AIDAdiva නෞකාව පළමු වරට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ
AIDAdiva සුඛෝපභෝගී මගී නෞකාව, 2026 පෙබරවාරි මස, හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත සේන්දු විය. මෙම නෞකාව වරාය වෙත සිදුකළ පළමු සංචාරය මෙය වන අතර, AIDA සංචාරක නැව් සමාගම විසින් හම්බන්තොට වෙත සිදුකළ දෙවන සංචාරය වේ.
ජෙනෝවා හි ලියාපදිංචි, ඉතාලි ධජය යටතේ යාත්‍රා කරන, මීටර් 251.89ක දිගකින් යුත් AIDAdiva නෞකාව, ඉදිකර ඇත්තේ 2007 දීය. තායිලන්තයේ සිට HIP වෙත ගමන් කළ නෞකාව මගීන් 2,000ක් සහ කාර්ය මණ්ඩලය 620 ක් රැගෙන ආ අතර, සංචාරකයන්ගෙන් බහුතරයක් ජර්මානු ජාතිකයන් විය.
සංචාරකයන් 1,400ක් පමණ ශ්‍රී ලංකාවේ දකුණු පළාත පුරා සංවිධානාත්මක විනෝද චාරිකා වල යෙදුනි. ගොඩබිම විනෝද චාරිකාවන් ලෝටස් ඩී.ඇම්.සී ආයතනය විසින් සංවිධානය කල අතර, එයිට්කන් ස්පෙන්ස් නැව් සමාගම, නෞකාවේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන ලදී. අමුත්තන් යාල ජාතික වනෝද්‍යානය, කුරුළු උද්‍යානය සහ ගාල්ල ඇතුළු ප්‍රධාන ආකර්ෂණීය ස්ථාන අත්දැකීමට ගිය අතර, කලාපයේ වනජීවී, උරුමයන් සහ වෙරළබඩ දසුන්ද නරඹන ලදී.
මෙම සංචාරය AIDAdiva නෞකාවේ ආසියානු ගමන් සැලැස්මේ කොටසක් වන අතර, එහි ගමන් ගන්නා ඇතැම් සංචාරකයින් ඉන්දියාව ඇතුළු අනෙකුත් කලාපීය ගමනාන්තයන්හි ගොඩබැසීමටද නියමිතව ඇත.
AIDAdiva හි පැමිණීම මෙන්ම මෑතකදී Celebrity Millennium නෞකාව විසින් සිදුකරන ලද සංචාරයත්, ජාත්‍යන්තර සංචාරක නැව් සමාගම් හම්බන්තොට ජාත්‍යන්තර වරාය කෙරෙහි දක්වන තිරසාර උනන්දුව තහවුරු කරයි. AIDA සංචාරක නැව් සමාගමේ තවත් නෞකාවක් වන AIDAstella ද, මෙවසර අග කොළඹ සහ හම්බන්තොට වරායන් වෙත පැමිණීමට නියමිතය.
ගෝලීය සංචාරක නෞකා සමාගම් වලින් නැවත නැවතත් සහ පළමු වරට ලැබෙන වරාය වෙත පැමිණීම් සමඟින්, නවීන යටිතල පහසුකම්, කාර්යක්ෂම නෞකා හැසිරවීම සහ ස්ථාපිත සංචාරක ස්ථානවලට සමීප වීමට ඇති වාසි මත, HIP ඉන්දීය සාගර මගී නෞකා ගමන් සැළසුම් තුළ තම භූමිකාව පුළුල් කරගෙන යයි.
ගෝලීය සංචාරක නැව් සමාගම් නැවත නැවතත් අනගි ගමනාන්තයක් ලෙස HIP තේරීමත් සමඟ, නවීන යටිතල පහසුකම්, කාර්යක්ෂම සේවා හා මෙහෙයුම්, මෙන්ම ප්‍රසිද්ධ සංචාරක ගමනාන්ත වෙත ඇති සමීපත්වය වැනි ගුණාංග හරහා, ඉන්දියානු සාගර මාර්ග සැලසුම් තුළ, තම කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
