Commonwealth Business Excellence Awards 2026 හිදී මහජන බැංකුවට සම්මාන
මහජන බැංකුව, Commonwealth Business Excellence Awards 2026 හිදි සිය විශිෂ්ටතාවය වෙනුවෙන් ඇගයීමට පාත්‍ර වේ. ඒ අනුව මෙහිදි, වසරේ හොඳම බැංකු සන්නාමය, තරුණයින් හා ශිෂ්‍යයින් සඳහා වන හොඳම බැංකුව, හොඳම ඩිජිටල් බැංකුව සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකුකරණය සඳහා වන හොඳම බැංකුව යන සම්මාන 4කින් මහජන බැංකුව පිදුම් ලැබීය.
මේ තුළින් මහජන බැංකුව විසින් තම සන්නාමය ශක්තිමත් කිරීම, ඩිජිටල් බැංකුකරණය, තරුණ පරම්පරාවන්ගේ මූල්‍ය අභිලාෂයන්ට සහාය වීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හා ව්‍යවසායකින් සවිබල ගැන්වීම කෙරෙහි දක්වන කැපවීම මනාව පිළිබිඹු වේ.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක් වූ මහජන බැංකුවේ සභාපති චන්දන ගුණයන්ගොඩ මහතා, "පුද්ගල කේන්ද්‍රිය ගනුදෙනුකරුවන්ට හා ව්‍යාපාරිකයින්ට නව්‍ය මූල්‍ය විසඳුම් ලබා දීම ඔස්සේ මහජන බැංකුව නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට සහ සංවර්ධනයට සහයෝගය ලබා දෙනවා. එසේ ගනුදෙනුකරුවන්ට හා ජාතියට වටිනාකමක් එක් කිරිම වෙනුවෙන් බැංකුවට සහ කාර්ය මණ්ඩලයට ලැබුනු වටිනා ඇගයිමක් ලෙස මෙම සම්මාන හැඳින්විය හැකියි" යනුවෙන් පවසා සිටියේය.
මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා, "මෙම සම්මාන මඟින් නව්‍ය හා ගනුදෙනුකාර කේන්ද්‍රීය බැංකු විසඳුම් පිරිනැමීම වෙනුවෙන් අප බැංකුව ලබාදෙන දායකත්වය මනාව පිළිඹිබු වෙනවා. එමෙන්ම ඩිජිටල් බැංකු පහසුකම් හා තරුණ තරුණියන් සඳහා වන බැංකුකරණ පහසුකම්, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකුකරණය සහ තිරසර ආර්ථික වර්ධනයට දායක වන අනෙකුත් ක්ෂේත්‍ර සඳහා සිදු කරන ආයෝජන අඛණ්ඩව සිදු කිරීම අපගේ අපේක්ෂාවයි. මෙම ඇගයිම් තුළින් ඩිජිටල් බැංකුකරණය, මූල්‍ය අන්තර්ගතකරණය, කළමනාකරණ විශිෂ්ටත්වය, තිරසරභාවය, වෙළඳ පොළ ප්‍රවේශය සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර හරහා මහජන බැංකුව ලබා ඇති ජයග්‍රහණ හා ඒ තුළින් මෙරට බැංකු කරණයට ලැබෙන දායකත්වය මනාව පිළිබිඹු වෙනවා" යැයි සඳහන් කළේය.
මෙම සම්මාන උළෙල. පොදුරාජ්‍ය මණ්ඩලයිය රටවල සංවිධානයන් සහ පුද්ගලයින්ව විවිධ අංශ යටතේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ යහ භාවිතයන් වෙනුවෙන් ඇගයීමට ලක් කරයි. මෙවර සම්මාන උළෙල ලන්ඩනයේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය හවුල්කාරිත්ව සමුළුව සහ ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ කොටසක් ලෙස පවත්වන ලද අතර, මේ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයිය රටවල ව්‍යාපාරික නායකයින් විශාල පිරිසක් සහභාගි වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

