DFCC බැංකුව සහ Co-Energi එක්ව ව්‍යාපාරවල බලශක්තියට සහායක්
තාක්ෂණික විශේෂඥතාව සහ තිරසර මූල්‍යකරණයේ එකතුවක් හරහා ව්‍යාපාරවල බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහාය වීම සඳහා DFCC බැංකුව, Co-Energi (Pvt) Ltd සමඟ හවුල්කාරිත්වයකට එළැඹ තිබේ.
මෙමගින් ආයතනවලට තම මෙහෙයුම් පිරිවැය අවම කර ගැනීමටත්, වෙළෙඳපොළ තරඟකාරිත්වය ශක්තිමත් කර ගැනීමටත්, වඩාත් තිරසර අනාගතයක් වෙනුවෙන් ඉහළ විශ්වාසයකින් යුතුව ආයෝජනය කිරීමටත් අවස්ථාව සැලසේ.
විවිධ කර්මාන්ත ක්ෂේත්රයන්හි ව්‍යාපාරික කාර්යසාධනය කෙරෙහි බලශක්ති පිරිවැය අඛණ්ඩව බලපෑම් එල්ල කරන පසුබිමක, බලශක්ති පරිභෝජනය ප්රශස්ත කිරීමට, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට සහ දිගුකාලීන මෙහෙයුම් වියදම් අවම කර ගැනීමට ඇති ප්‍රායෝගික ක්‍රමවේදයන් පිළිබඳව ආයතනවල අවධානය වඩ වඩාත් යොමු වෙමින් පවතී. කෙසේ වුවද, බොහෝ ව්‍යාපාර මුහුණ දෙන පොදු අභියෝගයක් වන්නේ නිවැරදි විසඳුම් හඳුනා ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපුරා ගැනීමයි. DFCC බැංකුව සහ Co-Energi අතර ඇති කරගත් මෙම හවුල්කාරිත්වය සැලසුම් කර ඇත්තේ එම අභියෝගයන් දෙකටම සාර්ථකව මුහුණ දීම සඳහාය.
Co-Energi ආයතනයේ බලශක්ති කළමනාකරණ විශේෂඥතාව සහ DFCC බැංකුවේ තිරසර මූල්‍යකරණ හැකියාවන් ඒකාබද්ධ කිරීම හරහා, පාරිභෝගිකයින්ට වෘත්තීය බලශක්ති විගණන (energy audits), තාක්ෂණික උපදේශන සේවා සහ බලශක්ති-කාර්යක්ෂම තාක්ෂණයන් මෙන්ම මෙහෙයුම් ක්ෂේත්රයේ ප්‍රගතිය උදෙසා කෙරෙන ආයෝජනවලට සහාය වන මූල්‍ය විසඳුම් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. තාක්ෂණික ඇගයීම් සහ මූල්‍ය අවශ්‍යතා වෙන වෙනම සපුරා ගැනීමට වෙහෙසෙනවා වෙනුවට, අවස්ථා හඳුනා ගැනීමේ සිට විසඳුම් ක්‍රියාත්මක කිරීම දක්වා වූ සමස්ත ක්‍රියාවලියම එකම වහලක් යටින් ඉටුකර ගත හැකි ඒකාබද්ධ ප්‍රවේශයක (integrated approach) ප්රතිලාභ භුක්ති විඳීමට දැන් ව්‍යාපාරවලට හැකියාව ඇත.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ශමින්ද්‍ර මර්සලින් මහතා අදහස් දක්වමින්, "වර්තමානයේ බොහෝ ව්‍යාපාරවලට බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම යනු හුදෙක් විදුලි බිල අඩුකර ගැනීමක් පමණක් නොවෙයි. එයින් අදහස් වන්නේ ආයතනික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම, තරඟකාරිත්වය ඉහළ නැංවීම සහ තිරසරභාවය හා වාණිජමය සාර්ථකත්වය එකිනෙක බද්ධ වන අනාගතයකට සූදානම් වීමයි. අපගේ කාර්යභාරය වන්නේ, අපගේ පාරිභෝගිකයින්ට නිවැරදි ආයෝජන තීරණ ගැනීමට අවශ්‍ය විශේෂඥ දැනුම සහ මූල්‍ය ප්‍රවේශය එකට ලබාදෙමින් එම පරිවර්තනය වඩාත් පහසු කිරීමයි. ව්‍යාපාරවලට මෙන්ම ඔවුන් සේවා සපයන ප්රජාවන්ටද දිගුකාලීන වටිනාකමක් ගෙන දෙන අතරම, ව්‍යාපාර තිරසර ලෙස වර්ධනය කිරීමට සහාය වීමට අප තුළ ඇති කැපවීම මෙම හවුල්කාරිත්වයෙන් මනාව පැහැදිලි වෙනවා" යැයි පවසා සිටියේය.
මෙම අවබෝධතා ගිවිසුම යටතේ, Co-Energi ආයතනය විසින් සුදුසුකම් ලබන DFCC බැංකු පාරිභෝගිකයින් සඳහා විස්තීර්ණ බලශක්ති විගණන (comprehensive energy audits) සිදු කරනු ලබන අතර, එහිදී පවතින බලශක්ති පරිභෝජනය ඇගයීමට ලක්කර කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැකි ප්‍රායෝගික අවස්ථා හඳුනා ගැනේ. වැඩි බලශක්තියක් වැයවන උපකරණ නවීකරණය කිරීම, නවීන තාක්ෂණයන් හඳුන්වා දීම සහ දිගුකාලීන මෙහෙයුම් පිරිවැය අවම කරමින් බලශක්ති පරිභෝජනය අඩු කරන හොඳම මෙහෙයුම් භාවිතයන් අනුගමනය කිරීම වැනි නිර්දේශ මේ යටතේ ඉදිරිපත් කෙරේ.
මෙම සහයෝගීතාවය DFCC බැංකුවේ තිරසර මූල්‍යකරණය පිළිබඳ පුළුල් ප්‍රවේශය මනාව පිළිඹිබු කරයි. එහිදී ප්‍රාග්ධන ප්‍රවේශයට අමතරව, පාරිභෝගිකයින්ට වඩාත් නිවැරදි ආයෝජන තීරණ ගැනීමට උපකාර වන උපදේශන සහාය ද පිරිනැමේ. තාක්ෂණික විශේෂඥතාව සහ විශේෂයෙන් සකස් කළ මූල්‍ය විසඳුම් ඒකාබද්ධ කිරීම මගින්, පාරිසරික තිරසරභාවයට දායක වන අතරම පැහැදිලි වාණිජමය ප්රතිලාභ ගෙන දෙන ව්‍යාපෘති දියත් කිරීමට බැංකුව විසින් ව්‍යාපාරවලට මගපෙන්වයි.
Co-Energi (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී ෂාහිඩ් සංගානි මහතා අදහස් දක්වමින්, "බලශක්ති කාර්යක්ෂමතාව යනු වර්තමානයේ ව්‍යාපාරවලට ඇති වඩාත්ම ප්‍රායෝගික අවස්ථාවන්ගෙන් එකක්. DFCC බැංකුව සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා අප තාක්ෂණික විශේෂඥතාව මූල්‍ය ප්‍රවේශය සමඟ ඒකාබද්ධ කරන අතර, එමගින් ආයතනවලට සැලකිය යුතු කාර්යක්ෂමතා වර්ධනයන් හඳුනා ගැනීමට සහ ඒවා ඉහළ විශ්වාසයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට මග පෑදෙනවා. ව්‍යාපාරවල පිරිවැය අඩු කිරීමට, කාර්යසාධනය ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකාව වඩාත් තිරසර ආර්ථිකයක් කරා යන ගමනට දායක වීමට DFCC බැංකුව සමඟ එක්ව කටයුතු කිරීමට අප ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා" යැයි පවසා සිටියේය.
මෙම හවුල්කාරිත්වය, වගකීම්සහගත මූල්‍යකරණය සහ ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා මෙහෙයවීම වෙනුවෙන් DFCC බැංකුව සතු දිගුකාලීන කැපවීමේ තවත් එක් ඉදිරි පියවරකි. අඩු බලශක්තියක් පරිභෝජනය කිරීමට, මෙහෙයුම් පිරිවැය අවම කිරීමට සහ වඩාත් කාර්යක්ෂම තාක්ෂණයන් සඳහා ආයෝජනය කිරීමට ව්‍යාපාරවලට සහාය වීම හරහා, පුළුල් පාරිසරික හා ආර්ථික ප්‍රගතියට දායක වන අතරම, තම පාරිභෝගිකයින්ට කල්පවත්නා වටිනාකමක් ගෙන දෙන මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීමට DFCC බැංකුව අඛණ්ඩව කටයුතු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
