2018 අප්‍රේල් මස 26 වැනිදා නිකුත් කරනලද නිවේදනය ප්‍රකාරව 2018 නොවැම්බර් මස 30 වැනි දින Emirates Telecommunications Group Company PJSC (එටිසලාට් සමූහය) එටිසලාට් ලංකා සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය Hutchison Telecommunications Lanka (හච් ලංකා) සමාගමට අලෙවි කර ඇත.
මේ අනුව, CK Hutchison Holdings Limited Group හට හච් ලංකා සමාගමේ 85%ක බහුතර කොටස් හිමිකාරිත්වය සහ පූර්ණ පරිපාලන අධිකාරීත්වය හිමිවන අතර, එටිසලාට් සමූහයට එහි 15%ක කොටස් හිමිකාරීත්වය හිමිවනු ඇත.