උසස් අධ්‍යාපන ක්ෂේත්රයෙන් යායුතු මංපෙත් පිළිබඳ තරුණ පරපුර දැනුවත් කිරීමේ සුවිසල් කාර්යයක නිරතව සිටින EDEX තවත් පියවරක් ඉදිරියට තබමින් EDEX Expo 2019 වසර මැද ප්‍රදර්ශනය සඳහා සූදානම්ව සිටින බව පසුගියදා නිල වශයෙන් දැනුම් දුන්නේය.
ඒ අනුව, එලැඹෙන සැප්තැම්බර් මස 07 සහ 08 යන දෙදින තුළ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම ප්‍රදර්ශනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා කොළඹ රාජකීය විදුහල් නිපුණතා මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙවර ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා සහභාගී වන අතර, ගරු ආරාධිත අමුත්තා ලෙස CMA ශ්‍රී ලංකාහි සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතා සහභාගී වන බව සඳහන් කෙරිණි.
16 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය තුළින් නිසැකවම අධ්‍යාපන හා මාර්ගෝපදේශන ප්‍රදර්ශන අතරට දැවැන්ත අත්දැකීම් රැසක් එකතු කරනු ඇති බව සංවිධායකයෝ පවසති. ඒ අනුව, මෙවර ප්‍රදර්ශනය සඳහා රජයේ, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල සිසුන් 7,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර, සියලුම පැමිණෙන්නන්ට සිය වෘත්තිය හා තෘතීයික අධ්‍යාපනය, අනාගත රැකියා හා සම්බන්ධ තීන්දු ගැනීමට උපකාර වන සේවා ගණනාවක් අත්දැකීමට හැකිවීම විශේෂත්වයක් බවද ඔවුහු පවසති. පුහුණු/නුපුහුණු, උපාධිධාරී/උපාධි අපේක්ෂක, රැකියා වියුක්ති/ඌන රැකියා නියුක්තික වැනි ඕනෑම ක්ෂේත්රයක සිටින අයෙකුට EDEX Expo 2019 වසර මැද ප්‍රදර්ශනය හරහා සිය සිහිනමල්ඵල ගන්වා ගත හැකි බව ඔවුහු පෙන්වා දෙති.
දේශීය හා විදේශීය අධ්‍යාපන ආයතන විසින් පිරිනමනු ලබන තෝරාගත් අධ්‍යාපන, තාක්ෂණික හා වෘත්තීය පාඨමාලා හා පශ්චාත් උපාධි සඳහා ස්ථානීය ප්රවේශයන් (Spot Admissions) ලබාදීමද ප්‍රදර්ශනය තුළදී සිදුකිරීමට නියමිතය. දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල රැසක් නියෝජනය කරමින් ආයතන රැසකට අදාළ අධ්‍යාපන කුටි 150ක් මෙවර ප්‍රදර්ශනයේ ස්ථාපිත කර ඇති අතර, රැකියා වෙළෙඳ පොළ වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය, EDEX නැණ පහණ සහ EDEX Think Green යන මැයෙන් ප්‍රජා පාදක ව්‍යාපෘතීන්ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත්ව ඇති බව ඔවුහු පවසති.
මෙවර ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින් EDEX Expo හි සභාපති මහින්ද ගලගෙදර මහතා පවසා සිටියේ, "2004 වසරේදී පළමුවරට පැවැත්වුණු EDEX, ශ්‍රී ලාංකේය තාරුණ්‍යය ගෝලීය තරගකාරීත්වයට මුහුණදිය හැකි ලෙස සවිබල ගන්වන කීර්තිමත් ගෝලීය නාමයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම, EDEX විසින් ගෙවුණු කාලය පුරාවට ශ්‍රී ලාංකේය තරුණ ව්‍යවසායකත්වය නඟාසිටුවීම තුළින් රැකියා උත්පාදනයට මහඟු මෙහෙවරක්ද සිදුකර තිබෙනවා. මෙවර ප්‍රදර්ශනයේද ප්‍රධාන අරමුණ වන්නේද සාර්ථකත්වයන් සඳහා යන ගමන්මඟ පිළිබඳ තරුණ තරුණියන් අතර දැනුවත්භාවයක් ඇති කීරිම තුළින් ඔවුන්ව ඒ කරා රැගෙන යාමයි.
EDEX Expo වසර මැද ප්‍රදර්ශනය ප්‍රධාන පෙළේ පශ්චාද් - ද්විතීයික අධ්‍යාපන පාර්ශ්වකරුවන් එකම ස්ථානයකට ගෙනඑන වේදිකාවක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. ගෝලීය වශයෙන් පිළිගැනීමක් ඇති අධ්‍යාපනික ආයතන 70කට අධික ප්‍රමාණයකින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වන අතර, දැනුම හා තොරතුරු අපේක්ෂාවෙන් පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ සම්මන්ත්රණ, විශේෂ ශිෂ්‍ය වරප්‍රසාද හා දීමනා, අධ්‍යාපන ණය පහසුකම් හා පූර්ණ හා අර්ධ වශයෙන් පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව මෙහිදී ලබාගත හැකියි" යනුවෙන් පවසා සිටියේය.
වෘත්තීය අධ්‍යාපනය හා රැකියා අවස්ථා පිළිබඳව දැනුවත්වීමේ පරිපූර්ණ අවස්ථාවක් ලබාදෙන මෙම ප්‍රදර්ශනය තුළ මෙරට ආර්ථිකයේ වැදගත් අංශ රැසක් නියෝජනය කරන ප්රමුඛ පෙළේ ආයතන රැසක ප්‍රදර්ශන කුටි දැකගත හැකි බවද ඔවුහු පවසති. ඔවුන් හා සම්බන්ධවීම තුළින් රැකියා අපේක්ෂාවෙන් පසුවන ඕනෑම අයෙකුට සිය සිහිනය කරා ළඟාවිය හැකි බවත්, තවද, ඕනෑම රැකියා අපේක්ෂකයකුට edexcareers.lk වෙත සිය අධ්‍යාපන සුදුසුකම් පත්‍ර යොමුකිරීමේ අවස්ථාවද උදාකර දී ඇති බව ඔවුහු පවසති. ජාතික වෘත්තීය මාර්ගෝපදේශන සංගමය (NCG ) සමග අත්වැල් බැඳගනිමින් සංවිධානය කෙරෙන මනෝමිතික පරීක්ෂණ (Psychometric Test ) මධ්‍යස්ථානය හරහා තරුණ තරුණියන්ට නිවැරදි වෘත්තීය ගමන්මඟ තෝරාගැනීමට අවශ්‍ය උපදේශන සේවා පිරිනැමීමේ වැඩසටහනක්ද මෙවර ක්‍රියාත්මක වන බව ඔවුහු පවසා සිටිති.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ලාභ නොලබන ආයතනයක් වන ජාතික සුපිරිසිදු නිපැයුම් කේන්ද්‍රය (NCPC), EDEX හා එක්ව Think Green වැඩසටහන ඔස්සේ රටේ තරුණ තරුණියන්හට තිරසාරභාවය හා සම්බන්ධ පුහුණු හා ප්‍රතිපත්ති වැඩසටහන් හඳුන්වාදීම මෙවර ප්‍රදර්ශනයේදී සුවිශේෂී වන බව ඔවුහු පවසති. මේ හරහා සහභාගී වන්නන්ට තිරසාරභාවය සහ කළමනාකාරීත්වය සම්බන්ධ රැකියා අවස්ථා පිළිබඳ මනා අවබෝධයක්ද, ඒ සඳහා යොමුවීමට පිළිපැදිය යුතු මාර්ගය පිළිබඳ මූලික දැනුමද ලබාගත හැකි බව ඔවුහු පෙන්වා දෙති. ජාතික සුපිරිසිදු නිපැයුම් කේන්ද්‍රය (NCPC) විසින් බලශක්ති කළමනාකරණය, බලශක්ති විගණනය, උපදේශක පුහුණුව, ආයතනික තිරසාරභාවය, සෞඛ්‍ය සහ ආරක්ෂාව සහ අපද්‍රව්‍ය කළමනාකරණය හා සම්බන්ධ පුහුණු වැඩමුළු දැනටමත් පවත්වාගෙන යන බව ඔවුහු පවසා සිටිති.
EDEX Expo සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ, නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ, වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධනය හා තරුණ කටයුතු අමාත්‍යංශයේ, කම්කරු අමාත්‍යාංශයේ, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශයේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පිළිගැනීමද හිමි වී ඇති බව සංවිධායකයෝ පවසති. තවද, ප්‍රදර්ශනයේ උපායමාර්ගික හවුල්කරුවන් ලෙස ලංකා වාණිජ මණ්ඩලය (CCC) සහ ලංකා සේවායෝජකයන්ගේ සංගමය (EFC) විසින් EDEX හි වැදගත්කම හා අදාලත්වය ආයතනිකමය වශයෙන් ප්‍රචලිත කරන බව ඔවුහු වැඩිදුරටත් පවසති.
මෙවර ප්‍රදර්ශනයේ ප්ලැටිනම් සහකරුවන් ලෙස (Platinum Sponsors) මර්කරි ඉන්ස්ටිටුයිට් (Mercury) සහ ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NIBM ) ක්‍රියා කරයි. ඩයමන්ඩ් සහකරුවන් (Diamond Sponsors) ලෙස යුනිවර්සල් කොලේජ් (Universal), කෙන්ස්ලි උපාධි පාසල (Kensley) සහ ජාවා ඉන්ස්ටිටුයිට් ඔෆ් ටෙක්නොලජි (JAVA Institute) එක් වී ඇත. රන් සහකරුවන් (Gold Sponsors) වශයෙන් සිනෙක් කැම්පස් (CINEC), සේජීස් සිකැම්පස් (Saegis) සහ ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) සිය දායකත්වය ලබාදෙයි. මෙවර ප්‍රදර්ශනයේ නිල මුද්‍රිත මාධ්‍ය සහකරු ලෙස (Print Media Sponsor) විජය පුවත්පත් සමාගම (Wijeya Newspapers), නිල සන්නිවේදන සහකරු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ කුරියර් සහකරු ලෙස 3W Express (පෞද්.) සමාගමද කටයුතු කරයි.
ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන මෙම ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් උදෑසන 10.00 සිට සවස 6.30 දක්වා විවෘතව පවතින අතර, මේ පිළිබඳ වැඩිදුර විස්තර EDEX ලේකම් කාර්යාලය, නිපුණතා මධ්‍යස්ථානය, රාජකීය විද්‍යාලයීය සංගමය, රාජකීය මාවත, කොළඹ 07 යන ලිපිනයෙන්ද, 076-8204975, 011-5521497, 011-3091086 යන දුරකථන අංක අමතා හෝ [email protected]/ [email protected] යන ඊමේල් ලිපිනය හරහා ලබාගත හැකිය. www.edex.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ තවදුරටත් තොරතුරු ඔබට ලබාගත හැකිය.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ