2026 Kia Sorento Hybrid සහ Kia EV5 කොළඹදී එළිදක්වයි
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්රය නව යුගයක් කරා ගෙනයාමේ මාවත සකසමින් Kia Motors ලංකා සමාගම විසින් කොළඹදී පැවති මාධ්‍ය පෙර දැක්මකදී, 2026 Kia Sorento Hybrid සහ Kia EV5 සුවිශේෂී මාදිලි දෙක එකවර එළි දක්වන ලදී.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ආනයන තහනම ඉවත් කිරීමෙන් පසුව දේශීය වෙළඳපොළට Kia හි සුවිශේෂී ම හැඳින්වීම වන මෙම ද්විත්ව එළි දැක්වීම සිදුවන්නේ විද්‍යුත්කරණයේ රැල්ලකින් මෙම කර්මාන්තය නැවතත් ප්‍රතිනිර්මාණය වන අවස්ථාවේදීය. නවකයින් හා විද්‍යුත් විකල්ප නිෂ්පාදන පිරුණු වෙළඳපොළක, ප්‍රශංසනීය SUV නිෂ්පාදකයෙකුගේ සිට තිරසාර සංචලනයේ නවෝත්පාදකයෙකු දක්වා සන්නාමයේ පරිණාමය මූර්තිමත් කරන මෙම මෝටර් රථ වර්ග දෙක තුළ Kia උරුමයේ හා නවෝත්පාදනයේ වටිනාකම් මනාව මුසු වී ඇති බව සමාගම පවසයි.
“අද මෙම එළිදැක්වීම, ලෝක දෙකක් අතර පාලමක් හා සමානයි. එය ශ්‍රී ලංකිකයින්ට හුරු පුරුදු විශ්වාසනීය Kia උරුමය සහ අප සමාගමේ ගෝලීය දිශානතිය නිර්වචනය කරන නිර්භීත වූත්, විද්‍යුත්කරණය වූත්, අනාගතය අතර සබැඳියාව මනාව සංකේතවත් කරනවා. Sorento Hybrid රථය සන්නාමයේ වටිනාකම් ඉදිරියට ගෙනයන අතර EV5 රථය Kia හි පූර්ණ විද්‍යුත්කරණය කරා යන ගමනේ නව පරිච්ඡේදෙයක් අරඹනවා” යැයි Kia මෝටර්ස් (ලංකා) සමාගමේ සභාපති මහේන් තම්බයියා මහතා උත්සවය අමතමින් පැවසීය.
වෙළඳපලේ ඇති Kia අභ්‍යන්තර දහන එන්ජින් මාදිලි සහ Kia Motors විසින් දැනටමත් හඳුන්වා දී නව ඇති Sportage, Sorento සහ Carnival වාහනවලට අමතරව නව Hybrid මාදිලි තුනක් මෙන්ම, EV9, EV6 සහ EV5 විද්‍යුත් වාහනවලට අමතරව 2026 දී නව විද්‍යුත් රථ මාදිලි තුනක්ද ඉදිරිපත් කරන බව ඔහු තවදුරටත් අනාවරණය කළේය.
ශ්‍රී ලංකාවේ උසස්ම SUV කාණ්ඩය වන ‘D’ කාණ්ඩයේ ජනප්‍රිය නාමයක් වන Kia Sorento, හැකියාව හා සුවපහසුව අතින් ප්රමුඛ පෙලේ යුරෝපීය හා ජපන් වෙළඳ නාම සමඟ තරඟ කරන අතර බහුකාර්ය, ඉහළ කාර්යසාධනයක් සහිත SUV රථයක් ලෙස එහි කීර්ති නාමය ගොඩනගාගෙන ඇත. පස්වන පරම්පරාවේ 2026 Sorento Hybrid (HEV) රථය මෙම උරුමය ඉදිරියටම ගෙන යන අතර, නිර්භීත පෙනුම, උසස් දෙමුහුන් තාක්ෂණය සහ කැපී පෙනෙන අභ්‍යන්තර සැලැස්ම යන සියල්ල ඒකාබද්ධ කරමින් බුද්ධිමත් මෙන්ම, සහජ රිය පැදවීමේ අත්දැකීමක් ලබාදෙයි.
එහි සංකීර්ණ ස්වරූපයේ සිට එහි දෙමුහුන් හදවත දක්වා 2026 Sorento Hybrid රථය රියදුරාට පහසු වන ලෙස සැකසූ නවෝත්පාදනයන් හා තිරසාර ක්‍රියාකාරීත්වය සඳහා Kia හි කැපවීම පිළිඹිඹු කරයි. එය නව යුගයක් වෙනුවෙන් පරිණාමය වූ ප්‍රතිනිර්මාණය කළ මූර්තියක් බඳුය.
Sorento රථය සමඟින් එළිදක්වන Kia EV5 රථය ශ්‍රී ලංකාවේ වෙළඳපලට එම සන්නාමයේ පළමු විද්‍යුත් රථ මාදිලියේ හඳුන්වා දීම වන අතර, එය Kia හි පූර්ණ විද්‍යුත්කරණ නිෂ්පාදනයේ අනාගතයට තබන එඩිතර පියවරකි.
බහුකාර්ය හැකියාව, උසස් තාක්ෂණය සහ ප්රමුඛ පෙලේ කාර්යක්ෂමතාව මනාව මුසු වූ නව පරම්පරාව සඳහාම නිර්මාණය වූ සංයුක්ත SUV රථයක් ලෙස නම්කර ඇති EV5 රථය මගින් එදිනෙදා ගමනේදී විද්‍යුත් රිය පැදවීම කෙතරම් අගනේ ද යන්න නැවතත් අර්ථ දක්වයි.
එහි කාර්යසාධන ලක්ෂණ එහි හැකියාවන් මනාව සනාථ කරයි. EV5 හි සම්මත මාදිලියේ 64kWh බැටරිය සහ 160kW මෝටරය මගින් එක් ආරෝපණයකට කිලෝමීටර 400ක් දක්වා පරාසයක් ලබා දෙන අතර, දිගු දුර මාදිලියේ දී මෙය කිලෝමීටර 555ක් දක්වා වැඩි වේ.
“EV5 හුදෙක් Kia හි ගෝලීය විද්‍යුත් මාදිලි පෙළෙහි තවත් එක් නිෂ්පාදනයක්ම වන්නේ නැහැ” යැයි තම්බයියා මහතා පැවසීය. “එමගින් නියෝජනය වන්නේ ධාවනය පිළිබඳව ඇති අපගේ දැක්මේ දිශානතියයි. එනම් කාර්යක්ෂම, රියදුරුට ගැලපෙන සහ භාවාත්මක බව යන ගුණාංගයි. ශ්‍රී ලංකාවට EV5 මාදිලිය පැමිණීම එක් හඳුන්වා දීමක් නොවෙයි. එය Kia හි විද්‍යුත් අනාගතය මෙරටට පැමිණ ඇති බවට වන නිමිත්තක් වෙනවා.”
මෙම ද්විත්ව එළි දැක්වීම මගින් Kia මෝටර්ස් ලංකා සන්නාමයේ අතීතය සමඟ එහි විද්‍යුත් අනාගතය සම්බන්ධ කරයි. 2026 Sorento Hybrid රථය Kia හි බලවත් වූත්, ජනතා කේන්ද්‍රීය වූත් SUV රථවල උරුමය පිළිඹිඹු කරන අතරම, EV5 රථය බුද්ධිමත්, සම්බන්ධිත විද්‍යුත් ධාවනයේ නව යුගය නියෝජනය කරයි. සමස්තයක් ලෙස, ශ්‍රී ලංකේය මෝටර් රථ හිමියන් හට විලාසිතාව, හරය සහ තිරසාරභාවය ඒකාබද්ධ වූ වාහන ලබා දීමට Kia හි ඇති දිගුකාලීන කැපවීම මෙම නව මාදිලි වලින් මනාව පෙන්නුම් කරයි.
එහි නිෂ්පාදනවල ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ නවෝත්පාදනය පිළිබඳව සන්නාමයේ ආත්ම විශ්වාසය අවධාරණය කරමින් මාදිලි දෙක සඳහාම Kia වෙතින් වසර පහක හෝ කිලෝමීටර 150,000ක වගකීමක් (මෙයින් පළමු සිදුවීමට) සහ EV5 බැටරියට වසර අටක වගකීමක් ලබා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                