21 වැනි සියවසේ සමුද්‍රික සේද මාවතට ශ්‍රී ලංකා සහාය චීනයට
චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් වූ දූත පිරිසක් ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් අද (22දා) දිවයිනට ළඟාවීමට නියමිතය.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ චීන සංචාරයේදී 21 වැනි සියවසේ සමුද්‍රික සේද මාවතේ ආර්ථික තීරය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සාකච්ඡා කළ අතර, පොදු ආර්ථික වර්ධනයක් හා සමෘද්ධියක් සඳහා පුළුල් ආර්ථික සහයෝගීතාවක් මෙන්ම, රාජ්‍යයන් අතර ඒකාබද්ධතාව ගොඩනැංවීම මෙම සමුද්‍රික සේද මාවත තුළින් ඇතිවනු ඇති බව සාකච්ඡා වී තිබිණි. එමෙන්ම, ශ්‍රී ලංකාව වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ඉලක්කය වෙත යෑමද මේ ආරම්භය පිටිවහලක් වනු ඇති බව කියවුණි.
එමෙන්ම, ශ්‍රී ලංකාව හා චීනය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම වේගවත් කිරීම සඳහා දෙපාර්ශ්වය විසින්ම ප්‍රමුඛත්වය ලබාදෙමින් සිටී. ශ්‍රී ලංකාවට පැමිණෙන දූත පිරිස පෙබරවාරි 25 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමට නියමිතය.
	
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                