6 වැනි වරටත් පැවැත්වෙන COMPLAST ප්ලාස්ටික් ප්‍රදර්ශනය, 3 වැනි වරට පැවැත්වෙන අන්තර්ජාතික රබර් ප්‍රදර්ශනය හා 4 වැනි වරට පැවැත්වෙන COMEXPO ප්‍රදර්ශනය සමාරම්භ පසුගියදා සිදුවිය.
මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු යන මහත්වරු ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූ අතර ප්‍රදර්ශනය අගෝස්තු 11දා අවසන් වෙයි.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල් පී.එල්.යූ. රත්නමලාලා, ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනයේ සභාපති කෞෂාල් රාජපක්ෂ, ඉන්දියාවේ ස්මාට් එක්ස්පෝස් ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී බී. ස්වාමිනාදන් යන මහත්වරුන් ඇතුළු ඉන්දියාවේ ප්ලාස්ටික් අපනනයන සංවර්ධන කවුන්සිලයේ නියෝජිතයන් සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඉන්දියානු ප්‍රදර්ශකයන් 35ක් පමණ මීට සහභාගී වී සිටින අතර, මෙම සමාගම් සඳහා ඉන්දියාවේ ප්ලාස්ටික් අපනනයන සංවර්ධන කවුන්සිලය සහ ඉන්දීය රජයේ වාණිජ අමාත්‍යාංශය සහයෝගය ලබාදෙයි.