CSE Mastermind Quiz ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ 7 වැනි අදියර 2025 ඔක්තෝබර් මස 17දා කොළඹදී පැවැත්වෙන බව කොළඹ කොටස් හුවමාරුව සාඩම්බරයෙන් දැනුම් දෙයි.
ප්‍රාග්ධන වෙළෙඳ පොළ සම්බන්ධයෙන් වූ ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරයට පත් මෙම වැඩසටහන තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශය නියෝජනය කරන කණ්ඩායම්වලට ජාත්‍යන්තර ව්‍යාපාර, ගෝලීය වෙළෙඳපොළ, ශ්‍රී ලංකා ආර්ථිකය හා ව්‍යාපාර, දේශීය ප්‍රාග්ධන වෙළෙඳපොළ, ක්‍රීඩා හා විනෝදාස්වාද මෙන්ම වර්තමාන වෙළෙඳපොළ කටයුතු ආදී විෂයය ක්ෂේත්‍ර 6ක් යටතේ තරග කිරීමට අවස්ථාව සැලසෙයි.
මෙවර තරගාවලියේදී රු.මිලියන 3.5කට අධික වටිනාකමකින් යුතු ත්‍යාග දිනා ගැනීමට තරගකරුවන්ට අවස්ථාව සැලසෙන අතර, ජයග්‍රාහී කණ්ඩායමට රු.මිලියනයක්ද, දෙවැනි ස්ථානය ලබන කණ්ඩායමට රු. රු.500,000/-ක්ද, තෙවැනි ස්ථානය ලබන කණ්ඩායමට රු.375,000/-ක්ද හිමිවෙයි.
එසේම පළමු, දෙවැන හා තෙවැනි ස්ථාන ලබන කණ්ඩායම්වල සාමාජිකයන් CDS ගිණුම්වල හිමිකරුවන් වන්නේ නම් සහ 2025 වසර තුළ අවම වශයෙන් එක් ගනුදෙනුවක් හෝ සිදුකර ඇත්නම් ඔවුන්ගේ ත්‍යාග මුදල් දෙගුණ කර ගැනීමටද ඔවුන්ට අවස්ථාව හිමිවෙයි. එසේම, සෑම ක්ෂේත්රයකම වඩාත් කැපී පෙනෙන දක්ෂතා පෙන්වන කණ්ඩායම්වලටද ත්‍යාග හිමිවනු ඇත.
මෙවර තරගාවලියේ ප්ලැටිනම් අනුග්රාහකයන් ලෙස එස්.සී. සිකියුරිටීස් (පුද්.) සමාගම සහ අල්මාස් ඉක්විටි (පුද්.) සමාගම කටයුතු කරයි. රන් අනුග්රාහකයන් ලෙස එක්ස්-පැක්කොරියුගේටඩ් කාර්ටන්ස් පීඑල්සී, බාට්ලීට් රෙලිගෙයාර් සිකියුරිටීස් (පුද්.) සමාගම, එන්.ඩී.බී. කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගම සහ ටී.ඩබ්.සී කැපිටල් (පුද්.) සමාගම කටයුතු කරයි. එසේම, රිදී අනුග්රාහකයන් ලෙස ආෂා සිකියුරිටීස් ලිමිටඩ්, ලංකා සිකියුරිටීස් (පුද්.) සමාගම, සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් (පුද්.) සමාගම, නෙස්ටර් ස්ටොක් බ්‍රෝකර්ස් (පුද්.) සමාගම සහ එල්.ඕ.එල්.සී හෝල්ඩින්ග්ස් පීඑල්සී කටයුතු කරයි.
නිල සත්කාරකත්ව සහකරු ලෙස කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයත්, නිල ගුවන් ගමන් සහකරු ලෙස ෆිස්ට් එයාර් ගුවන් සේවයත් කටයුතු කරයි. එමෙන්ම සම අනුග්‍රාහකත්වයෙන් සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී, සී.ටී. ස්මිත් හෝල්ඩින්ග්ස් ලිමිටඩ්, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී, එලයන්ස් ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී, කැපිටල් ට්‍රස්ට් හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගම, බැරිස්ටා කොෆී ලංකා (පුද්.) සමාගම, ක්‍රිප්ටො ජෙන් (පුද්.) සමාගම, හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සහ ටීජෙයි ලංකා පීඑල්සී කටයුතු කරයි.
මෙම තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය විජය පුවත්පත් සමාගමෙ ඩේලි එෆ්.ටී, ඩේලි මිරර් සහ සන්ඩේ ටයිම්ස් යන පුවත්පත් විසින් දරනු ලැබේ.