CSE හි ලැයිස්තුගත වීම සනිටුහන් කළ ෆෝල්කන් වැලි හයිඩ්‍රෝ ලිමිටඩ්
ෆෝල්කන් වැලි හයිඩ්‍රෝ ලිමිටඩ් (Falcon Valley Hydro Limited - FVH) සමාගම සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 16,000,000ක් (FVH.N0000) හඳුන්වා දීමේ ක්‍රමවේදය (by way of introduction) ඔස්සේ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි (CSE) 'සවිබල පුවරුවේ' (Empower Board) ලැයිස්තුගත කිරීම සනිටුහන් කරමින් පසුගිය සතියේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පරිශ්‍රයේදී වෙළෙඳපොළ විවෘත කිරීමේ සීනුව නාද කළේය.
ෆෝල්කන් වැලි හයිඩ්‍රෝ සමාගමේ සමස්ත නිකුත් කළ සහ ගෙවා නිම කළ කොටස් ප්‍රාග්ධනයෙන් (issued and paid-up share capital) සමන්විත මෙම කොටස්, හඳුන්වා දීමේ මූල්‍ය උපදේශක, කළමනාකරු සහ අනුග්‍රාහක ලෙස කටයුතු කළ අටාරා කැපිටල් (ප්‍රයිවට්) ලිමිටඩ් සමඟ සාකච්ඡා කර තීරණය කරන ලද කොටසක යොමු මිල (Reference Price) රුපියල් 31.00ක් (LKR 31.00) බැගින් ලැයිස්තුගත කෙරිණි.
ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක් වන FVH, මහනුවර මැදදුම්බර ප්‍රදේශයේ පිහිටි මෙගාවොට් 2.4ක (2.4 MW) ධාරිතාවයකින් යුත් ෆෝල්කන් වැලි කුඩා ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක කරන අතර, 2012 වසරේදී ආරම්භ කරන ලද එම බලාගාරය සඳහා රැටියගම ඔයෙන් ජලය සැපයේ. සිංගප්පූරු කොටස් වෙළෙඳපොළෙහි) කැටලිස්ට් පුවරුවේ (Catalist Board) ලැයිස්තුගත සමාගමක් වන කෙන් එනර්ජි ලිමිටඩ් (Khen Energy Ltd) සමාගමට සිය පරිපාලිත සමාගම් හරහා FVH සමාගමේ පූර්ණ අයිතිය හිමිවේ. ඉදිරිය දෙස බලමින්, ජල විදුලි සහ සූර්ය බලශක්ති ක්ෂේත්රයන්හි නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගවේෂණය කිරීමට සමාගම අපේක්ෂා කරයි.
"මෙම ලැයිස්තුගත කිරීම මගින් ෆෝල්කන් වැලි හයිඩ්‍රෝ සමාගම වඩාත් පුළුල් ලෙස මහජන අවධානයට යොමු වෙනවා. ස්ථාපිත ජල විදුලි ව්‍යාපාරයක් තුළ අපගේ වගවීම සහ විනිවිදභාවය ශක්තිමත් කරනවා. කොටස් වෙළෙඳපොළ විසින් අපේක්ෂා කරන විනයට අනුගතව කටයුතු කිරීමට එය අපව බැඳ තබනවා" යනුවෙන් ෆෝල්කන් වැලි හයිඩ්‍රෝ ලිමිටඩ් හි සභාපති එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල (විශ්‍රාමික) මහතා ප්‍රකාශ කළේය.
"කෙන් එනර්ජි සමූහයේ (Khen Energy Group) කොටසක් ලෙස අපි කරුණු තුනක් සඳහා කැපවී සිටිනවා. එනම් යහපාලනය සහ අඛණ්ඩතාව, කාර්යසාධනය සහ තිරසාර වර්ධනය, මෙන්ම අප යැපෙන ප්‍රජාවන් සහ ගංගාවන් කෙරෙහි ඇති වගකීමයි. අපව විනිශ්චය කරනු ලබන්නේ අද අප දෙන පොරොන්දුවලින් නොව, අපගේ පාලනයේ ගුණාත්මකභාවය, අපගේ කාර්යසාධනයේ ශක්තිය සහ අප නිර්මාණය කරන කල්පවත්නා වටිනාකම මතයි" යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
හඳුන්වා දීමේ ක්‍රමවේදය (listing by introduction) ඔස්සේ ලැයිස්තුගත කිරීම මගින්, මහජන කොටස් නිකුතුවකින් හෝ ක්ෂණික ප්‍රාග්ධන සම්පාදනයකින් තොරව FVH හි දැනට පවතින කොටස් ද්විතීයික වෙළෙඳපොළෙහි ගනුදෙනු කිරීම සඳහා ඇතුළත් කර ගනු ලැබේ. ඒ හරහා සමාගමට වැඩි දෘශ්‍යතාවක්, ශක්තිමත් ආයතනික පාලනයක් සහ අනාගතයේදී ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිවේ.
"කොළඹ කොටස් වෙළෙඳපොළ වෙනුවෙන්, අද දින ලැයිස්තුගත වීම පිළිබඳව මො ෆෝල්කන් වැලි හයිඩ්‍රෝ සමාගමට සුබ පතනවා" යනුවෙන් උත්සවයේ පිළිගැනීමේ දේශනය පවත්වමින් කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන නියාමන නිලධාරිනී නිලූපා පෙරේරා මහත්මිය සඳහන් කළාය. "කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත වීම ආයතනික පාලනයේ වැදගත් පියවරක් සනිටුහන් කරන අතර, කල්පවත්නා වෙළෙඳපොළ විශ්වාසයක් ගොඩනැගීම සඳහා අප පවත්වාගෙන යන තොරතුරු හෙළිදරව් කිරීමේ සහ අවදානම් කළමනාකරණයේ ඉහළ ප්රමිතීන් සමඟ සමාගම පෙළගස්වනවා"
FVH හි මෙම ලැයිස්තුගත කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ පාරිසරික, සමාජයීය සහ ආයතනික පාලන (ESG) ඒකාබද්ධ කිරීම, තිරසාර මූල්‍යකරණය සහ හරිත ආර්ථිකයක් කරා සංක්‍රමණය වීම ඉදිරියට ගෙන යාම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ දක්වන පුළුල් කැපවීම සමඟ මනාව ගැළපේ.
2024 වසරේදී GSS+ බැඳුම්කර (හරිත, සමාජයීය, තිරසාර සහ තිරසාරත්වයට බැඳුණු බැඳුම්කර - Green, Social, Sustainability, and Sustainability-linked bonds) හඳුන්වා දීමෙන් පසුව, කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් බැඳුම්කර නිකුතු 12ක් සඳහා පහසුකම් සපයමින් රුපියල් බිලියන 92කට අධික ප්‍රාග්ධනයක් සම්පාදනය කර ඇති අතර, 2026 පාරිසරික මූල්‍ය තිරසාර ණය සම්මාන උළෙලේදී (2026 Environmental Finance Sustainable Debt Awards) ශ්‍රී ලාංකේය ආයතන තුනක් ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර විය.
හරිත ප්‍රාග්ධන සම්පාදනයට සමගාමීව, 2025 සහ 2030 අතර කාලය තුළ SLFRS S1 සහ S2 (ISSB ප්රමිතීන් - ISSB Standards) අදියර වශයෙන් අනුගමනය කිරීම හරහා ලැයිස්තුගත සමාගම්වල සැබෑ පාරිසරික බලපෑම මැනීමට සහ වාර්තා කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සහාය වේ. සමාගම්වල ප්‍රමාණයට ගැළපෙන වේගයකින් දේශගුණික අවදානම් සහ තිරසාරත්වය පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම් ප්‍රධාන ධාරාවේ මූල්‍ය වාර්තාකරණයට ඒකාබද්ධ කිරීම මගින්, ගෝලීය හරිත අපේක්ෂාවන් සපුරාලීමට සහ වගකීම්සහගත ආයෝජන ආකර්ෂණය කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ ව්‍යාපාර සන්නද්ධ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
