CSE Empower පුවරුවෙහි InsureMe ලැයිස්තුගත කෙරේ
කොළඹ කොටස් හුවමාරුවේ Empower පුවරුව වෙත InsureMe Insurance Brokers Ltd හඳුන්වාදීම සහ ලැයිස්තුගත කිරීම සාර්ථකව සම්පූර්ණ කර තිබේ. මෙය දේශීය ඩිජිටල් ව්‍යවසායයක් සඳහා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ අවස්ථාවකි.
Empower පුවරුවෙහි මෙම ලැයිස්තුගත කිරීම සැමරීම සඳහා කොළඹ කොටස් හුවමාරුවේ වෙළඳපොළ විවෘත කිරීමේ උත්සවයකදී InsureMe Insurance Brokers Ltd (InsureMe) විසින් වෙළෙඳපොළ විවෘත කිරීමේ සීනුව නාද කරන ලදී. ඩිජිටල් පරිවර්තනය සඳහා InsureMe හි කැපවීම සහ වර්ධනය සඳහා ප්‍රාග්ධන වෙළෙඳපොළ උපයෝගී කර ගනිමින් වේගයෙන් වර්ධනය වන Insure-Tech සමාගමක් ලෙස එහි සාර්ථකත්වය ඉස්මතු කරනු ලැබීය.
මෙම උත්සවයේදී පිළිගැනීමේ කතාව පවත්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, InsureMe සමාගමේ සාර්ථක ලැයිස්තුගත කිරීම පිළිබඳව සුබ පැතුවේය. InsureMe Insurance Brokers Ltd හි සභාපති ප්රජීත් බාලසුබ්රමනියම් මහතාද අදහස් දක්වමින්, මෙම ලැයිස්තුගත කිරීම මූල්‍ය ජයග්‍රහණයකට වඩා බොහෝ සෙයින් ඔබ්බට ගිය අවස්ථාවක් බව සඳහන් කළේය. මෙම අවස්ථාවට එක්වෙමින් InsureMe Insurance Brokers Ltd හි ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්යක්ෂ විපුල ධර්මපාල මහතාද මෙම අවස්ථාවේදී අදහස් දැක්වීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

