය සහ ආයෝජන වටිනාකම් එක් කරමින් මෙම උත්සවයට නව මානයක් හඳුන්වා දෙයි.
FACETS ශ්‍රී ලංකා 2025 ප්‍රදර්ශනය 2026 ජනවාරි 3 සිට 5 දක්වා, කොළඹ Cinnamon Life – City of Dreams හිදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ශිල්පීය හැකියාවන්, නවෝත්පාදනය සහ ගෝලීය ආකර්ෂණය මෙහිදී එක්රැස් කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

