2026 ශ්‍රී ලංකා ගෝලීය ව්‍යවසායකත්ව සතිය නොවැ. 16දා සිට සිට 22දා දක්වා
මෙරට ව්‍යවසායකත්ව ජාලය ශක්තිමත් කිරීම සහ ව්‍යාපාර වර්ධනය දිරිමත් කිරීම සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ‘Global Entrepreneurship Week (GEW) Sri Lanka 2026’ වැඩසටහන නොවැම්බර් මස 16 වැනි දින සිට 22 වැනි දින දක්වා ක්‍රියාත්මක වන ව්‍යවසායකත්ව සතිය තුළදී සංකේතාත්මකව ආරම්භ වූ බව නිවේදනය කරයි.
මෙම වැඩසටහන නැගී එන ව්‍යවසායකයින්, නව්‍ය ව්‍යාපාර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙන්ම ව්‍යාපාරික නායකයින් සහ තරුණ නවෝත්පාදකයින් එකම වේදිකාවකට ගෙන ඒම වෙනුවෙන් නිර්මාණය කරනු ලැබූවකි.
Global Entrepreneurship Network (GEN Global) ආයතනය විසින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අතර ඇතිකරගත් සමීප සහයෝගිතාවය මූලික කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන අතර, දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ව්‍යවසායකයින්, නවෝත්පාදකයින් මෙන්ම පාර්ශ්වකරුවන් එකිනෙකා සමඟ සම්බන්ධ කරමින් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහනේ සමාරම්භය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහයෝගිතාවයෙන් පැවති Science Week වැඩසටහනේ දෙවෙනි දිනයේදී GEW Sri Lanka 2026 හිදී සිදුවිය. මෙම වැඩසටහන ඔස්සේ දිවයින පුරා ව්‍යවසායකත්ව මුලපිරීම් පුළුල් කිරීම සහ වර්ධනය කිරීම සඳහා වසර පුරා විවිධ ක්‍රියාකාරකම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.
ව්‍යවසායකයින්ට දැනුම හුවමාරු කර ගැනීමට සිය ව්‍යාපාර ප්‍රදර්ශනය කිරීමට සහ කර්මාන්ත ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසමින් විද්වත් සාකච්ඡා, වැඩමුළු, ව්‍යාපාරික සබඳතා ගොඩනැගීමේ සැසි සහ ව්‍යාපාරික ප්‍රදර්ශන රැසක් මෙම වැඩසටහනට ඇතුළත් වේ.
මෙම සමාරම්භක උත්සවය සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රොෂානි දිසානායක, ශ්‍රී ලංකාව සඳහා Mastercard ආයතනයේ කළමනාකාරිණී මහේෂා අමරසූරිය, ශ්‍රී ලංකාව සඳහා GEN Global ජාතික තානාපති සුරේෂ් ද මැල්, NGage Strategic Alliance හි කළමනාකාර අධ්යක්ෂ ෂෙරෝන් ජයසුන්දර, Kapruka Holdings PLC හි නිර්මාතෘ සහ සභාපති දුලිත් හේරත් යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර, LMS, AI සහ SaaS උපදේශක, eLearning.lk හි ප්‍රධාන විධායක නිලධාරී සහ MayaHive හි සම-නිර්මාතෘ සංජය ඇල්විටිගල මහතා එහි මෙහෙයවන්නා ලෙස කටයුතු කළේය.
මෙවර වැඩසටහනේ ප්‍රධානතම විශේෂාංගයක් ලෙස "Entrepreneurship Marathon" වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. දේශීය ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර සංවර්ධනය කර ගැනීමට සහ ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීම වෙනුවෙන් රජය, පෞද්ගලික අංශය, විද්වත් ප්‍රජාව, ව්‍යවසායකත්ව පරිසර පද්ධතිය බලගන්වන ආයතන මෙන්ම ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සංවිධාන එකම අරමුණක් වෙනුවෙන් ඒකරාශි කිරීම මෙමඟින් සිදු කෙරේ.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් GEW Sri Lanka 2026 හි වැඩසටහන් අධ්යක්ෂ චරිත් කඳමුල්ල මහතා, “පසුගිය වසරේ අප ලබාගත් ප්‍රගතිය මත පදනම්ව, දිවයින පුරා සිටින ව්‍යවසායකයින්ට නව අවස්ථා පුළුල් කිරීම සහ අවශ්‍ය සහයෝගය ලබා දීම පිළිබඳව මෙවර අපගේ ප්‍රධාන අවධානය යොමුව තිබෙනවා. 2025 වසරේදී අප දිවයින පුරා වැඩසටහන් 1,864ක් පැවැත්වූ අතර, ව්‍යවසායකත්ව ක්ෂේත්රයේ සක්‍රිය දායකත්වය වෙනුවෙන් GEN Global විසින් රටවල් 200 කට අධික සංඛ්‍යාවක් අතරින් ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට ශ්‍රේණිගත කරනු ලැබුවා. එමෙන්ම, 'Digital Nomad Visa' හඳුන්වා දීමට මූලික වූ ප්‍රතිපත්තිමය වටමේස සාකච්ඡා සඳහා ද GEW සහයෝගය ලබා දුන් අතර, Startup Genome ආයතනය විසින් ලොව වේගයෙන්ම වර්ධනය වන නව්‍ය ව්‍යාපාර පරිසර පද්ධතිය ලෙස ශ්‍රී ලංකාව නම් කරනු ලැබුවා. මෙම ජයග්‍රහණ තවදුරටත් ඉදිරියට ගෙන යමින්, මෙම වසරේදී වැඩසටහන් 2,500ක් පැවැත්වීමටත් සහභාගිවන්නන් 100,000 ක් සම්බන්ධ කර ගැනීමටත්, ව්‍යවසායකයින් 5,000කට සහයෝගය ලබා දීමටත් අපි අපේක්ෂා කරනවා. Entrepreneurship Marathon වැඩසටහන සහ ව්‍යවසායකත්ව පරිසර පද්ධතිය පුරා පවතින සහයෝගිතාවය හරහා දේශීය ව්‍යවසායකයින්ට සාර්ථක වීමට අවශ්‍ය සබඳතා සහ සහයෝගය ලබා දීම අපගේ බලාපොරොත්තුවයි” යනුවෙන් පවසා සිටියේය.
මෙම සියලු ප්රයත්නයන් තුළින්, ව්‍යවසායකයින්ට නව අවස්ථාවන් වෙත ප්‍රවේශ වීමට, ව්‍යාපාරික ජාලයන් ගොඩනගා ගැනීමට සහ සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීමට හැකි වඩාත් සම්බන්ධිත සහ සහයෝගි ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම GEW Sri Lanka 2026හි අරමුණයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
