CFW හි Luxury Edit තුළින් නවතම විලාසිතා එළිදැක්වීමක්
මෙම වසරේ නොවැම්බර් මාසයේදී, CFW විසින් විලාසිතා ක්ෂේත්රයේ නවමු අංශයක් කෙරෙහි අවධානය යොමු කරමින්, සිය නවතම විලාසිතා එළිදැක්ම හඳුන්වා දීමට නියමිතයි. මේ හරහා මනාලියන්ගේ ඇඳුම් විලාසිතා සහ මංගල උත්සව සඳහා වන විලාසිතා ක්ෂේත්රයේ නව මානයන් කෙරෙහි අවධානය යොමු කරන අතර, ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ට එහිදී නව අවස්ථා විවෘත වනු ඇත.
දකුණු ආසියාව තුළ මෙම විලාසිතා අංශය සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන ඇති අතර මෙම විලාසිතා දැක්ම සෑම වසරකම, නව විලාසිතාවන් ප්‍රවර්ධනය කිරීමට සහ ඒ සඳහා පහසුකම් සැලසීමට පෙර, ඒ සඳහා අදාළවන කාලීන අවස්ථාවන් හඳුනා ගැනීම සිදු කරයි.
CFW, දකුණු ආසියානු කලාපය තුළ, මේ වන විට සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන ඇති අතර, විලාසිතා නිර්මාණකරුවන්ට සිය දැනුම සහ වෘත්තීය කුසලතා වැඩිදියුණු කර ගැනීම සඳහා සුවිශේෂී අවස්ථාවක් උදා කර දෙයි. CFW හී පසුගිය මාර්තු මස “Summer” විලාසිතා එළිදැක්ම තුලින්, ශ්‍රී ලංකීය සහ දකුණු ආසියාතික විලාසිතා ක්ෂේත්රයේ පදනම සැකසීමට අවධානය යොමුකර ඇති අතර ආසියානු කලාපයේ විලාසිතා කර්මාන්තය වර්තමානය වන විට, ශාරීරික හා මානසික සුවතාව, ශිල්පීය කුසලතාව, ශිල්පීය අනන්‍යතාව, තිරසාරත්වය සහ සැමරුම් අංග යන කරුණු අතර සිය සමතුලිතතාවය සොයා ගනිමින්, සුවිශේෂී කාලසීමාවක් පසු කරමින් සිටී.
2003 වසරේ සිය ආරම්භයේ පටන් CFW, දකුණු ආසියානු කලාපය තුළ සිය ස්ථානය ක්‍රමානුකූලව සහ සාර්ථකව ගොඩනගා ගෙන ඇත. ඉන්දියාව, බංග්ලාදේශය සහ පකිස්ථානය වැනි රටවල විලාසිතා නිර්මාණකරුවන්ට, ශ්‍රී ලාංකේය සහ යුරෝපීය නිර්මාණකරුවන් සමඟ එක්ව සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසමින්, දශක දෙකකට වැඩි කාලයක් පුරා දකුණු ආසියාවේ ප්රමුඛ පෙළේ විලාසිතා සතියක් ලෙස සිය ස්ථාවරය CFW විසින් තහවුරු කරගෙන ඇත. ජපානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමඟින්, වසර 20 ක අඛණ්ඩ උරුමයක් හිමි ආසියාවේ විලාසිතා සති හතරෙන් එකක් ලෙස CFW කැපී පෙනේ.
CFW Holdings හි කළමනාකාර අධ්යක්ෂ, Ajai Vir Singh මහතා අදහස් දක්වමින් කියාසිටියේ,"‘Couture and Trousseau’ සංකල්පය පසුගිය වසර කිහිපය පුරාම CFW හි යෝජිත වැඩසටහන් මාලාවේ පැවතුණා. මුල් කාලයේදී මේ පිළිබද වැඩි අවධානයක් නොතිබුණත්, ලබන වසරේදී එය පූර්ණ විලාසිතා එළිදැක්මක් දක්වා පුළුල් කිරීමට සුදුසුම කාලය බව මගේ අදහසයි. මෙහිදී Occasion wear, මංගල විලාසිතා සහ Couture වැනි නිර්මාණ කෙරෙහි අවධානය යොමු කරනවා. මෙය දකුණු ආසියාව තුළ ඉහළ වර්ධන වේගයක් සහිත විලාසිතා අංශයක් වන අතර, මෙම වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් නිර්මාණයන් එළිදැක්වීම මෙන්ම මෙරට නිර්මාණකරුවන් දිරිමත් කිරීම අපගේ අපේක්ෂාවයි. තවද, මෙමගින් මංගල උත්සව විලාසිතා සඳහා කදිම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමටත් එමඟින් සංචාරක ව්‍යාපාරයේ ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ද විශාල පිටුබලයක් ලැබේ. අපගේ පරමාර්ථය වන්නේ, ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණ කර්මාන්තය තවදුරටත් පුළුල් කරමින්, මෙරට තුළ මෙන්ම දකුණු ආසියාව තුළ ද ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ට වැඩි ව්‍යාපාරික අවස්ථා උදාකර දීමයි." යනුවෙනි.
පසුගිය දශක දෙක තුළ, CFW විසින් ශ්‍රී ලාංකේය විලාසිතා කර්මාන්තය පිළිබඳව අභිමානයක් ගොඩනඟා ඇත. 2003 දී එක් ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකුගෙන් ආරම්භ වූ එය, ක්‍රමයෙන් විකාශනය වීමත් සමඟ, විලාසිතා නිර්මාණකරණය වෘත්තියක් ලෙස තෝරා ගැනීමට, මෙරට තරුණ පරම්පරාව දිරිමත් කර තිබෙනවා. අද වන විට අප දකින නිර්මාණකරුවන්ගෙන් 80% කට අධික ප්‍රමාණයක් CFW හි නිර්මාණ සංවර්ධන සමූහයෙහි කොටස්කරුවන් වනවා. CFW හි නැගී එන නිර්මාණකරුවන් (Emerging Designer) අංශය හරහා දිවයින පුරා සිටින නිර්මාණකරුවන්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට සහ ඒ හරහා ඔවුන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට මහඟු අවස්ථාවක් සලසා දෙනු ලබනවා. මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ විලාසිතා ක්ෂේත්රයේ අඛණ්ඩව වර්ධනයට සෘජුවම දායකවේ.
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සංජය සෙනරත් මහතා පැවසුවේ, “CFW නව පියවරකට පිවිසෙන මෙම අවස්ථාවේදී, ඔවුන් සමඟ අපගේ දිගුකාලීන හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. Nations Trust Bank American Express හි අප, අපගේ කාඩ්පත් සාමාජිකයින්ගේ ජීවන රටාව සහ අභිලාෂයන් නිවැරදිව හඳුනාගෙන, ඒවා පිළිබිඹු කරන අද්විතීය අත්දැකීම් පිරිනැමීමට නිරතුරුවම කැපවී සිටිමු. දකුණු ආසියාවේ නිර්මාණය වෙමින් පවතින විලාසිතා ප්රවණතා කෙරෙහි අවධානය යොමු කරන CFW හි Luxury Edit වැඩසටහන, එම පොදු දැක්ම සමරනු ලබන පරිපූර්ණ වේදිකාවක් ලෙස හැඳින්විය හැකියි." මෙහිදී ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන මංගල විලාසිතා අංශ කෙරෙහි මෙවර එළිදැක්ම තුළින් මූලිකවම අවධානය යොමු කරයි. මෙය ශ්‍රී ලංකාව තුළ ද සීඝ්‍ර වර්ධනයක් අත්කර ගනිමින් පවතින අංශයක් වන අතර 2026 වසරේ දෙවන භාගයේදී, මෙය සිව් දින වැඩසටහනක් දක්වා ගෙනයාමට නියමිතය.
“Cinnamon Grand Colombo හී සාමාන්‍යාධිකාරී, Nazoomi Azhar මහතා ප්‍රකාශ කළේ, CFW සමඟ වන අපගේ මෙම සංකේතාත්මක හවුල්කාරිත්වය, අඛණ්ඩව තෙවන වසරටත් පවත්වාගෙන යාම පිළිබඳව Cinnamon Grand Colombo ලෙස අප ආඩම්බර වෙනවා. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ සංචාරක ගමනාන්තයක් ලෙස කොළඹ නගරයේ වැදගත්කම ප්‍රදර්ශනය කිරීමට CFW වැනි වේදිකාවල ඇති වැදගත්කම අපි හඳුනා ගනිමු. කොළඹ නගරයේ ප්‍රමුඛතම ආගන්තුක සත්කාර සන්ධිස්ථානයක් ලෙස, නිර්මාණශීලීත්වය, සංස්කෘතිය සහ සහයෝගීතාවය අතින් Cinnamon Grand පරිපූර්ණ වන අතර එමගින්, විදේශිකයින් වෙත කොළඹ නගරය විවෘත කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කරයි. කොළඹ නගරයේ විලාසිතා, නව නිර්මාණ සහ සජීවී බව තවදුරටත් සමරන අතරතුර, අප CFW සමඟ තවත් සාර්ථක විලාසිතා එළිදැක්මක් අපේක්ෂා කරමු.
මෙම වසරේදී, ඉන්දීය විලාසිතා නිර්මාණකරුවන් තිදෙනෙකු සමඟින් ආරාධිත ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන් පස් දෙනෙකු සමඟ එක්ව සිය නිර්මාණයන් ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම ඉන්දීය නිර්මාණකරුවන් මෙම අංශය පිළිබඳ විශේෂඥයින් වන අතර, බොලිවුඩ් තරු රැසක් ඔවුන්ගේ වැඩ කටයුතු සමඟ එක්වී තිබේ. ඔවුන්ගෙන් එක් අයෙකු මෑතකදී පැරිස් විලාසිතා සතියේදී ද සිය නිර්මාණ ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. මීට පෙර, මෙම ක්ෂේත්රයේ ප්‍රවීණයන් වන Tarun Tahiliani, Suneet Varma, JJ Valaya, සහ Rohit Bal වැනි නිර්මාණකරුවන් CFW වේදිකාවේ සිය නිර්මාණ ඉදිරිපත් කර ඇත. මෙම වසරේ, තවත් ඉහළ පෙළේ විලාසිතා නිර්මාණකරුවන් පිරිසක් මෙම නව වේදිකාවට පිවිසෙනු ඇත.
Lanka Tiles හි කළමනාකාර අධ්යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා මෙලෙස අදහස් පළ කළා. "මෙරට විලාසිතා නිර්මාණකරණයට නායකත්වය දෙමින් එය නිර්වචනය කරනු ලබන CFW, හි Luxury Edit; වැඩසටහන සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳව අප ඉතා සතුටට පත් වනවා. අපගේ සන්නාමය වන Lanka Tiles, නව්‍යකරණ නිර්මාණ සමඟ ඉදිරියට යන අතර අඛණ්ඩව ශක්තිමත් වෙනවා. ඉදිරි මාසවලදී මෙම ක්ෂේත්රය තුළ තවත් බොහෝ දේ සැලසුම් කර තිබෙනවා. අප මෙම වැඩසටහන වෙනුවෙන් ඉහළම සාර්ථකත්වයක් ප්‍රාර්ථනා කරනවා.”
CFW හි Couture + Trousseau විලාසිතා දැක්ම, Nations Trust Bank AmericanExpress, Cinnamon Grand, Lanka Tiles, IDL, Vision Care, Hameedia, සහ ITC, Beauty by Rosh, Ramani Fernando Salons, Hardtalk සහ Acorn ප්‍රධාන අනුග්රාහකයන් ලෙස කටයුතු කරයි. ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගීතාව, ශ්‍රී ලංකාවේ විලාසිතා කර්මාන්තය තුළ නවෝත්පාදනය, නිර්මාණශීලීත්වය සහ ශිල්පීයත්වය සඳහා වූ CFW හි කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                