රු.2,500/- අවම දඩයට පුද්ගලික බස් ධාවකයන් මෙතරම් එරෙහි වීම තුළ, මාර්ග නීති නිරතුරුව කඩකරන්නේ ඔවුන් යැයි ඔවුන්ම පිළිගන්නා බව ඔප්පු වන්නේ යැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
මාර්ග නීති පිළිබඳව විනයක් හා ගරුත්වයක් ජනතාව තුළ ඇතිකිරීමේ රජයේ ක්රමෝපායන් ලෙස අයවැය මගින් වාහන නීති කඩකරන්නන්ට එරෙහිව පනවනලද රු.2,500/- අවම දඩ මුදල ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බවද මුදල් අමාත්‍යවරයා අවධාරණය කරයි.
මාර්ග නීති උල්ලංඝනය කිරීමට එරෙහිව අයවැය මගින් පනවන ලද රු.2,500/- අවම දඩය ඉවත් කරන මෙන් පුද්ගලික බස් සංගමයක් විසින් කරන ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා තිබේ.
පොලිස් වාර්තාවන්ට අනුව 2016 වසරේදී මේ දක්වා රිය අනතුරුවලින් 3,000 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මෙමගින් ශ්‍රී ලංකාවේ මංමාවත් ලොව අවදානම් මාර්ග බවට පත්ව ඇති බව පිළිබිඹු වන බවත් පෙන්වාදෙන මුදල් අමාත්‍යවරයා, මෙය පසුගිය සමයේ යුද්ධය හේතුවෙන් වසරකදී අහිමි වූ ජීවිත සංඛ්‍යාවද අභිභවා යන්නක් බවත්, එම තත්ත්වය වහා වෙනස්කළ යුතු බවත් පවසා සිටියි.
මෙම අවම දඩමුදල් නියම කිරීමට විරුද්ධ වීම හරහා මිනිසුන් අනතුරුවලින් මරුමුවට පත්කිරීම වෙනුවෙන් නීතියෙන් මුක්තිය ලබදෙන්නයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින බවක් පෙනෙන බවද අමාත්‍යවරයා පවසා සිටියි.