27 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අද 11දා
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන 27 වැනි ජනාධිපති අපනයන සම්මාන (PEA) උළෙල අද (11දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
2024/2025 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා පැවැත්වෙන මෙම උළෙලේදී සමස්ත සම්මාන 15ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 92ක් ඇතුළු සම්මාන 107ක් පිරිනමනු ලැබේ. අපනයන ආදායම, වෙළෙඳපොළ විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, පාරිසරික තිරසාරභාවය සහ අගය එකතු කිරීම වැනි නිර්ණායක මත පදනම්ව සම්මානලාභීන් තෝරාගෙන ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබූ අතර Ernst & Young ආයතනය මෙම සම්මාන උළෙල සඳහා දැනුම් සහකරු ලෙස කටයුතු කරයි.
මහජන බැංකුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස අත්වැල් බැඳගෙන ඇති අතර ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව (SLECIC) රිදී අනුග්‍රාහකයින් ලෙස කටයුතු කරයි. කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ අපනයනකරුවන් ඇතුළු ආරාධිතයින් 1,500ක් පමණ 27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලට සහභාගී වීමට අපේක්ෂා කෙරේ.
27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මග පෙන්වීම යටතේ, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතාගේ සහ අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබයි.
මෑතකාලීන අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් බලපෑමට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය මේ වන විටත් ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇත. මෙම තත්වය තුළ 27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වන අතරමෙරට ආර්ථික වර්ධනයේ ප්‍රමුඛතම බලවේගයක් ලෙස කටයුතු කරන අපනයනකරුවන් ඇගයීමට ලක්කිරීමඒ අනුව සිදුවනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

