2025 CMA සම්මාන උළෙලේදී ජනශක්ති ෆිනෑන්ස් ඇගයෙයි
ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, 11 වැනි CMA වාර්ෂිකඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන දෙකක් සමඟ ගෞරවයට පාත්‍ර විය.
මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් හිදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. මින් පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී ලෙස හැඳින්වුණු ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය JXG හි (ජනශක්ති සමූහයේ) අනුබද්ධිත ආයතනයකි. මෙම සම්මාන උළෙලේදීජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, මූල්‍ය සහ කල්බදු අංශයේ හොඳම ඒකාබද්ධ වාර්තාව සඳහා ප්‍රථම අනුශූරතාව (සාමූහික) දිනාගත් අතර, ඒකාබද්ධ වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය සඳහා වන කුසලතා සම්මානයද දිනාගැනීමට සමත් විය.
ජනශක්ති ෆිනෑන්ස් හි වාර්තාකරණයේ ඇති විනිවිදභාවය සහ සවිමත් නායකත්වයත්, බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) අංශය තුළ ප්‍රමිති තත්ත්වයන් වඩාත් ඉහළ නැංවීම සඳහා ආයතනය දරණ අඛණ්ඩ උත්සාහයත් මෙම ජයග්‍රහණ ඔස්සේ ඉස්මතු වේ.
ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් සංවිධානය කරන ලද, කොළඹ කොටස් හුවමාරුව විසින් වාර්ෂිකව සහාය දක්වන CMA සම්මාන උළෙල මගින්, මූල්‍ය සහ මූල්‍ය නොවන කාර්ය සාධනයන් ඉදිරිපත් කිරීමේදී සුපැහැදිලිත්වයක්, නිරවද්‍යතාවයක් සහ මනා වගවීමක් පෙන්නුම් කරන ආයතනඇගයීමට ලක් කරයි.
තිරසාර කාර්ය සාධනය, මනා පාලන පිළිවෙත් සහ දිගුකාලීන උපායමාර්ගික පියවර සමඟ එහි මූල්‍ය ප්‍රතිඵල ඒකාබද්ධ කිරීමට ගන්නා ලදපුළුල් ප්‍රවේශය හේතුවෙන්ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය මෙහිදීකැපී පෙනුණි.
ආයතනයට ලැබුණුමෙම ගෞරවය සහ ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී සිතම්බරම් ශ්‍රී ගණේන්ද්‍රන් මහතා පැවසුවේ, “CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී නැවත වාරයක් ඇගයුමට පාත්‍ර වීමට ලැබීම ආයතනයක් ලෙසට අපට මහත් ගෞරවයක්. මෙම සම්මානයන් ඔස්සේ, විනිවිදභාවයක් සහවගකීම්සහගත නායකත්වයක් පවත්වා ගැනීමටත්, එසේම අපගේ සියලුම කොටස්කරුවන්ට අර්ථාන්විත අගයක් ලබා දීමටත්අප දක්වන කැපවීම පිළිබිඹු වනු ඇති. මෙම ජයග්‍රහණ ලබා ගැනීමට ආයතනයට ඉඩ හසර ලබා දෙමින්, සිය ප්‍රවීණත්වය ලබා දීමෙන්,වෙහෙස මහන්සියෙන් සහ මනා කැපවීමෙන්සේවය කරන්නා වූ අපගේ කාර්ය මණ්ඩලයට මම අවංකවම ස්තූතිවන්ත වෙනවා” යනුවෙනි.
ජාත්‍යන්තර ඒකාබද්ධ වාර්තාකරණ කවුන්සිලය (IIRC) විසින් ප්‍රවර්ධනය කරන ලද ගෝලීය ප්‍රමිති රාමුවලට අනුකූලව ජනශක්ති ෆිනෑන්ස් ආයතනය විසින් අඛණ්ඩව සිය වාර්තාකරණ පිළිවෙත් පවත්වා ගනී. එසේම, ආයතනයේ අනාවරණයන්, අදාළ වන ලෙසින්, ප්‍රවේශ විය හැකි ලෙසින් සහ සිය කොටස්කරුවන්ව අවධානයට ගනිමින්සිදු කෙරෙන බවද ආයතනය සහතික කරයි. මෑතකදී 2024 TAGS සම්මාන උළෙලේදීදජනශක්ති ෆිනෑන්ස් ආයතනය විසින් ඒකාබද්ධ වාර්තාකරණයේ සහ පාලන අනාවරණය කිරීම් වල විශිෂ්ටත්වය සඳහා ලෝකඩ සම්මානයක් සහ ඇගයීම් සහතික කිහිපයක් ලබා ගත් අතර, CMA සම්මාන උළෙලේදී වඩාත් ගෞරවයට පාත්‍ර විය.
මනා විනිවිදභාවයක් පවත්වා ගැනීමවෙනුවෙන් සහ වටිනාකම් නිර්මාණය කිරීම වෙනුවෙන් පැහැදිලිවම කැපවී සිටිනජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, තම පාර්ශවකරුවන්ගේ ජාලයේ විශ්වසනීයත්වය සවිබල ගන්වමින්, විශිෂ්ට ඒකාබද්ධ වාර්තාකරණයේ ප්රමුඛයෙකු ලෙස ස්ථිරසාරව ස්ථානගත වී සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

